ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය - ෆැන්ටසියෙ
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය - ෆැන්ටසියෙන් යථාර්තයට
[ http://www.elakiri.com/forum/showthread.php?t=1883841 යන link එක හරහා ම විසින් 2019 ජනවාරි මස 01 වැනිදා 11.50 PM පලකල ලිපිය, එම ලිපියේ පහල සඳහන් කල තිබු ආකාරයට දෙවන කොටසක් තව දුරටත් එක් නොකොට පළමු කොටස, තව දුරටත් විශාල සංස්කරණයකට ලක් කර දෙවන කොටසත් ඊට ඈදා, මෙම ලිපිය සකස් කරන්නට යෙදුනි. මන්ද ඕනෑම ලිපියක් කොටස් කීපයකින් කියනචාට වඩා, තනි ලිපියක් ලෙස කියවීම, ලිපියේ සංගත බවට මෙන්ම, පාඨක ප්‍රසාදය සඳහාද එය පිටුවහලක් වන හෙයිනි. ]
සාමාන්‍යයෙන් මහා බ්‍රිතාන්‍යයේ ( එංගලන්තය සහ වේල්සය, ස්කොට්ලන්තය, අයර්ලන්තය ) MBBS උපාධිධාරියා හදුන්වන්නේ “Physician” කෙනෙක් වශයෙන්, එයාට අවුරුදු 50 වෘත්තීය පළපුරුද්දක් තිබුනත් එය කිසිලෙසක වෙනස් නොවන අතර ආමන්ත්‍රණ නාමය ”Mr” වෙයි. ඉහත සඳහන් කළ MBBS උපාධිධාරියා M.Sc, M.Phil, Ph.D. වැනි පශ්චාත් උපාධි සම්පූර්ණ කර තිබුනත්, එයා “Dr” යන නාමයෙන් ආමන්ත්‍රණ නොකරන අතර, ඒ වෘත්තීය තත්වය හෙවත් Status of Doctor ලබා ගැනීමට, එයා එක්කෝ MD උපාධිය සමත්විය විය යුතුයි නැත්නම් MRCP(UK), MRCOG(UK ) …. ආදී වශයෙන් මහා බ්‍රිතාන්‍යයේ ඇති කිසියම් වෛද්‍ය සංගමයක පුර්ණ සාමාජිකත්වය දැරිය යුතුයි. MRCP(UK), MRCOG(UK )…වැනි වෛද්‍ය සංගම් Part I, Part 2... ආදී වශයෙන් වාර්ෂිකව විභාග පවත්වා, ඒ ආශ්‍රීත විශේෂඥතාව අනුව Status of Doctor එක ලබා දේ. ( Ph.D උපාධිධාරීන් “Dr” යන නමින් ආමන්ත්‍රණ කලද, එය MD උපාධිධාරීයෙක් හෝ වෛද්‍ය සංගමයක පුර්ණ සාමාජිකත්වය සමග ලබා දෙන Status of Doctor සමඟ සම්පුර්ණයෙන් වෙනස් වෙයි. මන්ද Ph.D උපාධිය Academic Qualification වන අතර MD උපාධිය හෝ කිසියම් වෛද්‍ය සංගමයක් විසින් පිරිනමනු ලබන පුර්ණ සාමාජිකත්වය, Professional Qualification ලෙස හදුන්වනු නිසා වෙනි )
තවද, ශ්‍රී ලංකාව තුල නම් මේ ප්‍රමිතිය කෙසේ වෙතත්, SLMC හෙවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකත්වය දරන ඕනෑම අයකුට වෛද්‍යවරයකු ලෙස සේවය කල හැක. එමෙන්ම ඉහත සදහන් කල “Mr.” සහ “Dr.” යන ආමන්ත්‍රණ නාම ශ්‍රී ලංකාවටත් පොදු අතර, මේ සම්බන්ධව MBBS උපාධිධරයෙක් සමග තර්ක කර පැහැදිලි කරන දෙනවාට වඩා, උග්‍ර JVP කාරයෙක් හෙවත් ජෙප්පෙක් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විසින් රටට කල සේවය සම්බන්ධයෙන් විවාදයක් පවත්වා, යන්තමික් හෝ බිදක් ඔහුට ඒත්තු ගැන්වීම පහසුය.
