ශ්‍රි ලංකාවේ පළමු ක්‍රිකට් සැමරුම් කැසට් පටය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    obzYPw2.jpg


    නැසිගිය ප්‍රවින සංගීතඥ සහ ගායක ක්ලැරන්ස් විජේවර්ධන යනු ඉතාමත් තද ක්‍රිකට් ලෝලියෙක්.ඉතින් ඔහු 1981 ලංකාවට ටෙස්ට් වරම් ලැබුනු වෙලේ තිරණයක් ගත්තා මේ අවස්ථාව සිහි වෙන්න සහෝදර සංගිත ශිල්පියෝත් සහභාගි කරගන කැසට් පටයක් කරන්න,ඔහු එය 1982 වර්ශයෙදි Test Cricket Souvenir නමින් ඔහුගේම සංගීත ලේබලය වන මදාර ලේබලයෙන් නිකුත් කරනවා,මදාර නමින් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට සංගීත කණ්ඩායමකුත් තිබුනා ටික කලක්,ඔහුට යම් දෛවඥයෙක් පවසලා තියනවා මේ නම ඔහුට වාසනාව උදාකරනවා කියල,ඉතින් එ හෙතුව නිසාම වෙන්න ඔනේ ඔහු මදාර මල් කියලත් ගීතයක් කලා.තණ නිල්ල දිගේ යනවා කියන ගීතයක් මේ ඇල්බම් එකේ තමයි ආවේ,මේක මම Digitize කරපු ඇල්බම් එකක් නෙමෙයි - මෙහි තියන ගීත වල ශ්‍රව්‍ය තත්වය 100% නැති උනත් ඇසිය හැකි මට්ටමකට තියනවා.


    ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ මෙයත් කොටසක් නිසයි පල කරන්න සිතුනේ.

    https://www.mediafire.com/file/mkv4za8f2i8u558/Test+Cricket+Souvenir_Madara.rar/file
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    lAbHYSz.jpg

    oOTDyYa.jpg


    තණ නිල්ල දිගේ ඇදිලා යනවා
    සිත මා පිරිලා..
    දහසක් නෙතු මා දෙස යොමු වෙනවා
    සිත මා පිරිලා..

    විදුලිය වාගේ වැදිලා
    යන විට ඈත නොපෙනී
    දෙසවන් මගෙ පිරිලා ඇසේ
    ජය ගීතිකා ගැයෙලා

    සැඩ හිරු ඈත දිලෙනා
    සුව බර මේ සැන්දෑවේ
    හස‍රැල් නගී සතුටින් වගේ
    ජය ගීතිකා ගැයෙලා
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    සමන් ද සිල්වාත් ඔය සිංදුව කියනව.
    සමන් ද සිල්වා තමයි මෙකෙත් කියන්නෙ,ඔකේ මියුසික් ක්ලැරන්ස් ගේ,ලියලා තියෙන්නෙ වර්නන් පෙරේරා...ඔය ගීතයෙන් තමයි සමන් ගොඩක් ජනප්‍රිය වෙන්නෙ නමුත් මුල් කාලයේ පුවත්පත් වලට වත් මේ ගීතය නිර්මාණකරුවෝ ගැන සමන් සඳහන් කරලා නැ........
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,175
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමන් ද සිල්වා තමයි මෙකෙත් කියන්නෙ,ඔකේ මියුසික් ක්ලැරන්ස් ගේ,ලියලා තියෙන්නෙ වර්නන් පෙරේරා...ඔය ගීතයෙන් තමයි සමන් ගොඩක් ජනප්‍රිය වෙන්නෙ නමුත් මුල් කාලයේ පුවත්පත් වලට වත් මේ ගීතය නිර්මාණකරුවෝ ගැන සමන් සඳහන් කරලා නැ........
    (y)