ශ්‍රි ලංකාවේ පළමු කැසට් සංගීත ඇල්බමය [Mp3 320kbps]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    CD ekakuth apuma kale patta gananne
    RynkSek.jpg

    8l9ZXOh.jpg

    A7eifea.jpg

    මෙන්න මේ ජාතියේ දිස්නේ ගහන සිඩි මුලින්ම ආවේ---- මම හිතන්නේ 1500-1000 වගේ ඉට පස්සෙ පෙන්ගුයින් කියන ආයතනය සිඩි රෙප්ලිකෙට් කරන්න ගත්තට පස්සෙ ගොඩක් එවා 500ට සහ අන්තිම කාලේ වගේ 250,175 වගේ විකිණුනේ,ගොඩක් 250 අඩුවෙන් නම් වික්කෙ රන්සිලු වගේ ලෙබල් වලින් ආපු එවා.දැන් නම් ඉතින් අලුතෙන් සිඩි ගහන්නෙ නැ,කොපි කඩ කාරයෝ නිසා,අනික අපි උනත් මෙහෙම ඇල්බම් රිප් කරලා ඉන්ටර්නෙට් එකේ දාපු සහ දාන නිසා නිශ්පාදකයෝන්ට වැඩේ පාඩු උනා....

    ඩවුන්ලෝඩ් බැනේ
    dan puluwan balanna machan
    ------ Post added on Feb 12, 2021 at 9:57 AM
     
    • Like
    Reactions: War Fighter

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    RynkSek.jpg

    8l9ZXOh.jpg

    A7eifea.jpg

    මෙන්න මේ ජාතියේ දිස්නේ ගහන සිඩි මුලින්ම ආවේ---- මම හිතන්නේ 1500-1000 වගේ ඉට පස්සෙ පෙන්ගුයින් කියන ආයතනය සිඩි රෙප්ලිකෙට් කරන්න ගත්තට පස්සෙ ගොඩක් එවා 500ට සහ අන්තිම කාලේ වගේ 250,175 වගේ විකිණුනේ,ගොඩක් 250 අඩුවෙන් නම් වික්කෙ රන්සිලු වගේ ලෙබල් වලින් ආපු එවා.දැන් නම් ඉතින් අලුතෙන් සිඩි ගහන්නෙ නැ,කොපි කඩ කාරයෝ නිසා,අනික අපි උනත් මෙහෙම ඇල්බම් රිප් කරලා ඉන්ටර්නෙට් එකේ දාපු සහ දාන නිසා නිශ්පාදකයෝන්ට වැඩේ පාඩු උනා....

    dan puluwan balanna machan
    ------ Post added on Feb 12, 2021 at 9:57 AM
    e kale CD kiyanne luxury badu.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg
    අඩෝ අපේ මාමා මේක දැක්කොත් පිස්සු හැදෙයි.....:D:yes:
    අපේ මාමා ඉස්සර රොකෝඩ් බාර් එකක් කරේ..:love: පොර තමයි මුළු ටවුමේම මේ සියිඩ් එකේ වැඩ්ඩා
    මට තාම මතකයි ඒ දවස් වල ගාර්මන්ට් පඩි දවස් වලට මාමට කන්න බොන්න වේලාවක්වත් නෑ කෙල්ලෝ සිංදු ලිස්ට් කොලවල ලියාගෙන එනවා සිංදු ගහගන්න...;):D ඉතින් ඔරිජිනල් කැසට් එකේන් පෑන දාලා කරකවල සිංදු තෝරලා තව කැසට් පීස් වලට ගහනවා...

    සීඩී වල ආගමනයත් එක්ක කැසට් පීස් වලට තිබ්බ ඉල්ලුම අඩු වීමත් එක්ක මාමා රෙකෝඩ් බාර් එක වහලා දැම්මා..:( මොකද පොරගේ කැමැත්ත ආසාව තිබ්බේ කැසට් පීස් එක්ක... ඒවත් එක්ක තිබ්බේ ආත්මීය බැදීමක්..:love:

    මාමගෙත් මේවගේ පරණ කැසට් පීස් එකතුවක් තිබ්බා මනුස්සයා හරි ආදරයෙන් ඒ ටික එකතු කරලා තියාගත්ත :love: ඒත් කරුමේ කියන්නේ ඒ සේරම සුනාමියට ගහගෙන ගියා ගෙදරත් එක්කම :(:(

    දැනුත් ගෙදර හෙන කැසට් රෙකෝඩර් සෙට් එකක් තියාගෙන ඉන්නේ, මේ දවස් වල ඒකක කෑල්ලක හොය හොයා ඉන්නවා රට පුරාම :P
     
    ඔව් මචං ඉස්ස්සර රේකොර්ඩ් බාර් වලට තිබුන ඉල්ලුම කොච්චරද කිව්වොත් එ කඩවල වැඩ කරන්න යාලු වෙලා ඉන්න කෙල්ලෝ හිටන් එනව,එච්චරටම ටවුන් වල තිබුන රේකොර්ඩ් බාර් වලට වැඩ තිබ්බා..විශේෂයෙන්ම ඔය ගාර්මන්ට්,හමුදාවේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගම් වලට එනකොට ඉතින් ඔවා පිරිල,සිඩි යුගයෙන් පස්සෙ ඔක්කොම නැති උනා.දැන් සිඩිත් නැ නේ,කැසට් වල තිබුන එ ගතිය සිඩි යුගයේ තිබුනේ නැ තමයි.......සුනාමියෙන් ගොඩක් දෙවල් නැති උනා නෙද,අශ්ට ලෝක ධර්මය නේ.....

    How Old are u machan? :O
    30ට ආසන්නයි :-D
    ------ Post added on Feb 13, 2021 at 9:55 AM
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113
    ඔයා ගාව මාර කලෙක්ශන් එකක් තියෙනවානෙ,ඔය රෙඩියො එකමයි අපි ගාව තිබුනෙත්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg

    😅 වෙනි වැල් ගැට එකක් බොන්න හිතෙනවා මේක දකිනකොට
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    ඉස්සර තිබ්බ රෙනොල්ඩ්ස් පෑන් කැසට් එකේ අර කැරකවෙන හිලෙ කට්ට වලට ගානට සෙට් වෙනවා.
    120 කැසට් වෝක්මන් වල රිවයින්ඩ්/ෆස්ට් ෆොර්වර්ඩ් කරන්ඩ අමාරුයි. පෑන් දාලා තමා රිවයින්ඩ්/ෆස්ට් ෆොර්වර්ඩ් කරන්නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    මචන් අපේ තාත්තටත් කැසට් පිස්සුව දරුනුවටම තිබ්බ

    පිළියන්දල රංග රෙකොර්ඩ් බාර් එකෙන් සින්දු ටික ලියල දීලා කැසට් පීස් එකක් ගහ ගන්නවා රු200යි

    එකත් දෙන්න දවස් ගානක් යනවා.. අද දුක හිතෙනවා එතන දැක්කම

    මම පොඩි කාලේ මතක විදිහට ඔය රෙකොර්ඩ් කරලා ගෙනාව සින්දුවක් ඇහුවේ "එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ" කියන සින්දුව
    දැන් ඉන්න

    ඔයාගේ ඔය කලෙක්ෂන් එක දැක්කම මගේ මතකේ සෑහෙන කාලේකට අරන් ගියා කොටින් ම බස් එකේ බාගේ ටිකක් එක අරන් යන්නේ රු2යි

    අන්තිම කාලේ වෙද්දී කැසට් පිස් එක සෙට් එක ඇතුලට දාල වාහන පියන මගේ අතින් කැඩුන.... බාගෙට මැරුවේ නැති ටික විතරයි බන්