තවද, ඉංජිනේරු වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ සම්මුතීන් තුනක්, එනම් Washington Accord, Sydney Accord සහ Dublin Accord වශයෙන් ලෝකයේ සම්මත කර ඇති අතර, ශ්‍රී ලංකාව හා සම්බන්ධ වන්නේ Dublin Accord සම්මුතිය නිසා ඒ ගැන පමණක් මෙහිදී සාකච්ජා වෙයි.
මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු වැදගත් කාරණයක් නම්, ශ්‍රී ලංකාවේ හෝ වෙන ඕනෑම රටක Engineer Designation එක රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන වලින් ලබා දෙන තනතුරක් සහ එම ආයතයෙන් ඉවත් වීමෙන් හෝ කිසියම් ආයතනයක උක්ත තනතුරේ සේවය නොකර තමා ඉංජිනේරුය පවසන තැනැත්තා, සැබැවින්ම ඔල්මාදකාරයකු ලෙස සැලකිය යුතුයි.
තවද, B.Sc, B.Tech, B.Eng, M.Eng වැනි විශ්ව විද්‍යාල උපාධියක් හෝ City & Guilds Post Graduate Diploma, IESL Graduate Diploma හෝ Engineering Council Post Graduate Diploma [ Prior 2012 & now ceased ] වැනි උපාධිධරයෙක්, අදාළ ආයතනයක් විසින් පත් කරන ලද Engineer Designation සහිත රැකියාවක් නොමැති අවස්ථාවක, තමා Engineer කෙනෙක් වශයෙන් සැලකීම හෝ සලකා ගනු ලැබීම, එක්තරා ආකාරයකට, පාසලක් නොමැති විදුහල්පති තනතුරක් හෝ විශ්ව විද්‍යාලයක් විසින් ලබා නොදුන් “මහාචාර්ය දුරයක්” වැනි තම තමන්ගේ නුගත්කම ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නෙක් හෝ හීන මානයෙක් පෙලෙන මානසික රෝගියක් හෝ කිසියක් ප්‍රතිලාභයක් අපේක්ෂිත ප්‍රෝඩාකාරයෙක් හෙවත් වංචනිකයෙක් වශයෙන් සැලකිය යුතුයි. තවද Passport එකක් අයදුම් කිරීමේදී එහි Engineer Designation එක දමා ගැනීම සඳහා , උපාධියක් හෝ ඉහත සදහන් කලා වැනි කිසියම් වෘත්තීය සුදුසුකමක් සහිතව, තම සේවා ආයතනයෙන් Designation එක තහවුරු කර ලිපියක් ඉදිරිපත් කල යුතු බව සිහිපත් කරනු ලැබේ.
