ශ්‍රී ලංකාවේ තෙලිස්සන්

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    කුණකටුවා ලෙස සමාන්‍යයෙන් හැදින්වුවත් විශේෂ 3කින් සමන්විත Hypnale (තෙලිස්සන්) ගණයේ එක් විශේෂයක් තමයි කුණකටුවා හෙවත් පොලොන් තෙලිස්සා.
    දැනට ලංකාවේ ඉන්න තෙලිස්සන් විශේෂ 3,

    1. Hypnale hypnale
    පොළොං තෙලිස්සා/කුණකටුවා
    Merrem’s hump nosed pit viper

    2. Hypnale nepa
    කඳුකර මූකලන් තෙලිස්සා
    Highland hump nosed pit viper

    3. Hypnale zara
    පහතරට මූකලන් තෙලිස්සා
    Lowland hump nosed pit viper

    එමෙන්ම Hypnale sp. amal
    අමල්ගේ තෙලිස්සා
    Amal's hump nosed pit viper ලෙස හැදින්වෙන විද්‍යාත්මක නාමකරනයට ඇතුලත් නොවන සතෙකුද වේ.

    Viperidae / වයිපෙරිඩේ (පොළගුන් හා වල පොළගුන්) කුලයට අයිති වේ. මොවුන්ට ආවේණික වූ පැතලි සාපේක්ෂව විශාල හිසක් පිහිටයි. ශරීරය කුඩා නමුත් පෘෂ්ඨිමත් වේ. අමල්ගේ තෙලිස්සගේ හැර අනෙක් විශේෂ වල බොහෝ විට පෘෂ්ටීය වර්ණයන් වෙනස් විය හැක. අලු කලු පැහැයේ සිට තැඹිලි, රතු-දුඹුරු දක්වා වර්ණ පරාසයක් ඇත. ශරීර පෘෂ්ටීයව දිවයන කළු හෝ දුඹුරු පැහැ පුල්ලි යුගල වශයෙන් පිහිටයි.
    ලංකාවේ වැඩිම දෂ්ඨන ප්‍රමාණයකට වගකියන්නේ Hypnale hypnale (පොලොන් තෙලිස්සා) විශේෂයයි. මොවුන්ගේ විෂ වකුගඩු වලට බලපාන අතර ඉක්මන් සහ නිසි ප්‍රතිකාර නොමැතිව රෝගියා මරණයට වුවත් පත්විය හැක. Solenoglyphous වර්ගයේ දියුණු විෂ දළ පද්ධතියක් ඇත.
    තෙලිස්සන් Pit Vipers, එනම් ඇස හා නාස් සිදුර අතර තාප සංවේදනයට උදව් වෙන සිදුරක් ( Loreal pit) ඇති පොළගුන් විශේෂ වේ. ප්‍රධාන වශයෙන් නිශාචරයි. භෞමික වුවත් ගස් නැගීමේ හැකියාව ඇත. කොලරොඩු, දරගොඩවල් හා කොටන් යට හෝ අසල සැගවී සිටී. හූනන්, සිකනලුන් වැනි කුඩා උරගයින්, ගෙම්බන්, මැඩියන්, විටෙක වෙනත් සර්පයින් මෙන්ම කුඩා බිත්තර හා කුඩා ක්ෂීරපායි සතුන්ද ආහාරයට ගනි. වල්ගය අග සොලවමින් එය ඇමක් ලෙස යොදා ගනියි.
    මොවුන් බෝ වන්නේ පැටවුන් මගිනි.

    1. Hypnale hypnale
    පොළොං තෙලිස්සා/කුණකටුවා
    Merrem’s hump nosed pit viper

    පැහැදිලි ලෙස හොබු අග එසවී නැත. උග්‍ර විෂ ලෙස සලකයි. ලංකාවේ වැඩිම දෂ්ඨන ප්‍රමාණයකට වගකියන්නේ මෙමෙ විශේෂයයි.40-50cm දක්වා සමාන්‍යයෙන් වැඩෙයි. දිවයින පුරා මුහුදු මට්ටමේ සිට උස මීටර 1000 දක්වා හමුවේ. මිනිස් ජනාවාස අසල බහුලව හමුවේ. වැසි වනාන්තර ඇතුලත හමු නොවේ. රටට ආවේණික නොවේ.

