ශ්‍රී ලංකාවට ඊ-බේ ඉබේ නතරවීමට පෙර.....

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    ශ්‍රී ලංකාවට ඊ-බේ ඉබේ නතරවීමට පෙර.....

    අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ ඕනෑම අස්සක් මුල්ලක් නෑර ඇති ඇල්පෙනෙත්තේ සිට වාහනයක් දක්වාවූ සියළුම දේත් ඇඳුම් කැඩුම් ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන්ම උපත් පාලන කොපුවේ සිට රත්තරන් භාන්ඩ දක්වා එකී මෙකී නොකී සියළුම දේ පහසු මුදලට සොයාගත හැකි විද්‍යුත් වෙළඳපලක් බැවින් සියළුම දෙනා ඒකෙරෙහි බැඳී සිටී.

    තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් අංකය කිසිවෙකු සතු නොකර පේපැල් සේවාව හරහා වියදම් කිරීමට හැකිවීම මෙහි ඇති තවත් සුවිශේෂ පහසුකමකි. ලංකාවේ බොහෝ දෙනෙකුට ක්‍රෙඩිට් කාඩ් නොමැති කමින් පසුව ඩෙබිට් කාඩ් ඒ සදහා යොදාගැනීමට හැකිවීම ඊබේ රටේ ප්‍රචලිත වීමට තවත් එක් රුකුලක් විය.

    අදවන විට ඊබේ හරහා ලංකාවට භාණ්ඩ ගෙන්වා ව්‍යාපාර කරන පුද්ගලයන් බොහෝවෙයි. බොහෝ අයිතම වල මිළ අඩුවීමත් බොහෝවිට ගෙන ඒමේ ගාස්තු නොමැතිවීමත් (Shipping Charges) වැඩි ලාභයක් ලැබීමට හේතුවක් වෙයි.

    අද මා කතා කරන්නේ ඊබේ ගැන නොවේ. ඊ බේ වෙලෙන්දන් නුදුරු අනාගතයේ ලංකාවට භාන්ඩ එවන්නේ නැති වීමට හේතු කතා කරන්නයි.

    ඊ බේ වලින් ඕනෑම භාන්ඩයක් මිලදී ගත් පසු එය තැපැල් මගින් ලැබීමට කිසියම් කාලයක් ගතවේ. නමුත් එය දවස් 60කට නොඅඩු විය යුතුය. ඊබේ වලින් හඳුන්වාදී ඇති මිලදීගන්නා ආරක්ෂණය කරන පටිපාටියේදී (Buyer Protection) දවස් 45 ක් ඉකුත්වූ පසු ඒ සඳහා විමසීමක් කළ හැකිය. එය නැවත නැව්ගත කිරීමක් හෝ මුදල් නැවත ලබාගැනීමක් හෝ විය හැකිය.

    ඊ බේ වලදී අතීතයේදී (2011ට විතර කලින්) ලංකාවට ඕනෑම දෙයක් නැව්ගත කරනු ලැබීය. ලංකාවේ ඊබේ පරිශීලකයන් ප්‍රමානය වැඩි වෙත්ම හදවතින්ම ශ්‍රී ලාංකික අපේ අය්යලා පිටරට වෙළෙන්දන්ට පොලු තැබීමට පටන්ගත්තේ ඉහත සඳහන් කල ක්‍රමවේදය අව භාවිතා කිරීමෙනි. ඇතැමුන් භාන්ඩය ලැබුනත් නැතත් වෙලෙන්දාගෙන් නැවත මුදල් ලබාගත්හ. (Refund) ඇතැමුන් භාන්ඩය නොලැබුන බව කියා දෙක දෙක ගෙන්වාගත්හ.