තවද ආයතන වල ( විශේෂයෙන් පුද්ගලික අංශයේ ) ඉංජිනෙරු අංශයේ Organization Structure එක සාමාන්‍යයෙන් පහත පරිදි වර්ගීකරණය දැක්විය හැක. [ සැ. යු. : මෙය ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුවේ වර්ගීකරණය සමග බොහෝ විට සංගත නොවන අතර බොහෝ විට ඒ ඒ ආයතන වල ඇති HR Division විසින් එක් එක් පුද්ගලයාගේ, අධ්‍යාපන සුදුසුකම්, රැකියාවේ රැදී සිටි කාලය, පෙර පළපුරුද්ද, Recommendation වැනි කාරණා සලක බලා, Salary Increment හෝ Promotions වැනි කරුණු සලකිල්ලට ගෙන නිර්මාණය කර ගත් අතාත්වික වර්ගීකරණයකි. ]
01. Engineers
තවද මෙම තනතුර ඒ ඒ ආයතන වල ඇති රැකියා ව්‍යාප්තිය අනුව Senior Engineer, Engineer, Junior Engineer, වර්ගීකරණයටලක් කර ඇත. එමන්ම මෙම තනතුර සඳහා බොහෝ විට B.Sc, B.Tech, B.Eng, M.Eng හෝ M.Sc වැනි විශ්ව විද්‍යාල උපාධියක් හෝ City & Guilds Post Graduate Diploma, IESL Graduate Diploma හෝ Engineering Council Post Graduate Diploma වැනි වෘත්තීය සුදුසුකමක් බොහෝ විට හෝ සලක බලන අතර, පෙර පළපුරුද්ද සමග NDT, HNDE, NDES, DT ( OUSL ), NDET ( UoVT ), Pearson BTEC HNDE, City & Guilds IVQ Diplomas හෝ ශ්‍රී ලංකා රජය විසින් පිරි නමනු ලබන NVQ සහතික සදහා ප්‍රමුඛත්වයක් ද බොහෝ විට ලබා දේ. සමහර විශේෂ අවස්ථා වල කිසිදු Paper qualification නොසලකා පෙර පළපුරුද්ද ගැනම සලකා ලබා දෙන අවස්ථා ද ඉතා සුලබව දැකිය හැක.
02. Assistant Engineers / Supervisor
සමහර ආයතන වල Assistant Engineer තනතුර, කිසියම් ආකාරයක Senior Supervisor තනතුරකට සමාන වන අතර තවත් සමහර ආයතන වල Job Rule & Responsibility සළකා බැලීමේදී මේ තනතුරු දෙක නමින් දෙකක් වුවත් මුලික කාර්යභාරය අතින් එකක් බව දැකිය හැක. තවද සමහර ආයතන වල Assistant Engineer හෝ Supervisor ගේ භූමිකාව සියුම් ඉරකින් වෙන කර දැක්වීම උගහටය. තවද, දැන් දැන් සමහර නුතන ආයතන මේ නම් ඉවත් කොට Engineering Executive නමින් මේ තනතුර ප්‍රදානය කරනු ලබයි. තවද සමහර පැරණි ආයතන Foreman යන නාමය තවමත් ව්‍යහාර කරනු දැකිය හැක. මේ සඳහා ආයතන විසින් NDT, HNDE, NDES, DT ( OSUL ), NDET ( UoVT ), Pearson BTEC HNDE, City & Guilds IVQ Diplomas, IESL Diploma හෝ ශ්‍රී ලංකා රජය විසින් පිරි නමනු ලබන NVQs වැනි පාඨමාලා සම්පුර්ණ කර ඇති අයවලුන් සඳහා අයදුම් පත් කැදවනු ලබන අතර, පෙර පළපුරුද්ද ද විශේෂයෙන් සලකා බලනු ලබයි. තවද සමහර විශේෂ අවස්ථා වල කිසිදු Paper qualification නොසලකා පෙර පළපුරුද්ද ගැනම සලකා ලබා දෙන අවස්ථා ද ඉතා දැකිය හැක.
03. Technicians
තවද මෙම තනතුර ඒ ඒ ආයතන වල ඇති රැකියා ව්‍යාප්තිය අනුව Senior Technician, Technician, Junior Technician, Trainee Technician සහ Apprentice Technician හෝ වෙනත් ආකාරයකට එනම් ශ්‍රේණි නොහොත් GRADES ( උදා : I, II, හෝ III වැනි) ආදී වශයෙන් සලකා තම ආයතනයට ගැලපෙන ලෙස වර්ගීකරණයටලක් කර ඇත. ශ්‍රී ලංකා තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා ජර්මන් කාර්මික ආයතනය, නිපුණතා පියස හරහා කියාත්මක වන දිවයින පුර ව්‍යාප්තව ඇති VTC හෙවත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වැනි ආයතන වලින් පාඨමාලා සම්පුර්ණ කර පිටවන කාර්මික ශිල්පීන් හෝ අර්ධකාලීන පාඨමාලා හදාරන නුපුහුණු කාර්මික මේ යටතේ ආයතන වලට ඒ ඒ තනතුරු සඳහා බදවා ගනී. එමන්ම NAITA හරහා NVQ ලබාගෙන ඇති හෝ NVQ යටතේ ලියාපදිංචි වී ඇති පුහුණු / නුපුහුණු කාර්මික ශිල්පීන් මේ යටතේ බදවා ගනු ලැබේ.
