ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කළ දශකය 77-88/89

pawann

Member
Dec 1, 2024
16
4
3
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ වැඩිම වෙනස්කම් ගණනක් වුන දශක තමයි 1970-1990 කාලය. මේ කාලයේ වෙච්ච දේවල් දැන් අපිට හිතාගන්නවත් අමාරු මට්ටමේ වෙනස්කම්. 71, 88/89 කැරලි ගැන ඇරුණාම ගොඩක් දෙනෙක් මේවා අහලවත් නෑ. ඒත් මේ සිදුවීම් වල පසුබිම හරිම විශේෂයි. අදටත් අපි රටක් විදියට එදා වැටුණු වලවල් වලම වැටි වැටි යන්නේ මේ ළඟම ඉතිහාසයෙන් අපි ඉගෙන නොගන්න නිසා. මම කොවිඩ් දවස්වල අපේ රටේ මෑත ඉතිහාසය ගැන කරපු අධ්‍යනයක කොටසක් මේ share කරන්නේ. 1977-1988 කාලය තෝරාගත්තේ අපිට සමීපම වෙනස්කම් ගණනාවක් සිද්ද වෙච්ච කාලපරාසයක් නිසා සහ මේකාලයේ එකම පාර්ලිමේන්තුවක් සහ ජනාධිපතිකෙනෙක් අපේ රට මෙහෙයුව නිසා.

අපි ගතයුතු වැදගත්ම දේ තමයි අතීතයෙන් ඉගෙන ගැනීම. එහෙම නැතුව කවුද හරි කවුද වැරදි හෙවීම අපිටවත් රටටවත් පලක් ඇති දෙයක් නෙමේ. ඒවා වෙනස් කරන්නවත් පුලුවන් දේවල්වත් නෙවේ. අනික මේ එකින් එක සිදුවීම් හුදෙකලා දේවලුත් නෙමෙයි.. ඒ ඒ අවස්ථාවල තිබුණ තත්වය සහ ප්‍රමුඛතා මොනවද කියලා අපිට උපකල්පනයන් විතරයි කරන්න පුලුවන්.

අනික් අතට, මේ ලිස්ට් එක සිදුවීම් සියල්ල නිරූපණය කරන සර්ව සම්පූර්ණ එකකුත් නෙමෙයි. ඒ නිසා ඔබ දන්න මිස් වෙච්ච දේවල් තියෙනවා නම් කියාගෙන යන්න මේකට එකතු කරන්න.

