ශ්‍රී ලංකාවට USD 20,000 ක දඩයක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උස්බෙකිස්තානයේ පැවැත්වුන අවුරුදු 17න් පහල ආසියානු කුසලාන තරඟාවලියට සහභාගීවීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 20,000 ක දඩයක් පනවා තිබේ.

    2022 ඔක්තෝබර් මස 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා උස්බෙකිස්තානයේ පැවැත්වුන මෙම තරඟාවලියට ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගී වන බව සහතික වී තිබුනද අවසන් මොහොතේ එම සංචාරය ඇන හිටින.


    මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) විනය කමිටුව, තරඟ නීති රීති කඩකිරීමේ චෝදනාව මත ඇමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් ශ්‍රී ලංකාවට පනවා තිබේ. මෙයට අමතරව ඉදිරි තරඟාවලියට සහභාගී වීම සඳහා තහනමක් පැනවීමටද සලකා බලමින් සිටින බව අනාවරණය වේ.


    දැනට ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන පාපන්දු අර්බුදයට මෙම මූල්‍යමය දඩය තවත් බරපතල ප්‍රහාරයක් බව පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙති. එසේම, ඉදිරි දින කිහිපය තුල ජාත්‍යන්තර පාපන්දු තහනමට සහ මූල්‍ය සම්බාධකයකට ශ්‍රී ලංකාව ලක්වීමට බොහෝ දුරට ඉඩක් තිබෙන බවද වාර්තාවේ.

    ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු අවුරුදු 17න් පහල ජාතික කණ්ඩායමට උස්බෙකිස්තානයේ පැවැත්වුනු තරඟාවලිය සඳහා සහභාගී වීමට නොහැකිවූයේ ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතර හටගත් මත ගැටුමයි.


    ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පසුගිය සැප්‍තැම්බර් 23 වනිදා ක්‍රීඩා සංගම් වලට ධූර කාලය මාස දෙකකින් දිගු කර දුන් ගැසට් පත්‍රය අවලංගු කිරීමත් එයට සුදුසු විකල්පයක් ලබා නොදීමත් නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සියළු කටයුතු ඇනහිට තිබීම ඊට හේතුව බවට චෝදනා එල්ලවේ.


    ඒ වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අවුරුදු 17න් පහල ජාතික කණ්ඩායම පුහුණුකර තරඟ සඳහා සූදානම් කර තිබූ අතර ශ්‍රී ලංකාවේ පළමු වරට දකුණු ආසියානු 17න් පහල තරඟාවලියද පවත්වා තිබුනි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මාලදිවයින පරදවා ජයග්‍රහණය කර තිබීම ද විශේෂ කාරණයකි.

    වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝම්බර් 03 දා උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සහ නිලධාරීන් 05 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමිවිය.

    උස්බෙකිස්තාන් සංචාරය සඳහා සියළු කටයුතු සැලසුම්කර තිබුනද සංචාරයට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමට මෙම ගැසට් පත්‍රය අවලංගු වීමෙන් බාදා ඇති විය. අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමට මුදල් තිබුනද එයට අත්සන් කිරීමේ බලය ගැසට් පත්‍රය තුලින් අහෝසි වී තිබුන හෙයින් මෙම ගුවන් ටිකට් පත් ලබා දීමට නොහැකි වී වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධානින් පවසා තිබිණ.

    මෙම කරුණු හිටපු පරිපාලනය විසින් සහ දෙමව්පියන් විසින් ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දී තිබුනද, මෙම කණ්ඩායම සඳහා කිසිම විකල්ප සූදානමක් නොතිබුනි. මෙම නිසා මෙරට තරුණ ක්‍රීඩකයින්ට තරගාවලිය අහිමි වෙද්දී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට දඩයක්ද ගෙවීමට ද සිදුව තිබේ.

    යොවුන් ක්‍රීඩකයින්ට මෙම අගනා අත්දැකීම අහිමිවුයේ, ක්‍රීඩා අමාත්‍යංශය හා පාපන්දු සම්මේලනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයයි.
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    lankawata neme waradiyata therum ganna epa FIFA ,ICC kiyanne business TAX walin beranna charity kiyala reg karapu, unge lankwe branch ekata dadaya ,eeka unge pvt deyak rate deyak neme(minissu rate deyak kiyala hithan hitiyata), mun news danne paththara style ekata