    මෙය තව දුරටත් ඉවසා සිටිය නොහැකි සෙලර්ස්ලා ලංකාවට නැවුගත කිරීම ප්‍රතික්ෂේප කළහ. බොහෝ භාන්ඩ වල විස්තරවල ඉතාමත් පැහැදිලිව Does Not Ship to Sri Lanka යනුවෙන් අදටත් දක්වා තිබේ.

    කාලය මෙසේ ගෙවී යද්දී මීලඟට ඇතිවූයේ ලංකාවේ තැපැල් ප්‍රමාදයයි. වරෙක සිංගප්පූරුවෙන් ඇනවුම් කල භාණ්ඩයකට ශ්‍රී ලංකාවේ තැපෑලෙන් තැපැල් මුද්‍රාව වැදීතිබුනේ ඉන් හරියටම දින දෙකකට පසුවය. නමුත් එය නිවසට ලැබෙන විට මුද්‍රාවෙන් දින 5ක් ගෙවීගොස් තිබුනි. සිංගප්පූරුවේ සිට සැතපුම් දහස්ගනනක් ගෙවා දිනකින් ලංකාවට ආ භාන්ඩය කොළඹ සිට සැතපුම් 12ක් දුරින් ඇති නිවසට ඒමට දින 5ක් ගොස් තිබුනි.

    ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවට ලියුම් ප්‍රමාදව බෙදා දීම හා ලියුම්/භාන්ඩ නැති කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් තිබේ. ඊ බේ ලංකාවේ ජනප්‍රිය වීමත් සමගම නිවසට ගෙන එන ලියුම් වල වෙනසක් බොහෝ තැපැල් සේවකයන් අත් දකින්නට ඇත. කුඩා මුද්‍රා තැබූ ලියුම් කවර තුල කුමක් හෝ සුරුකුත්තමක් අඩංගු යයි ඔවුන් තීරණය කරන්නට ඇත. එක ගෙදරකට ඒ වාගේ ලියුම් 5-6ක් යන විට එකක් දෙකක් අඩුවුනාට එච්චර ගානක් නැතැයි ඔවුන් සිතන්නට ඇත.

    මේ නිසා නොලැබෙන භාන්ඩ වෙනුවෙන් නැවත මුදල් ලබාගැනීම නිසාත් Seller ratings ලබා නොදීම නිසා අමාරුවේ වැටුනේ භාන්ඩය නැව්ගත කල වෙලෙන්දාමය. බඩුත් නැති කරගෙන අමතරව ලාභය මෙන්ම භාන්ඩ පිරිවැයද ආපසු ගැණුම් කරුට ගෙවන්නට සිදුවීමෙන් පාඩු විඳින්නේ ඔහුය. ඉතින් ඔවුන් නැවතත් ලංකාවට භාණ්ඩ එවන්නේ නැතිය.

    තවමත් ලංකාවට නැව්ගත කරන වෙලෙන්දන් දැන් කරන්නේ Tracking Number එකක් ලබාදීමයි. මෙය ඇත්තෙන්ම සාර්ථක ක්‍රමයක් විය. (ඉස්සරත් තරමක් ගනන් භාන්ඩ වලට 20$< Tracking Number තිබූ නමුත් දැන් 1$ භාන්ඩ වලටත් මෙය ලබාගත හැකිය). භාණ්ඩය ඇත්තටම ඇත්තේ කොහිදැයි වෙළෙන්දාට මෙන්ම ගැනුම් කරුටද මෙමගින් බලාගත හැකිය.

    මාස කිහිපයකට කලින් මම විසින් ඇනවුම් කල ප්ලාස්ටික් කෝප්පයක් ඉන් දවස් 45ක් ඉක්මගිය පසුත් මා හට නොලැබුනි. ඒ ගැන Tracking Number පරික්ෂාවක් සිදුකල පසු දැනගන්නට ලැබුනේ එම කෝප්පය ඉන් මසකට පෙර ලංකාවට එවා ඇති බවයි.

