ශ්‍රී ලංකාවේ ඇකඩමික් අර්බුධය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    ශ්‍රී ලංකාවේ ඇකඩමික් අර්බුධය

    ඇකඩමික් අර්බුධය
    1-667.png

    දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍ය දයා අමරසේකර මහතා පවසයි. මේ බව කියන්නේ දේවාලයක කපුවෙක් හෝ විඝටන ආබාධයකින් (Dissociative disorder ) හෝ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලෙන රෝගියෙකු විසින් නොවේ. ලංකාවේ ප්‍රකට විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙකි.

    මීට ඉහතදී කැළනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ දෙවියන් මගින් පරියේෂණ කල බව කියමින් විනෝද සමයක් ගෙන ආවේය. මහාචාර්‍ය නලීන් ද සිල්වා නාථ පරියේෂණය පිලිබඳව මම යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂණ මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් හට කීවෙමි. මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප් දෑස් ලොකු කරගෙන මදෙස බලා සිටියා විනා කිසිවක් නොකීවේය​.

    ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල (ඊනියා) උගතුන් හට බරපතල අර්බුධයක් තිබේ. එනම් තම ක්ශේත්‍රයේ අන්තර්ජාතික වශයෙන් පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් එළි දැක්වීමට තිබෙන නොහැකියාවයි. එම නිසා ලෝකය ඉදිරියේ තමන් නිකමෙකු බවට පෙනී යන විට මෙවැනි බහුරූ කෝලම් ඔවුන් විසින් පෙන්වනු ලැබේ. එමගින් අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වන විචාර බුද්ධිය අඩු කොටස් අතර ඔවුන් ජනප්‍රිය වෙති.

    කොලඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු බව කියන මහාචාර්‍ය චන්දන ජයරත්න තමන් ගේ ක්ශේත්‍රයේ පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් කල බවක් අප අසා නැත​. එහෙත් ඔහු මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන්නෙකි. වරක් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මට අපූරු කතාවක් කීවේය​. මේ 2003 පමණ කාලයේ සිදුවූ සිදුවීමකි.

    මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රතිකාර කරන ලද කාන්තා භින්නෝන්මාද රෝගියෙකු ඥාතීන් විසින් මානසික ප්‍රතිකාර සඳහා තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න වෙත ගෙන යන ලදි. කපුවෙකු මෙන් සුදු වතින් සැරසී සිටි චන්දන ජයරත්න රෝගියාට මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් නිර්දේශ කරන ලද ප්‍රති මනෝව්‍යාධික ඖෂධ සියල්ල නවතා දමන ලෙසට උපදෙස් දුන්නේය​. ඉන් පසු රෝගී කාන්තාවට සහ ඇයගේ ඥාතීන්ට කියා සිටියේ යාබද නිවසේ අය විසින් කරන ලද කොඩි විණයක් නිසා භූත ආත්මයක් ඇයගේ ශරීර ගතවී සිටින බවකි. ඉන් පසු සිදු වූයේ ජන්ජාලයකි. ඔවුන් අසල් වැසියන් සමග උරණව දබර කර ගත්තෝය​. ඖෂධ නොමැති වීම නිසා භින්නෝන්මාද රෝගී කාන්තාවගේ මනෝව්‍යාධික තත්වය උත්සන්න වූවාය​. අවසානයේදී ඇය දිවි තොර කර ගැනීමට පවා ගියාය​. කෙසේ නමුත් යලිත් අංගොඩ රෝහල වෙත රෝගී කාන්තාව ගෙන ඒමෙන් පසුව යලිත් ඇය නිසි ප්‍රතිකාර ලැබුවාය​.

    මේ කතා වලින් පෙනී යන්නේ අද ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල වල ආචාර්‍ය, මහාචාර්‍ය වරුන් පත්ව සිටින දුක්ඛදායක තත්වයයි. ඔවුන් දැණුම සොයා නොයති. දැණුම ලැබෙන සාකච්ඡා නොපවත්වති. අන්තර්ජාතික ප්‍රජාව සමග සම්බන්ධ වී දැණුම ගවේශණය නොකරති. මේ නිසා සීමිත දැණුමක් සමග කොටු වෙන ඔවුන් විචාර බුද්ධිය අඩු කොටස් අතර පණ්ඩිතයන් මෙන් පෙනී සිටීම සඳහා බහුරූ කෝලම් කතා කියමින් ගැලරිය පිනවති.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
    http://transyl2014.blogspot.com/2018/04/blog-post_30.html
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වෛද්‍ය රුවන් එම් ජයතුංග kiyanne aththatama doctor kenek da ?
    fake kenk wage ..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,232
    9,127
    113
    ශ්‍රී ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල (ඊනියා) උගතුන් හට බරපතල අර්බුධයක් තිබේ. එනම් තම ක්ශේත්‍රයේ අන්තර්ජාතික වශයෙන් පිලිගැනෙන පරියේෂණයක් , ග්‍රන්ථයක් , පත්‍රිකාවක් එළි දැක්වීමට තිබෙන නොහැකියාවයි.

    True story :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,942
    113
    canada
    ලංකාවේ university වල ඉන්න අය පිටරට් ඇවිල්ල ඉගෙනගෙන සමහර වෙලාවට professor විදයට වැඩ කරන්න අවස්ථාව හම්බවෙනවා. ඒ ගොල්ලෝ පර්යේෂණ කරලා ජාත්‍යන්තර මට්ටමේ conference වල පලකරනවා. මේගැන දන්නේ නැතිනම්, ieee/iee එකේ ගිහිල්ල හොයාගන්න.
    මම professor කෙනෙක් නොවුනට ගිය අවුරුද්දේ papers 4 කට සම්බන්ද වෙලා තියෙනවා.

    එත් professor කෙනෙක් ලංකාවේ ඉන්න කොට, ජාත්‍යන්තර මට්ටමේ publications අඩුයි. එත් දැන් ටික ටික ජාත්‍යන්තර මට්ටමේ conferences තියෙනව ඉස්සරට වඩා. අවරුදු 10-15 කලින් ට වඩා දැන් තත්වය හොදයි.

    මේකට හේතු ගොඩක් තියෙනවා (ලේසි නිසා කඩ්ඩෙන් දාන්නම්)

    (1) lack of industrial and university relationship.

    Industry and university are benefiting each other. Most of the practical problems comes from technologically advanced industry.
    The small company I am working currently provide financial support for around few postdocs + 5-6 Phd and around 10 masters. We are collaborating several projects with university profs. There are more than 10-15 such industries in our field alone supporting university.
    If we do not have such supporting industry, then university research is poor. Money is everything!:rofl:

    (2) poor research funding - funding is mainly come from government and industry. You have to pay for students.....research expenses etc

    (3) bureaucracy - it is difficult to work with traditional rules. I knew one prof who want to buy a part for his computer. He spend lot of time filling forms to get that part!

    (4) poor media - They publish bullshit (like this) from few funny researchers, the but not the work/research done by university.

    (5) profs are poorly paid. They are struggling to earn money rather than doing research. That was the reality 10 years ago. If they migrate to another country, they can earn 20* more with many research grants.

    (6) Even there was no access to international publications as they are expensive (this was the reality years ago)
     
    Last edited:

    විස්තරේට ඉස්තුත්යි

    (4) poor media - They publish bullshit (like this) from few funny researchers, the but not the work/research done by university.

    මේකනම් ලංකාවේ මදි නොකියන්න වෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහාචාර්ය නලීන්ද සිල්ව විනෝද සමයන් ගෙනාව කියල කියන්න පණ්ඩිතයො නං ඕනෙ තරං ඉන්නව ඒත් ඒ එක්කෙනෙක්ටවත් තාම පුලුවන් වෙලා නෑ රජරට පැතිරෙන වකුගඩු රෝගයට හේතුව මොකක්ද කියන්න. කියන්නෙ නං විද්‍යාව, විද්‍යා සමාජය මාර නිර්පාක්ශිකයි හෙන විවෘත මනසකිං හිතන්නෙ කියල. ඒ වුනාට රජරට වකුගඩු රෝගය පැහැදිලි කෙරෙන හොඳම ප්‍රවාදය (theory) ඉදිරිපත් කරල තියෙන්නෙ නලීන්ද සිල්ව ප්‍රමුඛ කණ්ඩායම විසින්.

    ශ්‍රීනිවාස රමනූජන් (දන්නැත්තං ගූගල් කරල බලන්න) සමීකරණ දෙවියො කියා දෙනව කිව්වාම gh හාඩිත් ඒ මනුස්සයව පිස්සෙක් භින්නෝන්මාද කාරෙයක් කියල ගණං ගන්නැතුව හිටිය නං මරුවට තියෙයි. හාඩිත් අදේවවාදිය තමා. ඒත් රමනූජන් දෙවියො එයාට කියනව කියල කියපු දේවල් පිලිගත්ත. විද්‍යාත්මක ක්‍රමේ දැනුම ලැබෙන්නෙ කොහෙන්ද කොහොමද කව්ද කියන්නෙ මේ කිසිම දෙයක් වැඩක් නෑ. බලන්නෙ දැනුමෙන් අදාල සිදුවීම හරියට විස්තර වෙනවද කියල විතරයි. නිව්ටන්ල යන්තර මන්තර ගැන හැදෑරුව කියල අහල නැති ගැලීලියෝල කේන්දර බැලුව කියල අහල නැති විද්‍යාඥයො කියල මාර තර්කාණුකූලව හිතන අමුතු ෆැන්ටසි ඉතිහාසයක් ගැන හිතාගෙන ඉන්න ගුරුත්වාකර්ශණෙයි ඇපල් ගෙඩි බිමට වැටෙන එකෙයි වෙනස තේරෙන්නැති බබාල නලීන්ද සිල්ව විනෝද සමයන් ගෙනාව කියල හිනාවෙනව.