ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මහනුවරට ❤️❤️

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇත.
    feb 26 දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට එහිදී තීරණය කර ඇත.
    විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු මේ සඳහා සහභාගී වී ඇත.
    මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදිකෙරෙන මහනුවර තදාසන්න දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය වේ.
    ඒ අනුව මෙම දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැලසේ.
    එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝවන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දුන්නේය.
    මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිඟාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එක හමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජිතය.
    සමස්ත ව්‍යාපෘතියම කොන්ක්‍රීට් කුළුණු මත ඉදිකිරීමට නියමිත අතර දැනට තිබෙන දුම්රිය මාර්ගයට ඉහලින් මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරේ.
    ස්පාඤ්ඤයට අයත් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර එම නියෝජිත පිරිසක් ද අද දින පැවැති සාකච්ඡාවට සහභාගි වී ඇත.
    ඒ අනුව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලට අදාල මුලික කටයුතු එදින සිට ආරම්භ වන බව එහි ව්‍යාපෘතිය භාර නිලධාරින් දැනුම් දී ඇත.
    -
    Ceylon Government Railway Magazine-
    kelapalla parana godanagili tikatath
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කුන්ඩසාලේට යන්නෙ උඩවත්ත කැලෙන්ද දන්නෙ නෑ. 😂
    මාලබේ ඉදං කොටුවට හදන්නෙ නෑ වියදම වැඩී කියලා

    උඩවත්ත කැලේට ශොට් එක දෙන්න පුලුවන් හින්දා පාඩුවකුත් නෑ 😅
    මහවැලි ගඟ දිගේ පුළුවන් නේ බං. මහයුයියව,අරුප්පල,ලේවැල්ල ඒ පැත්තෙන්.හදනවා නන් හොඳයි
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    මේක දැන් නම් වෙන project එකක් නෙමෙයි වගේ. ගැටඹේ flyover එකක් හදන්න යන්නෙ එතකොට කොහොමද මේ project එක කරන්නෙ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    හෙට දවල්ට කන්නෙ කෝමද, ලබන සතියෙ තෙල් නැවට ගෙවන්න සල්ලි කොහෙන්ද කියල හිතන රටක් කඳු අස්සෙ ටනල් ගහලා electric trains දාන්න හිතනවා. 🤣🤣🤣

    තොපි අපිට හිනාවෙන්න එපා කියල කිති කවනවා වගේ වැඩක්නෙ ඕයි. 🙈
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉස්සෙල්ල එකක් ඉවර කරන්න කියපල්ලකෝ.එහෙන් මෙහෙට මෙහෙන් එහෙට ගාන්නේ නැතිව .ඔක්කොම චුන් කරලා එකෙක් ඇවිල්ල බඩු බාන්න බෑ කිව්වේ ගමන් ඔක්කොම ඉවරයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,708
    113
    Auckland
    කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දුන්නේය.

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඌ මොකෙක්ද ඕකට උපදෙස් දෙන්න