නැසිගිය ප්රවින සංගීතඥ සහ ගායක ක්ලැරන්ස් විජේවර්ධන යනු ඉතාමත් තද ක්රිකට් ලෝලියෙක්.ඉතින් ඔහු 1981 ලංකාවට ටෙස්ට් වරම් ලැබුනු වෙලේ තිරණයක් ගත්තා මේ අවස්ථාව සිහි වෙන්න සහෝදර සංගිත ශිල්පියෝත් සහභාගි කරගන කැසට් පටයක් කරන්න,ඔහු එය 1982 වර්ශයෙදි Test Cricket Souvenir නමින් ඔහුගේම සංගීත ලේබලය වන මදාර ලේබලයෙන් නිකුත් කරනවා,මදාර නමින් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට සංගීත කණ්ඩායමකුත් තිබුනා ටික කලක්,ඔහුට යම් දෛවඥයෙක් පවසලා තියනවා මේ නම ඔහුට වාසනාව උදාකරනවා කියල,ඉතින් එ හෙතුව නිසාම වෙන්න ඔනේ ඔහු මදාර මල් කියලත් ගීතයක් කලා.තණ නිල්ල දිගේ යනවා කියන ගීතයක් මේ ඇල්බම් එකේ තමයි ආවේ,මේක මම Digitize කරපු ඇල්බම් එකක් නෙමෙයි - මෙහි තියන ගීත වල ශ්රව්ය තත්වය 100% නැති උනත් ඇසිය හැකි මට්ටමකට තියනවා.
ශ්රි ලංකාවේ ක්රිකට් ඉතිහාසයේ මෙයත් කොටසක් නිසයි පල කරන්න සිතුනේ.
https://www.mediafire.com/file/mkv4za8f2i8u558/Test+Cricket+Souvenir_Madara.rar/file