    ලංකාවට පැමිනෙන තෙක් ඉතාම පැහැදිලිව Tracking Number එක යාවත්කාලීන වී තිබූ නමුත් ලංකාවට පැමිනි පසු එහි තවදුරටත් සටහනක් නැත. අපි අදීන ජාතියක් නිසා ඒවා යාවත්කාලීන කලයුතු නැත.

    අවසානයේ මම Seller ratings ලබාදී පාඩුව මමම විඳගතිමි. ලංකාවට තවමත් භාන්ඩ එවන සෙලර්ස් ලාට ප්‍රශ්නයක් නොවන්නට Tracking Number එක ඉතාමත්ම වැදගත්වේ.

    දැන් ප්‍රශ්නය ඇත්තේ ලංකාවට ගෙන ආ භාන්ඩය කෝ යන ප්‍රශ්නයයි. ඇතැම්විට අස්ථාන ගතවන්නට ඇත. නැත්තම් මේක බහිරවයාගේ වැඩකි.

    මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් නිසා දැන් නැවතත් ඊ බේ අර්බුධයක් හටගැනීමට පටන්ගෙන තිබේ.
    කුමක් හෝ හේතුවක් නිසා ඊ බේ වෙලෙන්දන්ගෙන් ලාංකික ගැනුම්කරුවන් කොන්වේ. තවත් ටික කාලයක් මෙය මෙලෙසම සිදුවුවහොත් ඊ බේ ඉබේ නතරවනු ඇත.

    Issuwe methanin,moka wunath atta kiyala thiyenne :(
    http://achiralk.blogspot.com/2015/10/blog-post.html
     
    • Like
    Reactions: madusha.stranger

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මට නම් order කරපු එකක් අවේ නැතුව refund ගත්තා, දවස් 7 කට පසේ අර item එක ගෙදරට අවා. මම නම් අපහු seller කියල payment එක කරා. ලංකාවේ post එක නම් කියල වැඩක් නෑ, මට මිට කලින් අවුරුදු 3 කට ඉසර මගේ නමට අපු AdSense cheque ලියුමක් ඉස්සුව.(මගේ නමට එන හින්ද අවුලක් උනේ නෑ).
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage liyum 2k cheque 2k ekka missing, dan 2 months wenawa, mewa kata kiannada, thepel isthanadipathita kialath wedak une ne
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලංකාවේ තැපෑල කියන්නේ බ්මුඩා ත්‍රිකෝණය වගේ තමා
    සමහර ආපු ඒවා එනවා හැබැයි ගොඩක් ඒවා ආගිය අතක් නැති වෙනවා
    බඩු එනකල් ෂුවර් නෑ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙත් තරමක් වටින HID කිට් එකක් නෑ මචන්. එපාවෙලා ඉන්නේ.:growl::growl::growl::growl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ අපිට විකල්ප හොයන්ට වෙයිද ඒ කියන්නේ :(
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මේ නම් කරන්නේ රුපියලේ අගේ අඩුවෙන හින්ද සුලුසුලු ආනයන නැති කරන්න, එම ආනයන කරුවන් අධ්ර්යමත් කරන්න.ඔය ඊබේ වගේ සයිට් නිසා මුස්ලිම් තොරොම්බල් මුදලාලිලාට කෙල වෙලා ඒ නිසා මේ සැරේ ආණ්ඩුවේන් තම්බි තැපැල් ඇමති කම ගත්ත, ගියපාර ෂරියා දාගන්න කියල අධිකරණ ඇමති කම ගත්තට වැඩේ කර ගන්න බැරි උනානේ
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    තව දෙයක් තමා මේ ආණ්ඩු මාරුවෙන් පස්සේ අලුතින් තැපෑලට බදවා ගත්ත කොල්ලෝ මේ ගේම දෙනවලු. අනිත් දේ මේ සැරේ අයවැයෙන් පස්සේ තමා බල ගන්න වෙන්නේ
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    8.gif
    8.gif