තවද ලංකාවේ ඉංජිනේරු අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යන්ට ශ්‍රී ලංකාවේ කාර්මික අංශයේ පාඨමාලා වල ව්‍යුහය සහ තමන් විසින් හදාරනු ලබන පාඨමාලාව කුමන අංශයට අයත් වේද යන්න පැහැදිලි අවබෝධයක් නොමැති බව බොහෝ අවස්ථාවල පෙනී ගොස් ඇති නිසා ඒ වර්ගීකරණය මෙසේ දක්වනු ලැබේ. විශේෂයෙන් සඳහන් කල යුතු දෙයක් නම් මේ පාඨමාලා වර්ගීකරණය දෙ ආකාරයකට දැකිය හැක. එනම් එක් ආකාරයක් Qualification එක පදනම් කර ගෙන ඇති අතර, අනිත් ආකාරය Level එක හෙවත් මට්ටම පදනම් කර වර්ග කරනු ලබා ඇත. තවද මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු දෙයක් නම්, මෙම වර්ගීකරණය පිළියෙළ කිරීමේදී, දැනට ශ්‍රී ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලින් පිරි නමනු ලබන ඉන්දියානු, මැලේසියානු, තායිලන්ත පකිස්තානු, චීන, ඔස්ට්‍රේලියා, බංග්ලාදේශ සහ ඇමරිකානු පාඨමාලා, අප රටේ පිළිපදින Dublin Accord සම්මුතිය හා බොහෝ විට සංගත නොවන නිසා හා දැනට ඉතා විරල මට්ට්මේන් ක්‍රියාත්මක වන නිසා නොසලකා හැර ඇත. තවද පහත වෙන වෙනම දක්වා ඇති වර්ගීකරණය යුගය, විටක එකීනෙක සමපාත වන ආකාරයද විටක එකීනෙක කිසිලෙසකත් නොගැලපෙන හෙවත් විභින්න ස්වරුපයක් දැක්වූ නිසා හැකි සැම අවස්ථාවේදී ම එකිනෙක Map කිරීමට විශාල පරිශ්‍රයක් දැරීමට සිදු වූ අතර, මීට වඩා නුරුදු අනාගතයේ භෞතික විද්‍යාව සඳහා අවශ්‍ය වන Periodic Table for Elementary Particles කිරීම දහස් වාරයක් ලේසි බව හැගුණු වාර ගණන විශාලයි.
පළමු විධිය : Qualification එක අනුව
01. Academic Qualifications
මේ යටතේ දේශීය සහ විදේශීය විශ්ව විද්‍යාල වලින් ලබා දෙන, B.Sc, B.Eng, B.Tech, Post Graduate diplomas, M.Sc, M.Tech, M.Eng, M.Phil, Ph.D උපාධි පාඨමාලා සැලකිල්ලට ගනී. [ සැ. යු. : සමහර විශ්ව විද්‍යාල විලින් ලබා දෙන Certificates, Diplomas, Advanced/Higher Diplomas ඒ ඒ උපාධි පාඨමාලා තුල Progression Route හි ඇතුලත් ව ඇති නිසා මෙහිදී වෙන වෙනම දක්වා නොමැත. Ex : ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් පිරි නමන DT හෙවත් Diploma in Technology ඩිප්ලෝමා පාඨමාලාව, B.Tech උපාධි පාඨමාලාව තුල ඇති නිසා මෙහි වෙනම දක්වා නොමැත. ]
02. Professional Qualifications
මේ යටතේ CEng, IEng, MIET ( UK ) AMIE (SL) හෝ MIE ( SL ), MIEEE (USA ), MBCS ( UK ) හෝ AMBCS ( UK ), AMIIE ( SL ), MIIE ( SL ), GCGI හෝ MCGI, MASHRAE ( USA ), MIMechE ( UK ), MInstR ( UK ) වැනි කිසියම් දේශීය හෝ විදේශීය සම්බන්ධකම් ඇති Professional Engineering Bodies විසින් ලබාදෙන අවසරික/පුර්ණ සාමාජිකත්වය හෝ CEng / IEng වැනි ලියපදිංචි වීම සැලකිල්ලට ගනී. [ සැ. යු. : BCS සහ IESL වැනි ආයතන මගින් පවත්වනු ලබන Graduate Diplomas සම්පුර්ණ කිරීමන් පසු සෘජුවම AMBCS ( UK ), සහ AMIE (SL) සඳහා අයදුම් කල හැකි නිසා, එම පාඨමාලා Vocational Qualifications යටතේ වෙනම ඇතුලත් කර නැත. ]
03. Vocational Qualifications
මේ යටතේ City & Guilds Post Graduate / Graduate Diplomas, Pearson BTEC Higher National Engineering Diplomas, City & Guilds IVQ Diplomas, SQA National Engineering Diplomas, ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙන NVQs පාඨමාලා සැලකිල්ලට ගෙන ඇත.
දෙවන විධිය : පාඨමාලා මට්ටම අනුව
01. Doctoral Degrees / Research Degrees / Post-Doctoral Degrees
මේ යටතට Ph.D, D.Tech ( OUSL ), D.Sc හෝ සමහර කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් වැනි මහා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වලින් පිරි නමනු ලබන Fellowships ඇතුලත්ය. මෙය පාඨමාලා තනිකරම Academic Qualification ගණයට ඇතුලත්ය
02. Master Degrees
මේ යටතට M.Sc, M.Tech, M.Phil හා City & Guilds Post Graduate diploma ඇතුලත්ය. මෙය Academic/ Professional/ Vocational Qualifications වල සම්මිශ්‍රණයයකි. [ විශ්ව විද්‍යාල වලින් පමණක් පිරි නමන දෙ අවුරුදු M.Sc උපාධි පාඨමාලාවල, පළමු වසර පමණක් සම්පුර්ණ කර Post graduate Diploma එක ලබා ගෙන ඉහත සඳහන් M.Sc උපාධි පාඨමාලාවෙන් ඉවත් විය හැක. තවත් සමහර විශේෂ අවස්ථාවල උක්ත M.Sc උපාධි අපේක්ෂකයාගේ , පළමු වසරේ Total GPA එක දෙවන වසර පාඨමාලාව සඳහා ප්‍රමාණවත් නොවූ විට, අදාළ පාඨමාලාවේ committee විසින් ඔහුගේ හෝ ඇයගේ යෝග්‍යතාව පරීක්ෂා කොට, ඔහු හෝ ඇය හට Post graduate Diploma එක ලබාදී ඉහත සඳහන් M.Sc උපාධි පාඨමාලාවෙන් ඉවත්කරනු ලැබේ.
03. Bachelor Degrees
B.Sc, B.Eng/ M.Eng, B.Tech, City & Guilds Graduate diplomas, IESL Graduate diplomas, BCS Professional Graduate diploma මේ යටතට ගැනේ. මෙය ද එක්තරා ආකාරයක Academic/ Professional/ Vocational Qualifications වල සම්මිශ්‍රණයයකි. දැන් ශ්‍රී ලංකාවේ රජය විසින් පිරි නමන සමහර NVQ Qualifications ද Level 6 මට්ටම දක්වා වැඩි දියුණු කර ඇත. [ සැ. යු. : ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිරි නමනු ලබන B.Sc උපාධිය පුර්ණ කාලීන සහ සිව් අවරුදු වන අතර, OUSL සහ UoVT විශ්ව විද්‍යාල වලින් පිරි නමනු ලබන B.Tech උපාධිය පුර්ණ කාලීන සහ අර්ධ කාලීන ලෙස පවත්වන නිසා පාඨමාලා කාලය එම විශ්ව විද්‍යාල මගින් තීරණය කරනු ලබයි. තවද, මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල මගින් පිරි නමනු ලබන B.Eng/ M.Eng උපාධි පාඨමාලා, ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති එම විශ්ව විද්‍යාල වල අනුමැතිය ලත් දේශීය හෝ විදේශීය සම්භවයක් ඇති පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන හරහා පුර්ණ කාලීන සහ අර්ධ කාලීන ලෙස පවත්වනු ලබන පාඨමාලා හදාරා ලබා ගත හැක. තවද, පුර්ණ කාලීන ලෙස පවත් වනු ලබන M.Eng උපාධි පාඨමාලාව සිව් අවුරුදු වන අතර යම් කෙනකුට අවශ්‍ය නම් සිව් අවුරුදු M.Eng උපාධි පාඨමාලාවේ මුල් තුන් අවුරුද්ද සම්පුර්ණ කිරීමෙන් පසු B.Eng උපාධිය පමණක් ලබා ගෙන එම පාඨමාලාවෙන් ඉවත් විය හැක. තවද NORTSHORE, CINEC වැනි උසස් අධ්‍යාපන ආයතන කීපයකින් පමණක් දැනට M.Eng උපාධිය පිරිනමනු ලබන අතර, SLIIT, SLT Training Center, ICBT, BCAS, වැනි අනෙකුත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශාල ගණනක් විසින් B.Eng උපාධිය දක්වා පමණක් පිරිනමනු ලබයි. තවද, B.Eng උපාධි පාඨමාලා වල තුන්වන වසර සඳහා සෘජුවම පිවිසීමේ ක්‍රමවේදයක් විකල්ප ලෙස බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල මඟින් සලසා දී ඇති අතර එය TOP UP DEGREES ලෙස හඳුන්වන ලැබේ. තවද, අංක 04 යටතේ දක්වා ඇති Higher Diplomas / Advanced Diplomas හරහා B.Eng TOP UP DEGREES වලට ඇතුල් වීමේ මග එම උපාධි පිරි නමනු බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවිසින් අනුමැතිය දී ඇත. ]
04. Higher Diplomas / Advanced Diplomas
මේ යටතට NDT, HNDE. NDES, DT( OUSL ) NDET ( UoVT ), City & Guilds Level 5 Advanced Diplomas, Pearson BTEC Level 5 Higher National Diplomas හෙවත් HNDs සහ SQA Level 5 Higher National Engineering Diplomas අයත් වෙයි. දැන් ශ්‍රී ලංකාවේ රජය විසින් පිරි නමන සමහර NVQ Qualifications ද Level 5 මට්ටම දක්වා වැඩි දියුණු කර ඇත. මෙය ද එක්තරා ආකාරයක Academic/ Professional/ Vocational Qualifications වල සම්මිශ්‍රණයයකි.
05. Diplomas
මේ යටතට, විශේෂයෙන් NCT, NCIT, City & Guilds Level 4 Diplomas, දිවයින පුර ව්‍යාප්ත VTC හෙවත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හරහා පිරිනමනු ලබන ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලා සහ ශ්‍රී ලංකා රජය විසින් NAITA, VTEC වැනි ආයතන හරහා ලබා දෙන Level 4 මට්ටමේ NVQ සහතික පත්‍ර ඇතුලත් වෙයි. මෙය පාඨමාලා බොහෝවිට Vocational Qualification ගණයට ඇතුලත්ය
06. Certificates
මේ යටතට , City & Guilds Level 2/3 Certificates / Diplomas, දිවයින පුර ව්‍යාප්ත VTC හෙවත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හරහා පිරිනමනු ලබන සහතික පත්‍ර පාඨමාලා සහ ශ්‍රී ලංකා රජය විසින් NAITA, VTEC වැනි ආයතන හරහා ලබා දෙන Level 2/3 NVQ සහතික පත්‍ර ඇතුලත් වෙයි. මෙය පාඨමාලා තනිකරම Vocational Qualification ගණයට ඇතුලත්ය.
