ශවේන්ද්‍රගේ මෙහෙයුමෙන් චැනල් ෆෝ කටවල් වැ

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ශවේන්ද්‍රගේ මෙහෙයුමෙන් චැනල් ෆෝ කටවල් වැ

    විදේශීය තානාපතිවරුන් හමුවේ චැනල් ෆෝ වීඩියෝ චිත්‍රපටය තිරගත කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ ක්‍රයිම් ගෘප් සොසෙයිටි නමැති එන්.ජි.ඕ. සංවිධාන සහ එකී චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ පෙරේදා (21 දා) දහවල් නිව්යෝර්ක්‌හි දේවස්‌ථාන මධ්‍යස්‌ථානයේ දී දැරූ උත්සාහය මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ව්‍යර්ථ කර ඇත.මෙම සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය තිරගත වී ප්‍රශ්න අසන අවස්‌ථාවේ ජනරාල්වරයා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ අවහිරතා නොතකා ශාලාවට අවතීර්ණ වී තිබේ.

    මේ වන විට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්‌වමින් සිටි එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන චැනල් ෆෝ චිත්‍රපටය ගැන ප්‍රතිචාර දැක්‌වීමට සුදුසුම නිලධාරියා ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යෑයි ප්‍රකාශ කර ඇත.

    එම අවස්‌ථාවේදී චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ සිය චිත්‍රපටය ගැන සාවද්‍ය තොරතුරු දැක්‌වීමට සූදානම්ව සිටි අතර ජනරාල්වරයා දැකීම නිසා බරපතල අපහසුතාවකට මුහුණපා තිබේ.

    "චැනල් ෆෝ" චිත්‍රපටයේ දර්ශනයක ගුවන් හමුදාව කැලෑවකට බෝම්බ දමන බව දැක්‌ වෙනවා. නමුත් තුවාලකරුවන් සිටින්නේ එළිමහනකයි. මේ දර්ශන එක්‌සත් ජාතීන්ගේ චන්ද්‍රිකා ඡායාරූපවලින් ලබාගත් බව පසුබිම් කථනයේ යෙදෙන තැනැත්තා පවසනවා. නමුත් දර්ශනයේ කෙළවර එම දර්ශන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාගත් දර්ශන යෑයි පෙන්නුම් කරනවා. මෙය මුළුමනින්ම විකෘති කිරීමක්‌ යෑයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය. එසේම චැනල් ෆෝ චිත්‍රපටයේ දමිල්වානි ඥන කුමාර් නමැත්තිය යුද අපරාධ සම්බන්ධව කරන ප්‍රකාශය සාවද්‍ය යෑයි දක්‌වමින් ඇය කොටි ත්‍රස්‌තයන් සමග එක්‌ව කටයුතු කළ තැනැත්තියක්‌ යෑයි ශවේන්ද්‍ර සිල්වා මහතා සාධක සහිතව තහවුරු කර ඇත.

    මේ දමිල්වානි නම් දෙකකින් පෙනී සිටියා. ඇගේ වැඩිමහල් සොයුරිය කළ ප්‍රකාශ අප සතුව තිබෙනවා. දික්‌කසාද වූ තැනැත්තියක්‌ වූ දමිල්වානි බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වූ බව වැඩිමහල් සොහොයුරිය පවසනවා. මාස 6 ක වීසාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇය කොටි කඳවුරක සිටියා. කොටි රෝහලකට ඇය සිටින අයුරු දැක්‌වෙන වීඩියෝ පට අපට හමුවුණා යෑයි ජනරාල්වරයා ප්‍රකාශ කිරීම නිසා චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේට කට උත්තර නැතිවී තිබේ.

    මෙහිදී නැගී සිටි මැක්‌රේ "ඔබ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාක්‌ෂි නුදුන්නේ මන්දැයි" ජනරාල් සිල්වාගෙන් ප්‍රශ්න කළේය.

    "මම දෙවරක්‌ සාක්‌ෂි දුන්නා. ඒ සාක්‌කි අන්තර්ජාලයේ තිබෙනවා. ඔබගේ නොදන්නා කමට මට කරන්න දෙයක්‌ නැහැ. මාධ්‍ය සදාචාරය ගැන කතා කරන ඔබලා රාජ්‍ය විරෝධීන්ගේ උපක්‍රමවලට ගොදුරු වී තිබෙනවා" යෑයි ඊට ප්‍රතිචාර දැක්‌වූ ජනරාල්වරයා කියා සිටියේය.

    මේ ප්‍රකාශයත් සමගම සභාවේ සිටි විදේශ තානාපතිවරු අත්පොළසන් දී ඇත.

    චැනල් ෆෝ අධ්‍යක්‌ෂ කැල්ලම් මැක්‌රේ ඒ සමගම නිහඬ වී තිබේ.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙන්න වීඩියෝ එක



    Great Work by Maj.Gen. Shavendra Silva...


    ඔන්න ඔහොම තමයි අපි මේක බොරුවක් කියලා ඔප්පු කරල පෙන්නන්න ඕන. එහෙම නැතුව රට ඇතුලෙ මරාගෙන එකිනෙකාට චෝදනා කරගෙන වැඩක් නෑ.පුළුවන් නම් රජය මැදිහත් වෙලා ජාත්‍යන්තර සංවිධානවලට මේක ගැන හරියට දැනුවත් කිරීමක් කරන්න ඕන.. :yes::yes:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙන්න වීඩියෝ එක


    Great Work by Maj.Gen. Shavendra Silva...


    ඔන්න ඔහොම තමයි අපි මේක බොරුවක් කියලා ඔප්පු කරල පෙන්නන්න ඕන. එහෙම නැතුව රට ඇතුලෙ මරාගෙන එකිනෙකාට චෝදනා කරගෙන වැඩක් නෑ.පුළුවන් නම් රජය මැදිහත් වෙලා ජාත්‍යන්තර සංවිධානවලට මේක ගැන හරියට දැනුවත් කිරීමක් කරන්න ඕන.. :yes::yes:

    :yes:video එකට තැන්ක්ස් මචන්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    niyamai onna niyama minissu..anith ayath deshapalanaya hinda sudu kodi kalu kodi gana katha nokara me wage hitiyanam oya channel 4 la kale.ape minissuma kulal ka ganna kota unta raja magul
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    ශවින්ද්‍ර සිල්වා වීරයාට ජයවේවා !
    000204AE.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ඔප්පු වෙන්නෙ ලස්සනට විඩියෝඑක බොරැ කියල ,දැන් මම හිතන්නෙ මේක බලාගෙන ලංකාවෙ පරික්ෂන තියන්ඩ ඔනෙ, රණවිරැවො මානව හිමිකමි උල්ලන්ගනය කරා,විඩියෝ එක බොරැ නෙමේ, ලංකාවෙ අණ්ඩුවත් එක්ක තරහට ලික් කරපුව, අරවද මෙවද කියල කැගහපු ltte හිතවාදි අපේ උන් ටිකත් අතුගැවෙලාමයයි.:D
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    දේශපාලන කාඩ්බොඩ් වීරයොන්ට හොද ආදර්ශයක් :yes:

    ජයවේවා
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කෝ දැන් අර පුලස්තියා නොහොත් පුලා. පුලාගේ කට පුලා රික වෙලා ඇති දැන්.
    (http://elakiri.com/forum/showthread.php?p=10436042)


    ඔන්න මිනිස්සු. හදවතින්ම ආචාර කරනවා ඔබට ෂවේන්ද්‍ර සිංහයානෙනි
     
    Last edited: