ශ්‍රී ලංකාවට GSPප්ලස් දෙන්න තීන්දුයි

Litethusi

Junior member
  • Jun 26, 2011
    72
    2
    18
    ශ්‍රී ලංකාවට GSPප්ලස් දෙන්න තීන්දුයි

    යුරෝපානු සංගමය වෙත භාණ්ඩ අපනයනය කිරීමේ දී පනවා තිබූ සම්බාධක ඉවත් කරමින් ජීඑස්පී ප්ලස් බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට පියවර ගත් බව යුරෝපානු කොමිසම විසින් අද(10) දිනයේ දී නිල වශයෙන් දැනුම් දෙන ලදී.

    මානව හිමිකම්, කම්කරු කොන්දේසි, පරිසර ආරක්ෂණය හා යහ පාලනය යන සංරචක යටතේ අන්තර්ජාතික සම්මුතීන් 27 ක් වෙනුවෙන් දක්වන ලද සාධනීය කැපවීම හමුවේ යුරෝපානු කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබේ.

    මෙම වෙළෙඳ වරණාත්මක සහනය හමුවේ ඇඟළුම් හා මත්ස්‍ය නිෂ්පාදන අපයනය ඇතුළු බදු අයකරන අංශවලින් 66% ක් වෙනුවෙන් ආනයනික බදු ඉවත් කෙරෙනු ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපානු කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මල්ම්ස්ට්‍රොම් මෙසේ පැවසීය. “GSP+ සහනය ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතා වැදගත් දායකත්වයක් සපයනවා.මේ නිසා යුරෝපානු වෙළෙඳපොළ වෙත ඔවුන් ගේ භාණ්ඩ අපනයන තවදුරටත් වර්ධනය කරන්න අවස්ථාව හිමිවෙනවා. මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් සිදුකෙරුණු ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී තවදුරටත් දියුණු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.“
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    (GSP "-") = දේශප්‍රේමී

    (GSP "+") = දේශද්‍රෝහී

    මචන් මමනම් හිතන්නෙ මිනිස්සුන්ට ඕන සල්ලි. රට ජාතිය ආගම ඕන නෑ. ඒව තිබ්බ කියල කන්න බොන්න බෑ. ඒ නිසා මොන මඟුලකට හරි කැමතිවෙලා ඕව ගන්න වෙනව.
     

    Litethusi

    Junior member
  • Jun 26, 2011
    72
    2
    18
    මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් සිදුකෙරුණු ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී තවදුරටත් දියුණු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.“