ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකුලව ඊයේ සභාපති තනතුර අත්පත් කර ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරියේදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර පක්ෂ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත පැවරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව, ශ්‍රීලනිපය සාමාජිකයකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබූ අවස්ථාවකදී, එසේ තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධුරයට නිල බලයෙන් පත්වේ.

එසේම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට පත්ව එකී ධුර කාලය අවසන් කල ශ්‍රීලනිප සාමාජිකයකු නිල බලයෙන් අනුශාසක ධුරයට පත්වේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ධුරයටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසක ධුරයටත් ඊයේ තේරී පත්විය.

කෙසේවුවද, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේදී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ 'පිවිතුරු හෙටක්'සංවිධානය සමග ඇතිකර ගත් එකඟතාවයට අනුව ජනාධිපතිවරයා නිර්පාක්ෂිකයකු විය යුතුය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස නම් කලේ එම එකඟතාවයට අනුව ය.
 

praveenju

Member
Jan 16, 2015
46
3
0
බලන් ගියාම මෛත්‍රීටත් රනිල්ට වගේම සූත්තර මොලයක් තියෙන්නේ.මරු මරු මහින්දට රෙදි නැතුව කඩේ ගිය ශ්‍රී ලංකා උන්ට අබ සරණයි.චන්ද්‍රික හොඳට සලකයි.:lol:
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
චන්ද්‍රිකා අවොත් කට්ටියට සැහෙන්න රිද්යි :P

:lol: Aniwa. Redi adan inna bene ban banala banala. MR tath taru peenna gani. :lol:

Maru athal ban yanne. Anna Mervin Basiltai, Gotatai nadu daala allas chodana. :lol: