ශ්‍රි පාදස්ථානය..............
මුහුදු මට්ටමේ සිට මීටර් 2265කින් යුත් මෙම කන්ද ලොව පුරා ජනතාවගේ ගෞරවාදරයට පාත්රන වී ඇත්තේ බුදු හිමිගේ සිරිපතුල මෙහි පිහිටුවා ඇති බවට විශ්වාසයක් පවතින හෙයිනි. කෙසේවෙතත් හින්දු භක්තිකයින් මෙහි ශිව දෙවියන්ගේ පාදය ඇති බවත්, එම නිසා 'ශිවනොලිපාදම්' ලෙසත්, ඉස්ලාම් භක්තිකයින් ආදම්ගේ පාද සටහන ඇති නිසා 'ඇඩම්ස් පීක්' ලෙස හඳුන්වයි. ශ්රීො ලංකාවට අමතරව ලොව සිරි පතුල් පිහිටා ඇති රටවල් අතර කැනඩාව, අරාබිය, තුර්කිය, පර්සියාව ප්රහධාන වේ.මලය දේශයේ පාලකයා වූ සුමනගේ ආධාරයෙන් බුදු හිමියන් සමනල ගිරට වැඩම කර එහි වම් සිරිපා පිහිට වූ බව ජනශ්රැපති ගතව ඇත. මෙම සුමන නම් පාලකයා සබරගමු පෙදෙසට අධිපති ලෙස සැලකෙන ශ්රී සුමන සමන් දෙවිඳුයි. අතීතයේ ප්රතධාන මාර්ගය ලෙස රත්නපුර මාර්ගය හැඳින් වුවඳ කුරුවිට හා නල්ලතන්නි මාර්ගය ද පුරාණයේ සිට තිබී ඇත. වර්තමානයේ දේව ප්රධතිමාව වැඩමවන්නේ ද හැටන් මාර්ගය ඔස්සේය. සුමන සමන් දෙවියන්ගේ අනුහස් සහිත ශ්රී පාදස්ථානය බැතිමත්හු ගෞරවයෙන් හා භක්තියෙන් යුක්තව වන්දනා කිරීමට පෙළඹී සිටිති. මෙහිදී භාවිත වන වාක් මාලාව ද සුවිශේෂී වේ. වන්දනා කණ්ඩායම 'නඩය' ලෙසද, එහි නායකයාට නඩේ ගුරුන්නාන්සේ ලෙසද , සිරිපා නැමදීම සඳහා ගමන් කිරීම 'කරුණා කිරීම' ලෙසත් හඳුන්වයි. මුල් වරට සිරීපාදය වන්දනා කරන්නන් 'කෝඩු කාරයන්'ය. ඔවුහු ද වර්ග දෙකකි. බාල අය 'කිරි කෝඩු' ලෙසත්, වැඩිහිටි අය 'දඩු කෝඩු' ලෙසත් හැඳුන්වයි. අතීතයේ සංචාරක වෙළෙඳාම් හේතුවෙන් ඈත පෙරදිගවැසියන් පවා ශ්රීර පාදස්ථානය පිළිබඳ තොරතුරු දැනගෙන ඇත. එමෙන්ම වෙනත් සංචාරකයින් පැමිණීමද සිදු වූ බව පැරණි වාර්තාවලින් හෙළිවේ. හියුං ශියෑන් හිමි, පාහියන් හිමි, වෛද්යම ජොන් ඩේව්, ආර්.එල්.බ්රාි්හියර්, රොබට් නොක්ස්, ආදීන්ගේ වාර්තාවල ශ්රීරපාදස්ථානය පිළිබඳ සඳහන් කර ඇති තොරතුරු මෙහිදී වැදගත් වේ. අතීතයේ සිටම ශ්රී. පාදස්ථානය ජනාදරයට පත්වීමට හේතුපාදක වූ තවත් කරැණක් වනුයේ එහි පිහිටීම, ස්වභාව සෞන්දර්ය හා සමන් දෙවියන් පිළිබඳ වූ විශ්වාසයන්ය. සමනලගිර හා ශ්රීත පාදස්ථානය ශ්රීා ලංකාවාසී අපට ගෙන දෙන්නේ ඉමහත් ආඩම්බරයකි. එහෙයින් අනාගත ලෝ වැසි ජනයාට මෙය උරුම කර දීමට කටයුතු කිරීම අප කාගේත් යුතුකමක් හා වගකීමක් වේ. එහෙයින් ස්වභාව සෞන්දර්යට හානි නොවන පරිදි සිරිපා වන්දනා කිරීම වර්තමාන බැතිමතුන්ගේ යුතුකමක් වනු ඇත.
Credit goes to (Aape Urumee.අපේ උරැමේ)
Repostනම් සොරි....
හොඳනම් සලකල යන්න..........