ශ්‍රියන්ත මෙන්ඩිස් නම් නළුවා
මචන් මම අසාම කරන නළුවෙක් බන් ශ්‍රියන්ත . මු පට්ට නළුවෙක් නේද. හැබැයි මල ගෙදරකදී මට හම්බ උනා දවසක් .. මම හිනා උනා .. මු අහක බලන් ගිය බන්

රංගන ශිල්පියෙකුට සහජයෙන් ලැබෙන රංගන ප්‍රතිභාවට ශ්‍රියන්ත මෙන්ඩිස් ඉතාම හොඳ නිදසුනක් වෙනවා. ශ්‍රියන්ත දශක තුනක් තිස්සේ ටෙලි තිරයේ විවිධ චරිත රඟපාමින් තම රංගන ප්‍රතිභාව පෙන්වන්නේ අසීමිත ප්‍රේක්ෂක ප්‍රසාදය මැද්දෙයි.
මංගල තෑග්ග, උමයංගනා, විමුක්ති, මිල්ල සොයා, බඹර වළල්ල, ඇහැලේපොල, මහරජ ගැමුණු වැනි සිනමා කෘතීන් තුළද ඔහු දැක්වූ ප්‍රතිභාව විස්මිතයි. සම්මාන පිට සම්මාන ලැබූ ශ්‍රියන්ත, මේ සියලු විස්කම්වලට මඟ පෑදූ පළිඟු මැණිකේ ටෙලිනාට්‍යය ගැන සිහිපත් කරන්නේ අසීමිත සතුටකින්. “සූරසේන” ගෙන් ඇරඹි සිය රංගන දිවියේ, හැරවුම් ලක්ෂ්‍යය පිළිබඳව ශ්‍රියන්ත මෙන්ඩිස් තැබූ සටහන මෙවර ‘රිද්ම’ තුළින් ඔබ හමුවට....
කෙනෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මගේ රංගන දිවියේ මූලාරම්භයේදීම සිදුවුණා. මහා පරිචයක් ලබමින්, රංගන පෞරුෂය දියුණු කරගන්න එදා අපිට තිබුණේ වේදිකාව පමණයි. වේදිකාව රංගන ශිල්පියෙකුට මහා ඥානයක් ලබාදෙනවා. සිනමාව සහ වේදිකාව අතර දෝලනය වූ අපේ කලා නිර්මාණ අතරට රූපවාහිනිය පැමිණෙන්නේ 1982 දී. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට එය වෙනස්ම අත්දැකීමක් වුණා. පුංචි තිරයකින් නාට්‍ය නරඹන්න රසිකයා පුරුදු වුණු මුල්ම වකවානුවෙයි “පළිඟු මැණිකේ” ටෙලිනාට්‍යය විකාශය වුණේ. මුල්ම ටෙලි නාට්‍ය අතර තුන්වන තැනට විකාශනය වුණේ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයයි.
මට නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ ජැක්සන් ඇන්තනී නිසයි. ඔහු තමයි මට පළිඟු මැණිකේ නාට්‍යයේ සූරසේනගේ චරිතය හඳුන්වා දුන්නේ. සෝමවීර සේනානායකගේ තිර පිටපතේ ලියැවුණු “සූරසේන” ගේ චරිතය මට එක්තරා අයුරකින් අභියෝගයක් වුණා. මං වෘත්තියෙන් ගුරුවරයෙක්. නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වී සිටියත් මෙවන් ටෙලි කතාවකට පණ පොවන්න දෙවරක් හිතන්න වුණා. සූරසේන තරමක කළු චරිතයක්. රස්තියාදුකාරයෙක් වගේම මිනිසුන්ව රවටන. අමුතු වචන භාවිත කරන, එවන් චරිතයකට මම එන එකේම කිසියම් අවදානමක් තිබුණා. ඒත් මම හුඟාක් කැමැත්තෙන් ඒ චරිතය බාර ගත්තා.
