ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමය&#3538

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමය&#3538

    ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

    එළැඹෙන සඳුදා (18) සිට ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් තේ ඇතුළු කෘෂි කාර්මික ද්‍රව්‍ය ආනයනය කිරීම නවතා දමා තිබේ.

    ඒ ශ්‍රී ලංකාවෙන් රුසියාව වෙත අපනයනය කළ තේ තොගයක කප්ප්‍රා (Khapra beetle) නම්කු රුමිණි විශේෂයක් හමුවීමත් සමඟය.

    රුසියාවට තේ අපනයනය කරන ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එරට වෙළඳපොළේ හිමිව ඇති කොටස 23%කි.

    විෂය භාර අමාත්‍යාංශය වන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම තේ තොගය සහිත බහාලුම මීට පෙර ධානය ප්‍රවාහනය කිරීමට යොදාගෙන තිබූ එකක් බවත් එය ශ්‍රී ලංකාවට අයත් බහාලුමක් නොවන බවත්ය.

    මෙම ගැටලුව විසඳා ගැනිම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉතාමත් ඉක්මනින්ම රුසියාවේ සංචාරයකට එක්වමට නියමිත බව සඳහන් වේ.

    මේ වසරේ මාස 10 ක කාලයක් තුළ තේ ටොන් 141300ක් ශ්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති වන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 436කි.

    රුසියානු තේ හා කෝෆි සංගමය ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම නැවතත් ආරම්භ කරන ලෙසත් එහිදී ශ්‍රී ලංකාවට දඩි කොන්දේසි පනවන ලෙසත් රුසියානු රජයෙන් ඉල්ලා ඇතැයි මේ අතර වාර්තා වේ.

    Colombotoday

    තේ ආනයනය කරන එකෙත් පට්ට මාෆියාවක් තියෙන්නේ. කාලකන්නි පාලකයෝ හරි හැටි පාලනයක් නොකරන නිසා තමයි මෙහෙම වෙන්නේ. බිස්නස් කාරයෝ කසල තේ, පරන තේ පටවන නිසා තමයි මෙහෙම උනේ. නියම ප්‍රමිතියකට දැඩි නීති එක්ක වැඩ කරන්න ඕන තැන් එහෙම නොකර දේශපාලන හිතවතුන්ට දුන්නාම ඔය වැඩේ වෙනවා. පිට රටවලට ආනයනය කරන රටේ තියෙන වටිනා සම්පතක් නැති කර ගත්තොත් ඉතින් සදාකාලික විනාශයක් තමයි.. වැඩේ උනාට පස්සේ තමයි මහ එව්න්ගේ ඇස් ඇරෙන්නේ. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. Ceylon Tea වලට තියෙන නම කැත උනාට පස්සේ අයින් කර ගන්න එක නම් ලේසි වෙන්නේ නැති වෙයි.. අහෝ රටකට ගිය කලක්
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිස්නස් කාරයෝ කසල තේ, පරන තේ පටවන නිසා තමයි මෙහෙම උනේ. නියම ප්‍රමිතියකට දැඩි නීති එක්ක වැඩ කරන්න ඕන තැන් එහෙම නොකර දේශපාලන හිතවතුන්ට දුන්නාම ඔය වැඩේ වෙනවා. පිට රටවලට ආනයනය කරන රටේ තියෙන වටිනා සම්පතක් නැති කර ගත්තොත් ඉතින් සදාකාලික විනාශයක් තමයි.. වැඩේ උනාට පස්සේ තමයි මහ එව්න්ගේ ඇස් ඇරෙන්නේ. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. Ceylon Tea වලට තියෙන නම කැත උනාට පස්සේ අයින් කර ගන්න එක නම් ලේසි වෙන්නේ නැති වෙයි.. අහෝ රටකට ගිය කලක්
    what you mean by kasala tea bro.
    it's actually the stems of the tea leaf, a left over after CTC process.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එම තේ තොගය සහිත බහාලුම මීට පෙර ධානය ප්‍රවාහනය කිරීමට යොදාගෙන තිබූ එකක් බවත් එය ශ්‍රී ලංකාවට අයත් බහාලුමක් නොවන බවත්ය.
    oka pita damma nam hari
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කතාවට කියන්නේ රුසියාවේ උන් තේ බොන එක නැවැත්තුවොත් ලන්කාවේ උන්ට බත් කන එක නවත්තන්න වෙනවා කියලා, කොහොමත් ලන්කාවේ දැන් මාස් ටී එක්ස්පොට් එක ඉවරයි. ආන්ඩුවේ වතු ඔක්කොම දැන් වල් වදිලා. දුක්යි, ලගදි ලන්කාවේ පලවෙනි ෆැක්ටරි එකට ගියා ටුවරිස්ට් උන් ටිකක් එක්ක, අනාතයි ඒක දැක්කම.
     
    • Like
    Reactions: Rummy678

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    කතාවට කියන්නේ රුසියාවේ උන් තේ බොන එක නැවැත්තුවොත් ලන්කාවේ උන්ට බත් කන එක නවත්තන්න වෙනවා කියලා, කොහොමත් ලන්කාවේ දැන් මාස් ටී එක්ස්පොට් එක ඉවරයි. ආන්ඩුවේ වතු ඔක්කොම දැන් වල් වදිලා. දුක්යි, ලගදි ලන්කාවේ පලවෙනි ෆැක්ටරි එකට ගියා ටුවරිස්ට් උන් ටිකක් එක්ක, අනාතයි ඒක දැක්කම.