තවද B.Sc, M.Eng/B.Eng හෝ B.Tech වැනි මුලික උපාධි ද M.Sc, M.Tech, M.Phil හෝ Ph.D වැනි ද්විතික උපාධි ද පිරිනැමීමට දේශීය සහ විදේශීය විශ්ව විද්‍යල සහ ශ්‍රී ලංකාවේ නම් විශ්ව විද්‍යල ප්‍රතිසම්පාදන කොමිෂන් සභාවේ අවසර ලත් රාජ්‍ය සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ( උදා : SLIIT, NSBM, SAITM ) පමණක් නියාමනය කර ඇති අතර City & Guilds, Engineering Council ( UK ), BCS ( UK ) හෝ IESL වැනි දේශීය සහ විදේශීය Professional Engineering Bodies, B.Sc, M.Eng හෝ B.Tech වැනි මුලික උපාධි පාඨමාලා, Graduate Diplomas ලෙස නම වෙනස් කර පිරි නමනු ලබන අතර, M.Eng, M.Sc වැනි ද්විතික උපාධි පාඨමාලා, Post Graduate Diplomas ලෙස නම වෙනස් කර පිරි නමනු ලැබේ. මන්ද Bachelors හෝ Masters වැනි උපාධි පිරි නමනු ලබන ආයතනය, University Status එක අනිවාර්යෙන් ලබා තිබිය යුතු අතර, Professional Engineering Bodies සඳහා උඩ සඳහන් කල University Status ලබා නොමැති නිසා ඔවුන්, Bachelors හෝ Masters වැනි උපාධි, පිළිවෙලින් Graduate Diploma සහ Post Graduate Diploma ලෙස පිරි නැමිය යුතුයි.
තවද දීර්ඝ ලෙස ඉහත දැක්වූ උක්ත කරුණු දෙස මධ්‍යස්ථව, විචාරාක්ෂිය යොමු කිරීමේදී පෙනීයන ප්‍රධාන කරුණක් නම් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය සඳහා නිසි ප්‍රමිතියක් හෝ නියාමනයක් මේ දක්වා රාජ්‍ය අංශයෙන් ගෙන ඒමට කිසිදු උත්සහයක් ගෙන නොමැති බවයි. IESL සහ IIESL වැනි සංස්ථාපිත ආයතන, විශ්‍රාම සමයේ දිවි ගෙවන නාකි වස්සන් හා වැස්සියන් සමුහයකගේ සුසැදි නිළධාරීවාදයෙන් කුණු වී ඕජස් ගලන තත්වයට පත් වී ඇති අතර සිසුන්ගෙන් සහ සාමාජිකයක් ගෙන් ඇති විශාල මුදල් කන්දරාවක් ගිල ගැනීම තම එකම සහ ඒකායන මුඛ්‍ය පරමාර්ථය කොට ගෙන ක්‍රියාත්මක වන ආකාරයක් පෙනේ. මන්ද කිසි කලෙක Engineering Innovation හෝ New Product Development සදහා කිසි ලෙසකඅනුග්‍රහය නොදෙන, තම ආයතනයන්ගේ සාමාජිකත්වය සහ පාඨමාලා, ඉතා ඉහල මිල ගණන් වලට විකිණීම ම පමණක් ජීවිකාව ගෙන යන තත්වයට පත්ව ඇති සැටි දැකීම කණගාටුවට කරුණකි.
මගේ මීලග ලිපිය
ඉංජිනේරුවා යනු කවුද?
( නුතන ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ භූමිකාව )

Last edited: