ශ්‍රී ලංකාවට High Definition Television විකාශන සේවා?

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ශ්‍රී ලංකාවට High Definition Television විකාශන සේවා?

    analogdigi.jpg



    ලෝකෙට පුළුල් තිර රූපවාහිනී ඇවිත් ගොඩක් කල්. ඒත් මුලින්ම පුළුල් තිර තාක්ෂණය High-definition television සහිත රූපවාහිනී සේවා ලෝකෙට මුලින්ම දෙන්නේ ඇමරිකාවේ HDTV ආයතනය ඒ 1996 දැන් වසර 16ක් ගෙවිලා. HDTV වල විශේෂත්වය විශාල හා ඉතා පැහැදිලි හා තියුණු රූපරාමු ප්‍රේක්ෂකයාට ලබාගත හැකි වීමයි.

    දැනට ලංකාවේ භාවිතා වෙන්නේ රූපවාහිනී විකාශ සදහා වැඩියෙන්ම භාවිතා වෙන්නේ PAL (පෑල්) විකාශන තාක්ෂණයයි. එනම් තිරයේ දිග පලල වන්නේ 720පික්සල් හා දිග 576 පික්සල වේ. මේවා අප දැන් භාවිතා කරන රූපවාහිනී මගින් අගල් 14, 21, 29 වැනි තිරවලට සකසා විකාශනය කරන නිසා පැහැදිලිතාව යම් යම් තරමට අඩු වැඩි වේ.

    එහෙත් මේ High-definition television broadcasting වලදී මේ තිරය NTSC ( පුළුල් තිර ) තාක්ෂණයෙන් විකාශනය කරන නිසා එය පික්සල් 720 දී 1280 x 720 දී පෙරත් නවතම තාක්ෂණයට අනුව පික්සල් 1080 දී 1920 x 1080 ලෙසද පුලුල් ලෙසම මේහි වර්ගීකරණයක් ලබාගත හැක. චිත්‍රපට සඳහා භාවිත වෙන්නේද මේ HD රාමු ප්‍රමාණයන් වේ. මෙමගින් ප්‍රේක්ෂකයාට ඉතා පැහැදිලි තියුණු හා සුපිරි රූපවාහිනී අත්දැකීමක් විදගැනීමට අවස්ථාව ලැබේ.

    මට මිතුරෙකු පැවසුවේ ලංකාවට මේ High-definition television broadcasting තාක්ෂණය වසර 2016දී හදුන්වාදීමට නියමිත බවයි. එනම් තව අවුරුදු 4කින් පසුවය. කෝටි 120වැඩි ජනගහනක් ඇති ඉන්දියාවේද දැන් ක්‍රමයෙන් යල්පැනයන PAL තාක්ෂණයට ආයුබෝවන් කියා ක්‍රමයෙන් නවීන තාක්ෂණය වැලදගනිමින් සිටියි. එහෙත් අපේ රටද එය අත්හදා බැලීමටද තවම ක්‍රියාකර නැත.

    නමුත් ඊට පෙර දැනටම රටපුරා පවතින සැටලයිට් ටීවී (satellite tv) ආයතන (Dailog TV, SLT peo TV) වලට අප රටේ විකාශය වන චැනල් 8 හෝ 10 හැර අනිකුත් විදේශ චැනල සේවා වත් මේ තාක්ෂණයෙන් විසිරුවා හැරීමට හැකි යැයි මම සිතමි. දැනටම ඉන්දියාවේ සැටලයිට් ටීවී ආයනත මේ තාක්ෂණයන් බහුල වශයෙන් භාවිත කරයි...

    Airtel සමාගම ඉන්දියාවේ ප්‍රම්‍රඛව මේ සේවාව ලබාදෙන බැවින් ඔවුන් අපේ වෙළදපොල ආක්‍රමණය කලහොත් ලංකවේ පාරිභෝගිකයන් විශාල වශයෙන් එම සේවාව වෙත නැඹුරුවනු ඇත. එබැවින් මේ තත්වයෙන් මිදීමට අපේ සැටලයිට් ටීවී ආයතන දැනටම මේ තරගයට පිවිසිය යුතු බව මගේ හැගීමයි...

    එවිට පවතින රාජ්‍ය මාධ්‍ය හැර පෞද්ගලික මාධ්‍යද මෙ ක්‍රමය අත්හදා බැලීමට හෝ එම පහසුකම් ලබාගෙන එමගින් විකාශන කටයුතු කරගෙන යාමට පෙළඹීමට හැකිය..

    නවමු හා ඉතා ගුණදායි රූපවාහනී සේවාවක් ලබාගැනීමටත් නව රූපවාහිනි අත්දැකීමක් ලබාගැනීමටත් අපට තව අවුරුදු 4ක් හෝ වැඩි කලක් බලා සිටින්නට වේද?




    උපුටා ගැනිමකි......
    සියලු ගෞරවය එම බ්ලොග් එකේ කතෘට හිමිවිය යුතුය.......

    |
    |
    |
    |

    හෙලයෙක්ගෙන් ලොවට
     
    • Like
    Reactions: RottenCOLT

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Airtel TV awoth api goda..

    DTV,PEO kattiyage ganan bassanna puluwan..!
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    දැන් නම් තිත් වැටෙන එවා බලලා එපා වෙලා. අවා කියන්නේ ඔනැම දෙයක් ෆිලිම් හොල් එකේ බලනවා වගේ සුපිරියට බලන්න පුලුවන්