ශ්‍රී ලංකාවෙන් අලුත් වාර්තාවක්

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ශ්‍රී ලංකාවෙන් අලුත් වාර්තාවක්

ලොව අනෙකුත් රටවල් අභිබවමින් ශ්‍රී ලංකාව නවතම වාර්තාවකට හිමිකම් කීමට සමත්ව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ පිරිමින් අතර පැතිර යන සිරෝසීස් නමැති රෝගී තත්ත්වය හේතුවෙන්. මෙම රෝගී තත්ත්වය නිසා පුද්ගලයන් 100,000කට 33.4ක් පමණ මියයාමේ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණදී සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ. එසේම අධික ලෙස මත්පැන් පානය කිරීම මෙම සිරෝසීස් නමැති රෝගී තත්ත්වය ඇති වීමට හේතු වෙනවා.


කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. එම ප්‍රතිපත්තිය සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඇමැති මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන තිබෙනවා.

රටේ පවතින සියදිවි නසා ගැනීම් හා සිතාමතා සිදු කර ගැනෙන හිංසනයන් සමග මද්‍යසාර දැඩිව බැඳී පවතිනවා. එසේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා දුප්පත්කම අතර ද මද්‍යසාර දැඩිව බැදී පවතිනවා.
- See more at: http://offair.nethfm.com/article/16133#sthash.96T6X2Dz.dpuf