නළුවෙක් විදියට මට වගේම අනිත් නළු නිළියන්ටත් එදා ටෙලි නාට්‍යයක රඟපෑමේ අත්දැකීමක් නොතිබුණු බව රහසක් නොවෙයි. මම මුලින්ම අධ්යක්ෂ ධම්ම ජාගොඩයන්ගෙන් ඇහුවේ නාට්‍යයේ රඟපාන්නේ කොහොමද කියන එකයි. ටෙලිනාට්‍ය කැමරාව කියන්නේ අපට අලුත්ම දෙයක්. මේ වගේ එදා කැමරාව තාක්ෂණයෙන් දියුණු වෙලත් තිබුණේ නැහැ. නමුත් කැමරාව අපිට විශේෂ මෙවලමක් වුණා. එදා කැමරා ශිල්පියා විදියට හිටියේ රුවන් විජේසේකර. ඔහු තමයි සමීප රූප, දුරස්ථ රූප, අති සමීප රූප ගැන මට කියලා දුන්නේ. පුංචි ළමයෙක් පාඩමක් අහනවා වගේ මමත් ඉතින් කැමරාව මෙහෙයවන හැටි ඉගෙන ගත්තා. රුවන් දැන් ඉන්නේ ලන්ඩනයේ බි.බි.සී. සේවයේ.
ඔය විදියට තමයි මම කැමරාවක් ඉදිරියේ සූරසේනට මුලින්ම රඟපාන්න ගත්තේ. දැන් නම් හිතනකොටත් පුදුමයි. පොඩි දරුවෝ වගේ අරක මොකක්ද, මේක මොකක්ද කියලා ප්‍රශ්න කරමින් රඟපාපු “පළිඟු මැණිකේ” මගේ ජීවිතයම වෙනස් කළා. සූරසේන කියන චරිතය තුළින් එක රැයෙන් මම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයේ තරුවක් වුණා කිව්වොත් හරි. කොයිතරම් කපටි වංචාකාරයෙක් වුණත් සූරසේනට මිනිස්සු වසඟ වුණා. “පට් පට් ගාලා සම්තින් හොයන්න” මේ වචන රසිකයන්ගේ එදිනෙදා බස් වහරට එකතු වුණේ නොදැනීම.
ලංකාවේ එදා ප්‍රවීණ වේදිකා නළු නිළියන් වූ මැණිකේ අත්තනායක, ජැක්සන් ඇන්තනී, අනුර බණ්ඩාර රාජගුරු වගේම රෝහණ බැද්දගේ කියන විශිෂ්ට රංගන ශිල්පියාත් ප්‍රධාන චරිත අතර හිටියා. විදෙස් ගතවීම මේ වගේ ව්‍යාප්ත වෙලා නොතිබුණත්, සූරසේන විදෙස්ගතව සිට එන්නේ අරුමෝසම් ලෝකයක් මවා පාමින්. ඒ චරිතයට ප්‍රේක්ෂකයන් බද්ධ වෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති කියලා හිතෙනවා.
මේ ජනප්‍රියත්වය ලබද්දී මම අවිවාහකයි. ඒ දවස්වල මම හිටියේ රාගම අපේ මහගෙදර. නාට්‍ය තිරගත වෙන කාලය තුළ රසික රසිකාවියන් මට දිගටම ලියමින් මගේ චරිතය හා බැඳී සිටියා. දවසක් අපේ ලියුම්කරු ඇවිත් මට කිව්වා මහත්තයා කාර්යාලයට ඇවිත් ලියුම් ගෙනියන්න. එච්චර ගොඩක් ලියුම් මට තනියම ගේන්න බැහැ කියලා. රාගම තැපැල් කාර්යාලයට ගියාම මම දැක්කේ විශාල ලියුම් ගෝනියක් මගේ නමට වෙන්කරලා තියෙනවා. ලියුම් ටික වාහනයක දාගෙන මං ගෙදර ගෙනාවා. ගෝනියක් පිරෙන්න තිබුණු ලියුම් සේරම මම කියෙව්වා. ආදරේ වගේම වැඩියෙන්ම දොස් තමයි කියලා තිබුණේ. සූරසේන රසිකයන්ට කොයිතරම් බැඳිලාද කියලා මට එදා තමයි තේරුම් ගියේ.