    නියම ප්‍රමිතියකට වැඩ වෙන්නේ නෑ බන්. මමත් තේ තියෙන පලාතක ඉපදිලා හැදුනු වැඩුනු එකෙක්. ඇස් දෙකටම දකිනවා වෙන දේවල්. ලංකාවේ ප්‍රධානම ආනයනය කරන දේ නිසි ප්‍රමිථියක් නැති උනොත් දෙය්යන්ගේම පිහිටයි. කාලකන්නි එකෙක්වත් රට ගැන හිතන්නේ නෑ බන්. ඔක්කොම එකයි. Ceylon Tea මෙහෙම නෝන්ඩි උනොත් මරු පහරක් වෙනවා රටට. Tea Export ගොඩක් කරන එව්න් කරන්නේ හොද තේ එක්ක පරන තේ කලවම් කරනවා. ප්‍රමිථියක් නැතුව එහෙම කරාම වෙන දේ දැන් දැක්කනේ
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නියම ප්‍රමිතියකට වැඩ වෙන්නේ නෑ බන්. මමත් තේ තියෙන පලාතක ඉපදිලා හැදුනු වැඩුනු එකෙක්. ඇස් දෙකටම දකිනවා වෙන දේවල්. ලංකාවේ ප්‍රධානම ආනයනය කරන දේ නිසි ප්‍රමිථියක් නැති උනොත් දෙය්යන්ගේම පිහිටයි. කාලකන්නි එකෙක්වත් රට ගැන හිතන්නේ නෑ බන්. ඔක්කොම එකයි. Ceylon Tea මෙහෙම නෝන්ඩි උනොත් මරු පහරක් වෙනවා රටට. Tea Export ගොඩක් කරන එව්න් කරන්නේ හොද තේ එක්ක පරන තේ කලවම් කරනවා. ප්‍රමිථියක් නැතුව එහෙම කරාම වෙන දේ දැන් දැක්කනේ
    ඉන්ෆියුශන් කරන්න ගිහින්, බ්ලෙන්ඩ් කරන්න ගිහින් සින්ගල් ස්ටේට් ටී දැන් කාලා තියෙන්නේ. මට දුකයි ලූල්කදුර කියනෆැක්ටරි එකට ගියාම. ලන්කාවේ පලවෙනි ෆැක්ටරි එක. අක්කර 4000ක වත්තක දලු කඩපු ෆැක්ටරි එක දැන් පිටින් දලු ගෙනත් කුලියට අබරනවා. වත්ත වල් වැදිලා, මිනිස්සු ගෙවල් හදාගෙන, අක්කර ගානට එලොලු වවලා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    ඉන්ෆියුශන් කරන්න ගිහින්, බ්ලෙන්ඩ් කරන්න ගිහින් සින්ගල් ස්ටේට් ටී දැන් කාලා තියෙන්නේ. මට දුකයි ලූල්කදුර කියනෆැක්ටරි එකට ගියාම. ලන්කාවේ පලවෙනි ෆැක්ටරි එක. අක්කර 4000ක වත්තක දලු කඩපු ෆැක්ටරි එක දැන් පිටින් දලු ගෙනත් කුලියට අබරනවා. වත්ත වල් වැදිලා, මිනිස්සු ගෙවල් හදාගෙන, අක්කර ගානට එලොලු වවලා.

    :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමිනෙනවා තියලා....... රෂියන් උන් පිස්සෝ වගේ තේ බොන්නේ.......
    සිලෝන් ටී ලේබල් එක වැඩිකල් තියෙන්නේ නෑ........ හෙන ජරා රහයි..... බලනකොට සිලෝන් ටි නමින් ජරාවල් විකුනනවා. මට ඇතිම වෙලා ලිප්ටන් ඇෆ්රිකන් ටි එකක් අරං ආව ඒක ටිකක් හොදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආර්ථික ඔස්තාර් වැඩපිලිවෙල යටතේ වෙනස උදා වෙලා...ඕන්න උදාවු වෙනස..දැන් සැප ඇති ලක්ශ 62කේ මීහරක් රැලට...
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !
    විෂය භාර අමාත්‍යාංශය වන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම තේ තොගය සහිත බහාලුම මීට පෙර ධානය ප්‍රවාහනය කිරීමට යොදාගෙන තිබූ එකක් බවත් එය ශ්‍රී ලංකාවට අයත් බහාලුමක් නොවන බවත්ය.
    :angry::angry::angry:
    මුන්ගේ මේ උත්තර හොඳයි ලංකාවට.ආ එහෙනං අවුලක් නෑ ඕගොල්ලෝ අපහු එවන්නකො කියල කියාවි.
     
    AnuradhaRa

    Well-known member
  • :angry::angry::angry:
    මුන්ගේ මේ උත්තර හොඳයි ලංකාවට.ආ එහෙනං අවුලක් නෑ ඕගොල්ලෝ අපහු එවන්නකො කියල කියාවි.

    ඒ කියන්නෙ එලියෙන් කුරුමිණිය පැකින් කඩාගෙන තේ කොල ඇතුලට ගිහින් :eek:
     
    Similar threads