    2. Hypnale nepa
    කඳුකර මූකලන් තෙලිස්සා
    Highland hump nosed pit viper

    පැහැදිලි ලෙස හොබු අග එසවී නැත. උග්‍ර විෂ විය හැකි ලෙස සලකයි. 30-40cm දක්වා සමාන්‍යයෙන් වැඩෙයි. මු.ම.උ.මී. 1000-2140 දක්වා කදුකර වනාන්තරවල හමුවේ. (නකල්ස්, ශ්‍රී පාදස්ථාන වනාන්තරය, රක්වාන, හෝටන් තැන්න ඇතුලු මධ්‍යම කදුකරය). ලංකාවට ආවේණිකය.

    3. Hypnale zara
    පහතරට මූකලන් තෙලිස්සා
    Lowland hump nosed pit viper

    පැහැදිලි ලෙස හොබු අග එසවී ඇත. උග්‍ර විෂ විය හැකි ලෙස සලකයි. 30-45cm දක්වා සමාන්‍යයෙන් වැඩෙයි. මු.ම.උ.මී. 1000 දක්වා පහතරට තෙත් වර්ෂා වනාන්තරවල හමුවේ. ලංකාවට ආවේණිකය. රාත්‍රී කාලයේ හා වැසි අවස්ථාවලදී කුඩා පදුරු හා ගස් මත හමුවේ.

    Hypnale sp. amal
    අමල්ගේ තෙලිස්සා
    Amal's hump nosed pit viper

    ගාල්ල වටරැක ප්‍රදේශයෙන් හමුවූ එක් නිදර්ශකයකින පමණක් නම් කල සර්පයෙකි.
    කොරළ අතින් බොහෝ සෙයින් පොලොන් තෙලිස්සාට (Hypnale hypnale) සමාන නිසා එම විශේෂයේම විකෘතියක් වියහැකි බව පැවසේ.
    පැහැදිලි ලෙස හොබු අග එසවී නැත. උග්‍ර විෂ විය හැකි ලෙස සලකයි.

    උපුටා ගැනීම Imesh Jayalath
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    "අමල්ගේ තෙලිස්සා ලෙස හැදින්වෙන විද්‍යාත්මක නාමකරනයට ඇතුලත් නොවන සතෙකුද වේ". :ROFLMAO:
    ඔව් අමල් තමා හොයාගත්තෙ. එක නිදර්ශකයයි හම්බවෙලා තියෙන්නෙ දැනට....
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    ඔව් අමල් තමා හොයාගත්තෙ. එක නිදර්ශකයයි හම්බවෙලා තියෙන්නෙ දැනට....
    Thanks!! අර ලියල තිබූන විදියෙන් මම හිතුවේ වෙන එකක්. හරි දැන් පැහැදිලි උනා. :cool:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කුණකටුවා ලෙස සමාන්‍යයෙන් හැදින්වුවත් විශේෂ 3කින් සමන්විත Hypnale (තෙලිස්සන්) ගණයේ එක් විශේෂයක් තමයි කුණකටුවා හෙවත් පොලොන් තෙලිස්සා.
    දැනට ලංකාවේ ඉන්න තෙලිස්සන් විශේෂ 3,

    1. Hypnale hypnale
    පොළොං තෙලිස්සා/කුණකටුවා
    Merrem’s hump nosed pit viper

    2. Hypnale nepa
    කඳුකර මූකලන් තෙලිස්සා
    Highland hump nosed pit viper

    3. Hypnale zara
    පහතරට මූකලන් තෙලිස්සා
    Lowland hump nosed pit viper

    එමෙන්ම Hypnale sp. amal
    අමල්ගේ තෙලිස්සා
    Amal's hump nosed pit viper ලෙස හැදින්වෙන විද්‍යාත්මක නාමකරනයට ඇතුලත් නොවන සතෙකුද වේ.