එක ලියුමක මෙහෙම ලියලා තිබුණා.
පළිඟු මැණිකේ බිහිකළ වීර පුතාට,
මමත් ඉතින් හරිම ආසාවෙන් කියවන්න ගත්තා.
මටත් ඔයා වගේම පුතෙක් ඉන්නවා. හරියටම උඹ වගේමයි. හැබැයි මගේ පුතා උඹ වගේ රස්තියාදුකාරයෙක් නමෛයි. මගේ පුතා හොඳ පුතෙක්.
කවුරු හරි අම්මා කෙනෙක් කේන්තියෙන් ලියලා තිබුණේ. එයාගේ පුතා වගේ රූපය තිබුණු මම නාට්‍ය තුළදී වැරදි වැඩ කරන එක එයාට දරාගන්න බැරිව තමයි එහෙම ලියලා තිබුණේ.
දවසක් කොටුව දුම්රිය පොළේදී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් විය යුතුයි මගේ ළඟට ආවා. “දැන් නම් මං ළඟ ඔයාට දෙන්න කියලා මුකුත්ම නැහැ, ඒත් සූරසේනට කුඩු පැකට් එකක් දෙන්න නම් පුළුවන්” මට මුකුත්ම හිතාගන්න බැරිවුණා. හැබැයි මට ඒ තරුණයා ගැන තරහක් ආවේ නැහැ. මේ මිනිස්සු මට මේ තරම් ආදරය කරන්නේ කොහොමද කියන හැඟීමෙන් මං තෘප්තිමත් වුණා.
දවසක් මං බස් එකේ යද්දි, හැඩිදැඩි පුද්ගලයෙක් පෙනුමෙන් චණ්ඩියෙක් වගේ, මට ටිකක් බයකුත් ආවා, මගේ ළඟටම ඇවිත් ටික වෙලාවක් බලන් ඉඳලා අත ඔසවා මහපට ඇඟිල්ලෙන් සංඥා කළා. ඒ කිව්වේ නියමයි කියලා. ඊට පස්සේ බස් එකෙන් ඔහු බැහැලා ගියා. මට නළුවෙක් විදියට ලැබුණු හොඳම ප්‍රතිචාරය තමයි ඒ.
රසිකයන්ගේ ආදරය වගේම දෝෂාරෝපණයත් ලැබුණු සූරසේන අදටත් ජනතාව අතර ජනප්‍රියයි. සමහර අය මට තාමත් අමතන්නේ සූරසේන කියලා. හික්කඩුව කුමාරකන්ද වැනි ප්‍රදේශවල රූපගත කළ පළිඟු මැණිකේ කොයිතරම් මිනිස්සුන්ට මතකද කියනවා නම්, දශක තුනක් ඉක්ම ගොස් ඇතත් අදටත් ඒ ප්‍රදේශයට ගියාම සූරසේනව බලන්න පැරණි රසිකයෝ එනවා.
පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයෙන් පසුව මට බොහෝ ටෙලිනාට්‍ය ලැබුණා. ඒ අතර වූ දඬුබස්නාමානය, බෝගල සවුන්දිරිස් වැනි නිර්මාණ මගේ රංගන දිවියේ සුවිශේෂී සටහන් වූවා. නමුත් පළිඟු මැණිකේ තුළ සිටි “සූරසේන” නිසා මට මේ සියලු ගෞරව ලැබුණු බව කියන්න ඕන. නළුවෙක් විදියට ස්ථාවර වෙන්න, සම්මානයට පාත්‍ර වෙන්න, ඇගයීමට ලක්වෙන්න සියලු ඉඩ ප්රස්ථා ලැබුණේ සූරසේනට රසිකයන්ගෙන් ලැබුණු අසීමිත ජනප්රියත්වයයි. මං රංගන ශිල්පියෙක් විදියට ලබපු ස්ථාවරත්වයේ අත්තිවාරම දැමූ සූරසේනට ප්‍රේක්ෂකයෝ විතරක් නමෛයි මමත් ආදරෙයි. ධර්මා මොහොට්ටාල