ශ්‍රී ලංකාවේ අනාගතය විසඳෙන්නේ කෙසේ ද

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    ශ්‍රී ලංකාවේ අනාගතය විසඳෙන්නේ කෙසේ ද

    අද වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය පටන් අරගෙන දවස් 43 ගත වී අවසන්.

    එළකිරියේ දේශපාලන නූලක් පටන් ගන්නවා කියන්නේ සියදිවි නසා ගන්නවා වගේ වැඩක්.

    රනිල්ට බැන්නොත් මම ජාතිවාදී බයියා. මහින්ද ට බැන්නොත් බටහිර ගැති ටොයියා. දෙන්නටම බැන්නොත් එක්කෝ ජෙප්පෙක් නැත්නම් පිස්සෙක්.

    දේශපාලන මතවාද පක්ෂ පැත්තකින් තියලා රට ගැන හිතලා එළකිරි පවුලේ සාමාජිකයො විදිහට අපට එකතු වෙලා යමක් කථා කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න ඕනෑ කියල මම හිතන්නෙ.

    දේශපාලනඥයා මහජනතාවගේ සේවකයා කියන මතවාදය ට නැවත රට අරගෙන යන තුරු මේ විදිහට දේශපාලන අර්බුද ඇති වෙන එක නතර වෙන්නෙ නැහැ.

    මොකද 1980 ගණන් වලින් පසුව බලයට එන්න සැලකිය මුදලක් ඕනෑ ජන්දය "කරන්න". ඒ මුදල මහජනතාව දුන් දෙයක් නෙමෙයිනෙ. ඒ නිසා දේශපාලනඥයා ට සිදු වුණා අනිමින් සල්ලි එකතු කරන්නත් ඒ සල්ලි විසිකරන එවුන්ට සලකන්න.

    අපි මේ ක්‍රමය ගැන මීට වඩා වැඩි අවබෝධයකින් කථා කරන්න ඕනෑ. දේශපාලන මතයක් දැරුවට කමක් නැහැ.

    අපේ රට අද එක තැනක හිරවෙලා තියෙනවා.

    ආරම්භයක් විදිහට තමන්ගේ ප්රදේශයේ පාර්ලිමේන්තු නියෝජිතයන් කථා කරලා මේ අර්බුදය ගැන රටේ අස්ථාවරභාවය ගැන පොඩ්ඩක් දෙහි කපන්න. නියෝජිතයින්ගේ ලේකම් ට හරි කියන්න. ඔහේ බකංනිලාගෙන හිටියොත් ඊළඟ පරම්පරාව දුක් විඳිනව හූල්ල හූල්ල ඉන්න වෙන දවසක් ළඟම එනවා. :yes:

    සැහෙන තටඹලා ටයිප් නිකම්ම බම්ප් දැම්මොත් හෝ නොදැක්කා වගේ ගියොත් ගෙදරට ඇවිත් ගහලා යන්නේ. :angry:

    ස්තූති කියෙව්වා ට :love:

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,020
    113
    සේදවත්ත
    වැඩක් නෑ බන් ත්‍රෙඩ් දැම්මට මේකේ ඉන්නේ වහල්ලුන්ගේ කුනු කතායි රෙප් කැපිලි විතරයි. මුන්ට මේක ගොඩ ගන්න ඕන කමක් නෑ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපන් ඒත් හොද දෙයක් වෙන්න තියන සම්භාවිතාව 0.001 වගේ . කෝකටත් බත්තරමුල්ලේ ගිහින් පාස්පෝට් එක එම හදලා තියාගනින්. යන විදියටනම් හයිටි වගේ වගේ වෙන සීන් එකක් තියෙන්නේ. ඒ තරමට අපේ බහුතරයක් ගොන් බදින කනු
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    එළකිරියේ දේශපාලන නූලක් පටන් ගන්නවා කියන්නේ සියදිවි නසා ගන්නවා වගේ වැඩක්.

    රනිල්ට බැන්නොත් මම ජාතිවාදී බයියා. මහින්ද ට බැන්නොත් බටහිර ගැති ටොයියා. දෙන්නටම බැන්නොත් එක්කෝ ජෙප්පෙක් නැත්නම් පිස්සෙක්.

    මේක තමයි චාටර්ම සීන් එක..:dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,985
    113
    Awulak ne bn sinhalu kiyanne kela unoth ra tikak bila hatharagate wetila inna puluwan set ekak