ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂ

    කෘතිමව අකුණු ගහන, අති නවීන පහසුකම්වලින් සපිරි ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂණාගාරය මෙන්න (PHOTOS/VIDEO)



    ලංකාවේ විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අත්‍යාවශ්‍යව තිබූ අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු පීඨයේ ඉදිකළ ‘මහාචාර්ය රොහාන් ලූකස් අධි විද්‍යුත් පරීක්ෂණාගාරය’ අද(17) පස්වරුවේ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
    අධි වෝල්ටීයතා විදුලි උත්පාදන යන්ත්‍රයක්, අධි වෝල්ටීයතා විකල්ප ධාරා පර්යේෂණ පද්ධතියක්, අධි වෝල්ටීයතා සෘජු ධාරා පර්යේෂණ පද්ධතියක්, කෘතිම වැසි නිපදවීමේ උපකරණ සම්බන්ධ පාලන උපකරණ සහ සහායක උපාංග වලින් මෙම පරීක්ෂණාගාරය සමන්විත වේ. එමෙන්ම විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ Ac සහ dc අධි විද්‍යුතයන් පරීක්ෂා කිරීමේ හැකියාව වෙනුවෙන් 500 kv සහ 300 kv මෙම නවීන විද්‍යාගාරය සතුය.
    එමෙන්ම මෙම විද්‍යාගාර පහසුකම් යටතේ, ලංකාවේ විද්‍යුත් ඉංජිනේරු කර්මාන්තයේ දිගුකාලීන රික්තකයක් වන HV ට්‍රාන්ස්ෆෝමර් පරීක්ෂණ, HV කේබල් පරීක්ෂණ, මීටර පරීක්ෂාව, HV ඉන්සියුලේටර් හා Bushing පරීක්ෂණ, HV ස්විච් ගියර් පරීක්ෂණ, HV CT / PT / සහ CVT පරීක්ෂණ සිදු කිරීමට හැකියාව ලැබේ.
    මෙම විද්‍යාගාරය සතු රසායනාගාර පහසුකම්, විද්‍යාගාර පර්යේෂණ සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා වල නියැළෙන උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි ඉංජිනේරු සිසුන්ට නවමු අත්දැකීමක් වනු ඇත. එමෙන්ම එය මහාචාර්ය රොහාන් ලුකස් සහ ආචාර්ය රාසාර සමරසිංහ විසින් මෙහෙයවනු ලබන විශ්වවිද්‍යාලයේ අධි ස්ඵටික පර්යේෂක කණ්ඩායමට මහත් රුකුලක් වනු ඇත.
    ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයට අවශ්‍ය කරන පරීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් අත්හදා බැලීමේ හැකියාවෙන් යුත් විදුලි උත්පාදක පරීක්ෂණ කට්ටලයක්, HVAC පරීක්ෂණ කට්ටලයක් සහ HVDC පරීක්ෂණ කට්ටලයක් සහිත ශ්‍රී ලංකාවේ එකම විද්‍යාගාර පහසුකම ලබාදෙන විද්‍යාගාරය බවට මෙය පත්වනු ඇත.
    මෙරට විද්‍යුත් ඉංජිනේරු ක්ෂේත්‍රයට මෙන්ම ඊට අදාලව අධ්‍යාපනයේ නියැලෙන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ කටයුතු වෙනුවෙන් අත්‍යාවශ්‍යව තිබූ අධි විද්‍යුත් පරීක්ෂණාගාරයක අවශ්‍යතාව මේ සමඟ සපිරෙයි. රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමත්, නව තාක්ෂණික ලෝකය සමග අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීමත් වෙනුවෙන් පුළුල් සමාජ සත්කාරයක් සිදුකරනු ලබන LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම මෙම පරීක්ෂණාගාරය ඉදිකිරීමට විශ්වවිද්‍යාලය සමග අත් වැල් බැඳගෙන තීබීම සුවිශේෂී කරුණකි.
    මෙම අතිනවීන පහසුකම් වලින් සපිරි විද්‍යාගාරයේ ඉදිකිරීම් කටයුතු මෙන්ම රසායනාගාර අළුත්වැඩියාව සහ සිවිල් වැඩකටයුතු වෙනුවෙන් LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සිය අනුග්‍රාහකත්වය ලබාදී තිබෙන අතර විද්‍යාගාරයේ සම්පූර්ණ වැඩකටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 35 ක් වැය වී තිබේ.
    මහාචාර්ය රොහාන් ලූකස් මැතිතුමා විසින් වසර 45 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විද්‍යුත් ඉංජිනේරු අධ්‍යාපනය වෙනුවෙන්, විශ්ව විද්‍යාලය වෙනුවෙන් සහ රටට කරන ලද සේවාවට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම නව පරීක්ෂණාගාරය මහාචාර්ය රොහාන් ලූකස් අධි විද්‍යුත් පරීක්ෂණාගාරය නමින් නම් කොට තිබේ.
    මෙම විශේෂ අවස්ථාවට, මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මැතිතුමා, LTL හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු යූ.ඩී. ජයවර්ධන මැතිතුමා, උපකුලපතිතුමා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මැතිතුමා මෙන්ම අචාර්ය මහාචාර්යවරුන්, විද්‍යාඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    01.jpg
    02-2.jpg
    13-2.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පලවෙනි එක වෙන්නෙ කොහොමද? පේරාදෙනියේ ඉස්සර ඉදන් ම තිඛ්ඛා...