    Viperidae / වයිපෙරිඩේ (පොළගුන් හා වල පොළගුන්) කුලයට අයිති වේ. මොවුන්ට ආවේණික වූ පැතලි සාපේක්ෂව විශාල හිසක් පිහිටයි. ශරීරය කුඩා නමුත් පෘෂ්ඨිමත් වේ. අමල්ගේ තෙලිස්සගේ හැර අනෙක් විශේෂ වල බොහෝ විට පෘෂ්ටීය වර්ණයන් වෙනස් විය හැක. අලු කලු පැහැයේ සිට තැඹිලි, රතු-දුඹුරු දක්වා වර්ණ පරාසයක් ඇත. ශරීර පෘෂ්ටීයව දිවයන කළු හෝ දුඹුරු පැහැ පුල්ලි යුගල වශයෙන් පිහිටයි.
    ලංකාවේ වැඩිම දෂ්ඨන ප්‍රමාණයකට වගකියන්නේ Hypnale hypnale (පොලොන් තෙලිස්සා) විශේෂයයි. මොවුන්ගේ විෂ වකුගඩු වලට බලපාන අතර ඉක්මන් සහ නිසි ප්‍රතිකාර නොමැතිව රෝගියා මරණයට වුවත් පත්විය හැක. Solenoglyphous වර්ගයේ දියුණු විෂ දළ පද්ධතියක් ඇත.
    තෙලිස්සන් Pit Vipers, එනම් ඇස හා නාස් සිදුර අතර තාප සංවේදනයට උදව් වෙන සිදුරක් ( Loreal pit) ඇති පොළගුන් විශේෂ වේ. ප්‍රධාන වශයෙන් නිශාචරයි. භෞමික වුවත් ගස් නැගීමේ හැකියාව ඇත. කොලරොඩු, දරගොඩවල් හා කොටන් යට හෝ අසල සැගවී සිටී. හූනන්, සිකනලුන් වැනි කුඩා උරගයින්, ගෙම්බන්, මැඩියන්, විටෙක වෙනත් සර්පයින් මෙන්ම කුඩා බිත්තර හා කුඩා ක්ෂීරපායි සතුන්ද ආහාරයට ගනි. වල්ගය අග සොලවමින් එය ඇමක් ලෙස යොදා ගනියි.
    මොවුන් බෝ වන්නේ පැටවුන් මගිනි.

    1. Hypnale hypnale
    පොළොං තෙලිස්සා/කුණකටුවා
    Merrem’s hump nosed pit viper

    පැහැදිලි ලෙස හොබු අග එසවී නැත. උග්‍ර විෂ ලෙස සලකයි. ලංකාවේ වැඩිම දෂ්ඨන ප්‍රමාණයකට වගකියන්නේ මෙමෙ විශේෂයයි.40-50cm දක්වා සමාන්‍යයෙන් වැඩෙයි. දිවයින පුරා මුහුදු මට්ටමේ සිට උස මීටර 1000 දක්වා හමුවේ. මිනිස් ජනාවාස අසල බහුලව හමුවේ. වැසි වනාන්තර ඇතුලත හමු නොවේ. රටට ආවේණික නොවේ.

    2. Hypnale nepa
    කඳුකර මූකලන් තෙලිස්සා
    Highland hump nosed pit viper

    පැහැදිලි ලෙස හොබු අග එසවී නැත. උග්‍ර විෂ විය හැකි ලෙස සලකයි. 30-40cm දක්වා සමාන්‍යයෙන් වැඩෙයි. මු.ම.උ.මී. 1000-2140 දක්වා කදුකර වනාන්තරවල හමුවේ. (නකල්ස්, ශ්‍රී පාදස්ථාන වනාන්තරය, රක්වාන, හෝටන් තැන්න ඇතුලු මධ්‍යම කදුකරය). ලංකාවට ආවේණිකය.

