ශ්රී දේවිගේ සැමියා මුම්බායි ගියේ නැහැ
ශ්රී දේවිගේ සැමියා මුම්බායි ගියේ නැහැ - හෝටල් කාමරයේ සිට රූපවාහිනිය නරඹමින් සිටි බව හෙළිවෙයි
සිය බිරිය වූ ශ්රී දේවි නාන බේසමේ වැටී සිටියත් තමා පොලිසියට නොදැන්වූ බව බොනී කපූර් පිළිගෙන ඇත.
ශ්රී දේවියගේ අන්තිම අවස්ථාව ගැන තොරතුරු හෙලිකළ බොනී කපූර් තවදුරටත් පැවසුවේ ශ්රී දේවි නාන බේසමේ වැටී සිටියේ කෙසේදැයි තමාට තේරුම් ගැනීමට නොහැකිවූ බවය.
තමා රූපවාහිනිය නරඹමින් සිටියදී ශ්රී දේවි නාන කාමරයට ගිය බවද බොනී කපූර් ප්රකාශ කර ඇත. එහෙත් ඔහු ඊට පෙර පැවසුවේ තමා මුම්බායි ගොස් ආපසු ඩුබායි ජුටේරියා හෝටලයට පැමිණි අවස්ථාවේ ශ්රී දේවි නාන බේසමේ වැටී සිටිනු දුටු බවයි.
මේ නිසා බොනී කපූර්ගේ ප්රකාශ ගැන දැඩි සැක පහළවී ඇත.
62 හැවිරිදි වියේ පසුවන බොනී කපූර් කලින් කළ ප්රකාශය වෙනස් කරමින් කීවේ රාත්රී භෝජන සංග්රහයකට යාම සඳහා නාන කාමරයෙන් එන ලෙස තමා ශ්රී දේවිට කෑගැසූ බවත් එහෙත් ප්රතිචාරයක් නොලැබීම නිසා නාන කාමරයට ගිය බවත්ය.
බොනී කපූර් ඩුබායි පොලිසියට දුරකථන ඇමතුමක් දී ඇත්තේ රාත්රී 9 ට බව හෙළිවී ඇත.
මෙයට පෙර බොනී කපූර් පැවසුවේ තමා බාල දියණිය මුම්බායි වෙත ගෙනගොස් ආපසු පෙරළා ඩුබායි වෙත පැමිණි බවයි.