  • 1977 ජූලි - පාර්ලිමේන්තු මැතිවරණය, ආසන 168 න් 140 ක් (5/6) විශාල ජයග්‍රහණයක් JR ජයවර්ධන ප්‍රමුඛ UNP පක්ෂය දිනාගනී.
  • 1977 සැප්තැම්බර් - ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නියමුවා සහ බහුජාතික ඖෂධ සමාගම්වල අපභාවිතයට එරෙහි ක්‍රියාකාරියෙකු වූ සේනක බිබිලේගේ ගුප්ත මරණය.
  • 1977 නොවැම්බර් - පාලන විධාන නොමැතිව විවෘත වෙළඳපොළ ආර්ථිකය හඳුන්වාදීම. රුපියලේ 187% ක විශාල අවප්‍රමාණනය වීම (ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අවප්‍රමාණනය), ඒ හා සමග වාර්ෂිකව 7-8% ක අවප්‍රමාණයකට භාජනය වීම. උද්ධමනය 10% දක්වා සහ ඉන් ඔබ්බට වැඩිවීම.
  • 1977 - නිදහස් වෙළඳ කලාප පිහිටවීම
  • 1978 - ආර්ථිකයේ දුරවලතා. වර්ධනයවීම. 1977 දී +490 මිලියන අතිරික්තයක සිට 1978 දී මිලියන -2173ක වෙළඳ හිඟයකින් ආරම්භ කර, එය වසරින් වසර වැඩිවෙමින් 1988 වන විට - මිලියන 24512 දක්වා පාලනයකින් තොරව ගිලිහී යාම.
  • 1977 - සියලු UNP පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන්, අත්සන් කළ දිනයක් නොමැති ඉල්ලා අස්වීමේ ලිපි තබාගනිමින්, සම්පූර්ණ පාලනය සහ අධිපතිවාදය තහවුරු කරමින් පාර්ලිමේන්තු නිාය්ජනය ඒකාධිපතිභාවයෙන් යටපත් කිරීම.
  • 1977 අගෝස්තු - විධායක බලතල පාර්ලිමේන්තුවෙන් ඉවත්කර තනි පුද්ගලයෙකුට පවරමින්, නීතියට හෝ පාර්ලිමේන්තුවට බැඳී නොසිටින විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරමින් JR ජයවර්ධන එම ධූරයට. (1978 පෙබරවාරි සිට බලාත්මක පරිදි).
  • 1978 - තුල්හිරිය රෙදි කම්හලේ පාලන කටයුතු බවුස්ටඩ් සමාගම වෙත පැවරීම.
  • 1978 සැප්තැම්බර් - නව ව්‍යවස්ථාව හඳුන්වාදීම. නව මනාප ඡන්ද ක්‍රමය තුලින් ආසනයකට වගකිවයුතු මන්ත්‍රීධූර නැති .කිරීම.
  • 1979 - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වාදීම. අධිකරණයකින් තොරව ඕනෑම අයෙකු පරික්ෂාකිරීම, අත්අඩංගුවට ගැනීම, සහ රඳවා තබාගැනීමසඳහා බලතල ආරක්ෂක අංශ වෙත ලබාදීම.
  • 1979 – Ceylon Transport Board (ලාභලබමින් සිටි) අර්ධ-පෞද්ගලීකකරණය කිරීම. බස්රථ නිෂ්පාදන අංශ ඇතුලුව. ආන්දෝලනාමත්මක බස්රථ වෙන්දේසිකරණය.
  • 1980 - විපක්ෂයේ ප්‍රධාන නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ සිවිල් අයිතීන් අහෝසි කරමින් ඇතිවිය හැකි දේශපාලනට අභියෝග වළක්වාගැනීම.
  • 1980 - ප්‍රථම වරට රාජ්‍ය ආයතනයක් පුද්ගලික අංශයට පැවරීම → United Motors Limited
  • 1980 - උද්ධමනය හමුවේ වැටුප් වැඩිකිරීම් ඉල්ලා දීපව්‍යාප්ත ඒක්බද්ධ වැඩ වර්ජනය (100, 000 ක පමණ පිරිසක් සහභාගි වේ).
  • 1980 - වැඩවර්ජිත සේවක දස-දහස් ගණනක් සේවයෙන් පහකිරීම, වෘත්තිය සමිති නායකයන් සහ ක්‍රියාකාරීන් පාතාලය විසින් ඝාතනය වීම.
  • 1980 - තුල්හිරිය රෙදි කම්හලේ පුද්ගලික අංශයට පැවරීම → Bombay Dyne → පසුව Kabool Lanka → මේ වනවිට MAS Holdings
  • 1980 - රනිල් වික්‍රමසිංහගේ නිදහස් අධ්‍යාපන අවස්ථා අඩු කිරීම හා පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මුල්කරගත් අධ්‍යාපන ධවල පත්‍රිකාව හේතුවෙන් ශිෂ්‍ය අරගල මතු වීම.
  • 1981 මැයි - රාජ්‍ය අනුග්‍රහය ඇතිව යාපනය පුස්තකාලය ගිනි තැබීම.
  • 1981 ජූනි - යාපනය දිස්ත්‍රික් සභා මැතිවරණය කොල්ලකෑමේ උත්සාහය. (ලංකා ඉතිහාසයේ ප්‍රථම මහාපරිමාණ මැතිවරණ කොල්ලය)
  • 1979-1982 - පාර්ලිමේන්තුව සාමාන්‍ය ජනතාවට ළඟා විය නොහැකිසේ දියවන්නාව මධ්‍යයේ පිහිටුවීමට විශාල ව්‍යාපෘතියක් දියත් කිරීම.
  • 1982 - පමණ වනවිට මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති සහ කොමිස් සංස්කෘතියක් නිර්මාණය විම.
  • 1982 - කොට්ටේ "ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ" ලෙස නම්කිරීම සහ එය ශ්‍රී ලංකාවේ නව අගනුවර බවට පත් කිරීම.
  • 1982 - ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති මැතිවරණය ජේ. ආර්. ජයවර්ධන ජයග්‍රහණය කරයි. JVP ප්‍රථමවතාවට මැතිවරණයට ඉදිරිපත් වෙමින් රෝහණ විජේවීර 3වන ස්ථානයට පැමිණේ.
  • 1982 - විජය කුමාරතුංග හදිහි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම.
  • 1982 - ජනතා විමුක්ති පෙරමුණ (JVP) තහනම් කිරීම.
  • 1982 - පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරමින්, එය වසර 6 කට දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පවත්වා. පාර්ලිමේන්තුවේ 5/6 බහුතරය තවත් 6 වසරක් දිගු කර ගැනීම.
  • 1983 – මහර අතුරු මැතිවරණය: ආන්දෝලනාත්මකව ඡන්ද දෙවන වර ගණනය කිරීම මගින් විජය කුමාරතුංග පරදා ආණ්ඩු පක්ෂය බලය රඳවාගැනීම.
  • 1983 - ජනප්‍රසාදය වර්ධනය කරගනිමින් සිටි ර. ප්‍රේමදාසගේ දැඩි විවේචකයකු වූ උපාලි විජයවර්ධනගේ අභිරහස් අතුරුදහන්වීම.
  • 1983 – National Milk Board පෞද්ගලිකකරණය → Lanka Milk Foods PLC & IDPL (now 100% Nestle)
  • 1983 - රාජ්‍ය අනුග්‍රහයෙන් දෙමළ කෝතාහල ඇතිවීම සහ වැලිකඩ බන්ධනාගාර සංහාරය.
  • 1984 - JR ජයවර්ධනගේ ක්‍රියාවන් පිළිබඳව විවේචනයක් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉවත් කිරීමේ උත්සාහය. විනිසුරු විශ්‍රාමගනී.
  • 1984 - රජයට අයත් ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලා අවාසි සහගත (ටෙන්ඩර් පටිපාටි වෙනස් කරමින්) ගිවිසුම් හරහා පුද්ගලික අංශයට පැවරීම Noorani Tile Works, Vijaya Tiles, Shaw Industries → මේවන විට Lanka Tiles PLC
  • 1984 - 1987 - ප්‍රථම "ඊලාම් යුද්ධය"
  • 1985 - LTTE සමඟ පැවති පළමු සාම සාකච්ඡා (තිම්පු සාකච්ඡා).
  • 1985 - හමුදා මෙහෙයුම් මගින් ත්‍රිකුණාමලය දෙමළ ජනයා ඝාතනය කිරීම.
  • 1985 – කොත්මලේ, වික්ටෝරියා ජලාශ සාදා නිම කිරීම සහ විවෘත කිරීම
  • 1986 – මාදුරු ඔය, රන්දෙණිගල ජලාශ කිරීම සහ විවෘත කිරීම
  • 1986 - විජය කුමාරතුංග LTTE පාලනය යටතේ පාවති යාපනය වෙත ගොස් නායකයන් කීප දෙනෙක් සමග සාකච්ඡා කිරීම.
  • 1986 - සිරිමාවෝ බණ්ඩාරනායකගේ සිවිල් අයිතීන් නැවත ලබාදීම
  • 1986 - ශ්‍රී ලංකා ජාතික සම්මාන ආරම්භ කිරීම. ර. ප්‍රේමදාසම වෙත "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය පිරිණැමීම
  • 1987 - වඩමාරච්චි මෙහෙයුම: LTTE නායක ප්‍රභාකරන් පැනයාගත නොහැකිව යාපනයේ කොටුවීම.
  • 1987 – ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම. මෙහිදී, ශ්‍රී ලංකා හමුදාවන් ආපසු කැඳවමින්, ඉන්දීය සාමකාමී හමුදාවන්ට ශ්‍රී ලංකාවේ ක්‍රියා කිරීමට අවසර ලබාදීම, උතුරු සහ නැගෙනහිර පළාත් එක් කිරීම, වෙනම පාලන බලය ලබාදීම සඳහා පළාත් සභා , ප්‍රදේශීය සභා පද්ධතිය හඳුන්වාදීම (13වන ව්‍යවස්තා සංශෝධනය).
  • 1987 – JVP කැරැල්ල ආරම්භ කිරීම (මේ වන විට වසර 5ක් දේශපාලනය තහනම් වූ පක්ෂයක්). ඉන්දීය හමුදා වට සහ ආණ්ඩුවට එරෙහිව DJV බිහිවීම.
  • 1987 - 1989 - රාජ්‍ය අනුබලලත් ඝාතන කඳවුරු, සහ වදකාගාර .
  • 1987 – LTTE මගින් නාගෙනහිර පලාතේ සිංහල ජනයා ඝාතනය කිරීම.
  • 1987 - J.R. ජයවර්ධන පදනම පිහිට වීම: මෙම කාලය පුරා පිළිබඳ සියලු ලිපිලේඛන ජාතික ලේඛණාගාරයට යැවීම වෙනුවට මෙම පදනම වෙත පැවරීම සහ ඒවා තබාගැනීමට වෙනම යාන්ත්‍රනයක් සැකසීම.
  • 1988 - උතුර සහ නැගෙනහිර පළාත් එක්කොට උතුරු-නැගෙතේනහිර පළාත නිර්මාණය කිරීම. පළමු පළාත් පාලන මැතිවරණය.
  • 1988 - 1989 පළමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ශිෂ්‍ය විරෝධය North Colombo Medical College (රාගම)
  • 1988 - J.R. ජයවර්ධනගෙන් පසු නව නායක තෝරාගැනීමේදී පක්ෂය තුළ ඡන්දය විමසීමට ඉඩ නොදීම. රණසිංහ ප්‍රේමදාස නායකයා ලෙස නම් කිරීම.
  • 1988 - විජය කුමාරතුංග ජනාධිපති මැතිවරණයට පෙර ඝාතනය කිරීම.
  • 1988 - ර. ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මැතිවරණය ජයගැනීම.
  • 1989 - පාර්ලිමේන්ත්‍ර මැතිවරණය (වසර 12කට පසු)
  • 1989 - රෝහණ විජේවීර ඝාතනය
  • 1989 - ඉන්දීය සාමසාධක හමුදා ඉවත්වීම
 
Last edited:

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    JR, ප්‍රේමදාස සහ යූඇන්පී කියන්නෙ රට කාපු ප්‍රධානම කාලකන්නි බලවේග ටික, චන්ද්‍රිකා ත් ගිහින් උන්ටම පුක දුන්නා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    JR, ප්‍රේමදාස සහ යූඇන්පී කියන්නෙ රට කාපු ප්‍රධානම කාලකන්නි බලවේග ටික, චන්ද්‍රිකා ත් ගිහින් උන්ටම පුක දුන්නා
    චන්දිකා නම් අපෙ බල්ලටත් දුන්නා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    රාජ්‍ය අනුග්‍රහය ඇතිව යාපනය පුස්තකාලය ගිනි තැබීම. - කවුද කරේ මේක ? මෙහෙයවීම ?
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    JR, ප්‍රේමදාස සහ යූඇන්පී කියන්නෙ රට කාපු ප්‍රධානම කාලකන්නි බලවේග ටික, චන්ද්‍රිකා ත් ගිහින් උන්ටම පුක දුන්නා

    mahindawa chande illanna thiyala chandika thawath rata kewa
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    1741870465121.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    -ඔය සියල්ලටම මුල කාලකන්නි බන්ඩා 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීම

    -රාජ්‍ය භාෂාව විදියට ඉංග්‍රීසි දිගටම තිබුනා නම්,
    ජනතාව අමාරුවෙන් හරි ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පෙළඹෙනවා.

    -එහෙම උනා නම් මීට වඩා අවස්ථා සිය ගුණයක් ජාතියට විවෘත වෙන්න තිබුණා 70, 80 දශක වල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    JR, ප්‍රේමදාස සහ යූඇන්පී කියන්නෙ රට කාපු ප්‍රධානම කාලකන්නි බලවේග ටික, චන්ද්‍රිකා ත් ගිහින් උන්ටම පුක දුන්නා
    ආ හා ජෙප්පෝ බස් ගිනි තිබ්බා
     
    pawann

    Member
    Dec 1, 2024
    16
    4
    3
    රාජ්‍ය අනුග්‍රහය ඇතිව යාපනය පුස්තකාලය ගිනි තැබීම. - කවුද කරේ මේක ? මෙහෙයවීම ?
    1981 ජූනි යාපනය දිස්ත්‍රික් සභා මැතිවරණයට වැඩ කරන්න ගාමිණි දිසානායක, සිරිල් මැතිවු පොලිස් සහ හමුදා ඒකක කීපයක් එක්ක යාපනයේ හිටියේ. මැයි 31 තිබ්බ දේශපාලන TULF රැලියක් අතරතුර වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 2ක් මියයනවා. මේ කාලයේ විවිධ දමිළ පක්ෂ ගණනාවක් දේශපාලනය කරා(TULF, TELO, DPLF,...). මේ කාලේ LTTE එක එතරම් ලොකු කණ්ඩායමක් නෙමෙයි. (LTTE වගේ සන්නද්ධ ඒකක වලින් දමිළ ජනතාවට වුණ විනාශය වෙනම ලොකු කතාවක්) එදා රෑ ගැටුම් පටන්ගන්නේ.. ගෙවල් කඩවල් කෝවිලක් පවා පහරදීමට ලක්වෙනවා. පොලිසිය හමුදාවයි මැරයොයි තමා වැඩේ දෙන්නෙ. දෙවනි දවසෙ රෑ තමයි පුස්තකාලෙට ගිනි තියන්නෙ. දවස් කීපයක් මේ පහරදීම් කරල තියෙනවා.
    රන්ජන් විජේරත්න (ආරක්ෂක ඇමති) ළගින්ම ඉඳලා තියෙනවා කියලත් කියනවා.

    මේ සිද්ධියේ දි සමහර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා දෙමළ ජාතිකයින්ට අවශ්‍ය නම් ඉන්දියාවට යන්න කියලා. (ඒ සමහරු තාමත් දේශපාලනේ ඉන්නවා). මැතිවරණය වෙනසක් නැතුව. පවත්වනවා. ඡන්ද පෙට්ටි මිසින් වෙලා ප්‍රතිඵල දෙන්න බැරුව යනවා. පස්සෙ හම්බෙනවා මට මතක විදියට.

    වැඩිය ඕන නෑ පසු කාලීනව UNP පක්ෂ නායකයන් පවා පිළිගන්නවා පක්ෂයේ "සමහර" පිරිස් මේක පිටුපස සිටි බව.
     
    pawann

    Member
    Dec 1, 2024
    16
    4
    3
    me denna adala nane ekata? eth youtube wala me dennage photo danawa issarahata
    අදාල වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. නමුත් මේ දෙන්නා තමයි මේ කෝලාහලේ ඇති වෙද්දි සහ ඊට ආසන්නම කාලයේ ප්‍රදේශයේ හිටපු ආණ්ඩුවේ ප්‍රබලයින්. පුස්තකාලය පේනමානයේ හිටියත් මැදිහත් වුනේ නෑ කියන එක චෝදනාවක්. පිටින් මැරයෝ ගේන්න, පොලිසිය හමුදාව පහරදෙන්න: මේවා නොදැන හිටියා වෙන්න අමාරුයි.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අදාල වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. නමුත් මේ දෙන්නා තමයි මේ කෝලාහලේ ඇති වෙද්දි සහ ඊට ආසන්නම කාලයේ ප්‍රදේශයේ හිටපු ආණ්ඩුවේ ප්‍රබලයින්. පුස්තකාලය පේනමානයේ හිටියත් මැදිහත් වුනේ නෑ කියන එක චෝදනාවක්. පිටින් මැරයෝ ගේන්න, පොලිසිය හමුදාව පහරදෙන්න: මේවා නොදැන හිටියා වෙන්න අමාරුයි.
    කෝලාහලයක් කියන්නේ ඉතින් පටන් ගත්ත එකටවත් control නැති දෙයක් වෙන්න ගත්තට පස්සේ . ලග තියා පුස්තකාලේ ඇතුලේ හිටියත් ඉතින් මොනවා කරන්නද . මන් මේක ඇහුවේ කරපු හරි උන් ඉද්දි වෙන උන්ගේ නම් යන හින්දා .
     
    pawann

    Member
    Dec 1, 2024
    16
    4
    3
    කෝලාහලයක් කියන්නේ ඉතින් පටන් ගත්ත එකටවත් control නැති දෙයක් වෙන්න ගත්තට පස්සේ . ලග තියා පුස්තකාලේ ඇතුලේ හිටියත් ඉතින් මොනවා කරන්නද . මන් මේක ඇහුවේ කරපු හරි උන් ඉද්දි වෙන උන්ගේ නම් යන හින්දා .
    ඔව්.. අපිට හරියටම කියන්න බෑ හරියටම අණ දීම අවසර දීම කොතනින් ආවද, කවුද අඩු වැඩි වශයෙන් කරේ කියලා. පැහැදිලි එකම දේ ආණ්ඩුවේ අනුබලය මත මේ විනාශය කරලා තියෙන බව විතරයි..

    -ඔය සියල්ලටම මුල කාලකන්නි බන්ඩා 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීම

    -රාජ්‍ය භාෂාව විදියට ඉංග්‍රීසි දිගටම තිබුනා නම්,
    ජනතාව අමාරුවෙන් හරි ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පෙළඹෙනවා.

    -එහෙම උනා නම් මීට වඩා අවස්ථා සිය ගුණයක් ජාතියට විවෘත වෙන්න තිබුණා 70, 80 දශක වල
    ඒ කාලයත් තීරණාත්මකම සිදුවීම් වෙච්ච එකක්. හැබැයි ‍හොයල බලන්න බලන්න ප්‍රශ්නවල ආරම්භය ඔතනටත් එහා තැන්වලින් එන බව තේරෙනවා..

    අපි හැමෝම කැමතියි සරලව අවබෝධ කරගන්න දෙයක් හොඳද නරකද කලුද සුදුද කියලා, හැබැයි මේ හැම එකක්ම වාගේ දෙතුන් පැත්තක් බැලන්ස් කරපුවා. ඒ ඒ අවස්ථාවල තීරණ ගැනීමේ බලය තිබුන අයගේ ප්‍රමුඛතා වටිනාකම් අනුව බැලන්ස් එක තීරණය වෙලා තියෙන්නේ. ඇත්තටම ඒක තනි තනි පුද්ගලයන් විසින් ඇති කරපු ප්‍රශ්නවලට වඩා එහා ගියපු දෙයක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ වැඩිම වෙනස්කම් ගණනක් වුන දශක තමයි 1970-1990 කාලය. මේ කාලයේ වෙච්ච දේවල් දැන් අපිට හිතාගන්නවත් අමාරු මට්ටමේ වෙනස්කම්. 71, 88/89 කැරලි ගැන ඇරුණාම ගොඩක් දෙනෙක් මේවා අහලවත් නෑ. ඒත් මේ සිදුවීම් වල පසුබිම හරිම විශේෂයි. අදටත් අපි රටක් විදියට එදා වැටුණු වලවල් වලම වැටි වැටි යන්නේ මේ ළඟම ඉතිහාසයෙන් අපි ඉගෙන නොගන්න නිසා. මම කොවිඩ් දවස්වල අපේ රටේ මෑත ඉතිහාසය ගැන කරපු අධ්‍යනයක කොටසක් මේ share කරන්නේ. 1977-1988 කාලය තෝරාගත්තේ අපිට සමීපම වෙනස්කම් ගණනාවක් සිද්ද වෙච්ච කාලපරාසයක් නිසා සහ මේකාලයේ එකම පාර්ලිමේන්තුවක් සහ ජනාධිපතිකෙනෙක් අපේ රට මෙහෙයුව නිසා.

    අපි ගතයුතු වැදගත්ම දේ තමයි අතීතයෙන් ඉගෙන ගැනීම. එහෙම නැතුව කවුද හරි කවුද වැරදි හෙවීම අපිටවත් රටටවත් පලක් ඇති දෙයක් නෙමේ. ඒවා වෙනස් කරන්නවත් පුලුවන් දේවල්වත් නෙවේ. අනික මේ එකින් එක සිදුවීම් හුදෙකලා දේවලුත් නෙමෙයි.. ඒ ඒ අවස්ථාවල තිබුණ තත්වය සහ ප්‍රමුඛතා මොනවද කියලා අපිට උපකල්පනයන් විතරයි කරන්න පුලුවන්.

    අනික් අතට, මේ ලිස්ට් එක සිදුවීම් සියල්ල නිරූපණය කරන සර්ව සම්පූර්ණ එකකුත් නෙමෙයි. ඒ නිසා ඔබ දන්න මිස් වෙච්ච දේවල් තියෙනවා නම් කියාගෙන යන්න මේකට එකතු කරන්න.

    • 1977 ජූලි - පාර්ලිමේන්තු මැතිවරණය, ආසන 168 න් 140 ක් (5/6) විශාල ජයග්‍රහණයක් JR ජයවර්ධන ප්‍රමුඛ UNP පක්ෂය දිනාගනී.
    • 1977 සැප්තැම්බර් - ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නියමුවා සහ බහුජාතික ඖෂධ සමාගම්වල අපභාවිතයට එරෙහි ක්‍රියාකාරියෙකු වූ සේනක බිබිලේගේ ගුප්ත මරණය.
    • 1977 නොවැම්බර් - පාලන විධාන නොමැතිව විවෘත වෙළඳපොළ ආර්ථිකය හඳුන්වාදීම. රුපියලේ 187% ක විශාල අවප්‍රමාණනය වීම (ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අවප්‍රමාණනය), ඒ හා සමග වාර්ෂිකව 7-8% ක අවප්‍රමාණයකට භාජනය වීම. උද්ධමනය 10% දක්වා සහ ඉන් ඔබ්බට වැඩිවීම.
    • 1977 - නිදහස් වෙළඳ කලාප පිහිටවීම
    • 1978 - ආර්ථිකයේ දුරවලතා. වර්ධනයවීම. 1977 දී +490 මිලියන අතිරික්තයක සිට 1978 දී මිලියන -2173ක වෙළඳ හිඟයකින් ආරම්භ කර, එය වසරින් වසර වැඩිවෙමින් 1988 වන විට - මිලියන 24512 දක්වා පාලනයකින් තොරව ගිලිහී යාම.
    • 1977 - සියලු UNP පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන්, අත්සන් කළ දිනයක් නොමැති ඉල්ලා අස්වීමේ ලිපි තබාගනිමින්, සම්පූර්ණ පාලනය සහ අධිපතිවාදය තහවුරු කරමින් පාර්ලිමේන්තු නිාය්ජනය ඒකාධිපතිභාවයෙන් යටපත් කිරීම.
    • 1977 අගෝස්තු - විධායක බලතල පාර්ලිමේන්තුවෙන් ඉවත්කර තනි පුද්ගලයෙකුට පවරමින්, නීතියට හෝ පාර්ලිමේන්තුවට බැඳී නොසිටින විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරමින් JR ජයවර්ධන එම ධූරයට. (1978 පෙබරවාරි සිට බලාත්මක පරිදි).
    • 1978 - තුල්හිරිය රෙදි කම්හලේ පාලන කටයුතු බවුස්ටඩ් සමාගම වෙත පැවරීම.
    • 1978 සැප්තැම්බර් - නව ව්‍යවස්ථාව හඳුන්වාදීම. නව මනාප ඡන්ද ක්‍රමය තුලින් ආසනයකට වගකිවයුතු මන්ත්‍රීධූර නැති .කිරීම.
    • 1979 - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වාදීම. අධිකරණයකින් තොරව ඕනෑම අයෙකු පරික්ෂාකිරීම, අත්අඩංගුවට ගැනීම, සහ රඳවා තබාගැනීමසඳහා බලතල ආරක්ෂක අංශ වෙත ලබාදීම.
    • 1979 – Ceylon Transport Board (ලාභලබමින් සිටි) අර්ධ-පෞද්ගලීකකරණය කිරීම. බස්රථ නිෂ්පාදන අංශ ඇතුලුව. ආන්දෝලනාමත්මක බස්රථ වෙන්දේසිකරණය.
    • 1980 - විපක්ෂයේ ප්‍රධාන නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ සිවිල් අයිතීන් අහෝසි කරමින් ඇතිවිය හැකි දේශපාලනට අභියෝග වළක්වාගැනීම.
    • 1980 - ප්‍රථම වරට රාජ්‍ය ආයතනයක් පුද්ගලික අංශයට පැවරීම → United Motors Limited
    • 1980 - උද්ධමනය හමුවේ වැටුප් වැඩිකිරීම් ඉල්ලා දීපව්‍යාප්ත ඒක්බද්ධ වැඩ වර්ජනය (100, 000 ක පමණ පිරිසක් සහභාගි වේ).
    • 1980 - වැඩවර්ජිත සේවක දස-දහස් ගණනක් සේවයෙන් පහකිරීම, වෘත්තිය සමිති නායකයන් සහ ක්‍රියාකාරීන් පාතාලය විසින් ඝාතනය වීම.
    • 1980 - තුල්හිරිය රෙදි කම්හලේ පුද්ගලික අංශයට පැවරීම → Bombay Dyne → පසුව Kabool Lanka → මේ වනවිට MAS Holdings
    • 1980 - රනිල් වික්‍රමසිංහගේ නිදහස් අධ්‍යාපන අවස්ථා අඩු කිරීම හා පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මුල්කරගත් අධ්‍යාපන ධවල පත්‍රිකාව හේතුවෙන් ශිෂ්‍ය අරගල මතු වීම.
    • 1981 මැයි - රාජ්‍ය අනුග්‍රහය ඇතිව යාපනය පුස්තකාලය ගිනි තැබීම.
    • 1981 ජූනි - යාපනය දිස්ත්‍රික් සභා මැතිවරණය කොල්ලකෑමේ උත්සාහය. (ලංකා ඉතිහාසයේ ප්‍රථම මහාපරිමාණ මැතිවරණ කොල්ලය)
    • 1979-1982 - පාර්ලිමේන්තුව සාමාන්‍ය ජනතාවට ළඟා විය නොහැකිසේ දියවන්නාව මධ්‍යයේ පිහිටුවීමට විශාල ව්‍යාපෘතියක් දියත් කිරීම.
    • 1982 - පමණ වනවිට මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති සහ කොමිස් සංස්කෘතියක් නිර්මාණය විම.
    • 1982 - කොට්ටේ "ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ" ලෙස නම්කිරීම සහ එය ශ්‍රී ලංකාවේ නව අගනුවර බවට පත් කිරීම.
    • 1982 - ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති මැතිවරණය ජේ. ආර්. ජයවර්ධන ජයග්‍රහණය කරයි. JVP ප්‍රථමවතාවට මැතිවරණයට ඉදිරිපත් වෙමින් රෝහණ විජේවීර 3වන ස්ථානයට පැමිණේ.
    • 1982 - විජය කුමාරතුංග හදිහි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම.
    • 1982 - ජනතා විමුක්ති පෙරමුණ (JVP) තහනම් කිරීම.
    • 1982 - පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරමින්, එය වසර 6 කට දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පවත්වා. පාර්ලිමේන්තුවේ 5/6 බහුතරය තවත් 6 වසරක් දිගු කර ගැනීම.
    • 1983 – මහර අතුරු මැතිවරණය: ආන්දෝලනාත්මකව ඡන්ද දෙවන වර ගණනය කිරීම මගින් විජය කුමාරතුංග පරදා ආණ්ඩු පක්ෂය බලය රඳවාගැනීම.
    • 1983 - ජනප්‍රසාදය වර්ධනය කරගනිමින් සිටි ර. ප්‍රේමදාසගේ දැඩි විවේචකයකු වූ උපාලි විජයවර්ධනගේ අභිරහස් අතුරුදහන්වීම.
    • 1983 – National Milk Board පෞද්ගලිකකරණය → Lanka Milk Foods PLC & IDPL (now 100% Nestle)
    • 1983 - රාජ්‍ය අනුග්‍රහයෙන් දෙමළ කෝතාහල ඇතිවීම සහ වැලිකඩ බන්ධනාගාර සංහාරය.
    • 1984 - JR ජයවර්ධනගේ ක්‍රියාවන් පිළිබඳව විවේචනයක් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉවත් කිරීමේ උත්සාහය. විනිසුරු විශ්‍රාමගනී.
    • 1984 - රජයට අයත් ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලා අවාසි සහගත (ටෙන්ඩර් පටිපාටි වෙනස් කරමින්) ගිවිසුම් හරහා පුද්ගලික අංශයට පැවරීම Noorani Tile Works, Vijaya Tiles, Shaw Industries → මේවන විට Lanka Tiles PLC
    • 1984 - 1987 - ප්‍රථම "ඊලාම් යුද්ධය"
    • 1985 - LTTE සමඟ පැවති පළමු සාම සාකච්ඡා (තිම්පු සාකච්ඡා).
    • 1985 - හමුදා මෙහෙයුම් මගින් ත්‍රිකුණාමලය දෙමළ ජනයා ඝාතනය කිරීම.