    3. Hypnale zara
    පහතරට මූකලන් තෙලිස්සා
    Lowland hump nosed pit viper

    පැහැදිලි ලෙස හොබු අග එසවී ඇත. උග්‍ර විෂ විය හැකි ලෙස සලකයි. 30-45cm දක්වා සමාන්‍යයෙන් වැඩෙයි. මු.ම.උ.මී. 1000 දක්වා පහතරට තෙත් වර්ෂා වනාන්තරවල හමුවේ. ලංකාවට ආවේණිකය. රාත්‍රී කාලයේ හා වැසි අවස්ථාවලදී කුඩා පදුරු හා ගස් මත හමුවේ.

    Hypnale sp. amal
    අමල්ගේ තෙලිස්සා
    Amal's hump nosed pit viper

    ගාල්ල වටරැක ප්‍රදේශයෙන් හමුවූ එක් නිදර්ශකයකින පමණක් නම් කල සර්පයෙකි.
    කොරළ අතින් බොහෝ සෙයින් පොලොන් තෙලිස්සාට (Hypnale hypnale) සමාන නිසා එම විශේෂයේම විකෘතියක් වියහැකි බව පැවසේ.
    පැහැදිලි ලෙස හොබු අග එසවී නැත. උග්‍ර විෂ විය හැකි ලෙස සලකයි.

    උපුටා ගැනීම Imesh Jayalath
    උග්‍ර විෂකාරයෝ. මුන් එක්ක නම් පරිස්සමින් හොදේ. වකුගඩු ලෙප්⁣ට්. ⁣ඇගේ කාපු තැන එහෙමත් ලෙප්ට් වෙනවා. ඇගිලි කපන්න පවා වෙන්න පුලුවන්. අනික මුන්ට ⁣ඊෆෙක්ටිව්ලි වැඩ කරන ඇන්ටිවෙනමක් නැ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    waththa sudda karapan

    oya thanakola godawal kunu godawal goda gahagahnna epa ge kittuwa or geyi biththi kittuwa,

    hoda sensitive iwak thiyena wal ballek wunath athi or pusek

    ehema saththu inna kota mun gewal walata enna tikak bayayi,

    gewal walath oya seethala ahu mulu than wadi wunama thama gewal walata saththu adena eka wadi,
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,525
    8,736
    113
    TFS

    උග්‍ර විෂකාරයෝ. මුන් එක්ක නම් පරිස්සමින් හොදේ. වකුගඩු ලෙප්⁣ට්. ⁣ඇගේ කාපු තැන එහෙමත් ලෙප්ට් වෙනවා. ඇගිලි කපන්න පවා වෙන්න පුලුවන්. අනික මුන්ට ⁣ඊෆෙක්ටිව්ලි වැඩ කරන ඇන්ටිවෙනමක් නැ.
    ගොන් ප්‍රස්නයක් වෙන්න ඕනි...එත් මට ගොඩ කාලෙක ඉදලා තියෙන දෙයක්...

    මුන් ක්ෂීරපායි සත්තු නෙවෙයි.. එතකොට කොහොමද අපිට මුන්ගෙන් බලපෑමක් වෙන්නේ කාපුවම? ජලබිතිකව ක්ෂීරපායි උන්ට මිසක් මුන්ට හැදෙන්නේ නැනේ.

    සරපයෙක් තව සරපයෙක් කෑවොත් උන්ටත් මිනිස්සුන්ට වෙනව වගේ දෙවල්මද වෙන්නේ? වකුගඩු ලේෆ්ට් වෙනවා වගේ.
    ------ Post added on Apr 19, 2025 at 9:10 PM