ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත පස්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල එංගලන්තය පරදා ඊයේ ජයග්‍රහණය කළා. පසුගිය දින කිහිපයේම තරග වලට වර්ෂා බාධා එල්ලවූ නිසා ඩක්වත් ලුවිස් න්‍යාය මත තරග තීරණය වීමට ඉඩ ඇති බැවින් කාසියේ වාසිය ලද සැණින් ඉහළ ලකුණු සංඛ්‍යාවකට යාම උපාය කරගත් ශ්‍රී ලංකා පිල එම උපාය ජයගත්තා.

ඒ අනුව විවේචකයින්ගේ පීඩනය මැද අනපේක්ෂිත දක්ෂතාවයකින් ඉහළට මතුවීම ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය තුළ කතා බහටද ලක් විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 6 කට ලකුණු 366 ක් ලබා එංගලන්තයට 367 අසීරු ඉලක්කයක් ලබාදුන් අතර වර්ෂා බාධා ලබා තරගය නතර කරන විට පන්දුවාර 26.1 කදී එංගලන්ත පිල කඩුළු 9 කට ලකුණු 132 ක් පමණක් ලබා තිබුණි. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යාය මත ශ්‍රී ලංකාව ජයගත්තා.

collage.png