    • 1985 – කොත්මලේ, වික්ටෝරියා ජලාශ සාදා නිම කිරීම සහ විවෘත කිරීම
    • 1986 – මාදුරු ඔය, රන්දෙණිගල ජලාශ කිරීම සහ විවෘත කිරීම
    • 1986 - විජය කුමාරතුංග LTTE පාලනය යටතේ පාවති යාපනය වෙත ගොස් නායකයන් කීප දෙනෙක් සමග සාකච්ඡා කිරීම.
    • 1986 - සිරිමාවෝ බණ්ඩාරනායකගේ සිවිල් අයිතීන් නැවත ලබාදීම
    • 1986 - ශ්‍රී ලංකා ජාතික සම්මාන ආරම්භ කිරීම. ර. ප්‍රේමදාසම වෙත "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය පිරිණැමීම
    • 1987 - වඩමාරච්චි මෙහෙයුම: LTTE නායක ප්‍රභාකරන් පැනයාගත නොහැකිව යාපනයේ කොටුවීම.
    • 1987 – ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම. මෙහිදී, ශ්‍රී ලංකා හමුදාවන් ආපසු කැඳවමින්, ඉන්දීය සාමකාමී හමුදාවන්ට ශ්‍රී ලංකාවේ ක්‍රියා කිරීමට අවසර ලබාදීම, උතුරු සහ නැගෙනහිර පළාත් එක් කිරීම, වෙනම පාලන බලය ලබාදීම සඳහා පළාත් සභා , ප්‍රදේශීය සභා පද්ධතිය හඳුන්වාදීම (13වන ව්‍යවස්තා සංශෝධනය).
    • 1987 – JVP කැරැල්ල ආරම්භ කිරීම (මේ වන විට වසර 5ක් දේශපාලනය තහනම් වූ පක්ෂයක්). ඉන්දීය හමුදා වට සහ ආණ්ඩුවට එරෙහිව DJV බිහිවීම.
    • 1987 - 1989 - රාජ්‍ය අනුබලලත් ඝාතන කඳවුරු, සහ වදකාගාර .
    • 1987 – LTTE මගින් නාගෙනහිර පලාතේ සිංහල ජනයා ඝාතනය කිරීම.
    • 1987 - J.R. ජයවර්ධන පදනම පිහිට වීම: මෙම කාලය පුරා පිළිබඳ සියලු ලිපිලේඛන ජාතික ලේඛණාගාරයට යැවීම වෙනුවට මෙම පදනම වෙත පැවරීම සහ ඒවා තබාගැනීමට වෙනම යාන්ත්‍රනයක් සැකසීම.
    • 1988 - උතුර සහ නැගෙනහිර පළාත් එක්කොට උතුරු-නැගෙතේනහිර පළාත නිර්මාණය කිරීම. පළමු පළාත් පාලන මැතිවරණය.
    • 1988 - 1989 පළමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ශිෂ්‍ය විරෝධය North Colombo Medical College (රාගම)
    • 1988 - J.R. ජයවර්ධනගෙන් පසු නව නායක තෝරාගැනීමේදී පක්ෂය තුළ ඡන්දය විමසීමට ඉඩ නොදීම. රණසිංහ ප්‍රේමදාස නායකයා ලෙස නම් කිරීම.
    • 1988 - විජය කුමාරතුංග ජනාධිපති මැතිවරණයට පෙර ඝාතනය කිරීම.
    • 1988 - ර. ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මැතිවරණය ජයගැනීම.
    • 1989 - පාර්ලිමේන්ත්‍ර මැතිවරණය (වසර 12කට පසු)
    • 1989 - රෝහණ විජේවීර ඝාතනය
    • 1989 - ඉන්දීය සාමසාධක හමුදා ඉවත්වීම
    ඔය ලොකු ලිස්ට් එකෙ තම්බි වග කියන්න ඔනෙ එවා හයිලයිට් කරන්නකො අනෙ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    • 1980 - රනිල් වික්‍රමසිංහගේ නිදහස් අධ්‍යාපන අවස්ථා අඩු කිරීම හා පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මුල්කරගත් අධ්‍යාපන ධවල පත්‍රිකාව හේතුවෙන් ශිෂ්‍ය අරගල මතු වීම.
    meka gana wenama thread ekak thibba hambunoth dannam.,

    oya genna hadapu eka kiyana thram kalu ekak neme, namuth UNP karayek handayi amulika english beethikawak hindayi wade yata gahuwa,

    pora karanna hadapu eka hoda wadak, eka kara nam bandage sinhala only karala ratata karapu winasaya me wenakota 50-60% wath adu wenwa,