ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොකඩවා උදව් කරන බව චීනයෙන් ජනපතිට සහතිකයක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා.

    චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මහතාගේ ප්‍රමුඛතාවක්. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බවයි මෙහිදී චීන දූත පිරිසේ ප්‍රධානියා කියා සිටීයේ.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිස අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමු විය.

    දිගු කලක සිට චීන විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කළ යං ජියෙෂි 2001-2005 කාලයේ අමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපති ධූරයත්, 2007- 2013 කාලයේ විදේශ අමාත්‍ය ධූරයත් හෙබවීය. චීන පාලන තන්ත්‍රය තුළ ඔහු උප අගමැතිවරයෙකු (Vice Premier) හා සමානය.

    පසුගිය මහා මැතිවරණයේ දී අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පුද කළ යං මහතා තමා වසර 35කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස චීන දූත පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කර සිටියාය. රටවල් 04ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඔහු චීන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පවසා සිටියා.

    චීන - ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමින් සංවාදය ආරම්භ කළ ජනාධිපති රාජපක්ෂ මහතා චීනය බලයේ සිටින ආණ්ඩු ගැන වෙනසක් නැතිව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙකැයි හැඳින්වීය. ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ඉමහත් සහයෝගයක් ලැබුණා. යුද්ධය අවසන් වීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා තවත් ඉහළ මට්ටමකට ළඟා විය. දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය එතුමා විසින් විශේෂයෙන් සිහිපත් කරනු ලැබුවා.

    “මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වුණා. හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක්. එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව අප තේරුම් ගත්තා. ඊට අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වුණා. බොහෝ භූ දේශපාලන විශ්ලේෂණවල මේ ව්‍යාපෘති අර්ථ කතනය කරන්නේ ශ්‍රී ලංකාව චීනය ඇටවූ ‘ණය උගුලක’ සිරවීමක් ලෙස. එය එසේ නොවන බවත්, මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත්, සනාථ කරන්න මට අවශ්‍යයයි. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිතුමා චීන දූත පිරිසට පවසා සිටියා.

    ජනාධිපති ධූරයට පැමිණීමට පෙර 13 වරක් චීනයේ චාරිකා කළ තමාට චීනය අත්කරගෙන ඇති සංවර්ධනය ප්‍රගතිය සියැසින් දැකගැනීමට හැකි විණැයි ජනාධිපතිතුමා පවසා සිටියා. “ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් මා දුටුවා. මගේ ඉලක්කය ඊට සමාන සංවර්ධනයක් අපේ රටේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කරන්න; ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම දියුණු කරන්න. ඉදිරි සිව් වසර ඇතුළත වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දකින්න මම අපේක්ෂා කරනවා”, ජනාධිපතිතුමා අවධාරණය කළේ.

    චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කර සිටියා.

    “ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශක්තිමත්. ඔවුන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා චීන වෙළෙඳපොළ විවෘත කරන්න. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් චීන ව්‍යාපාරිකයින් දිරිමත් කරන්න. ශ්‍රී ලංකාවේ සංචාරය සදහා චීන වැසියන් උනන්දු කරවන්න. ශ්‍රී ලංකාවේ තේ වෙන්දීසියට සහභාගිවීමට චීනයට හැකිනම් එය ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක්”, ජනාධිපතිතුමා පැවසීය. උසස් පෙළ සමත්වන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විවෘතව ඇති උසස් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා සීමාසහිත බව පැහැදිළි කළ ජනාධිපතිතුමා ඔවුන් උදෙසා තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම චීනයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වා දුන්නා.

    ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සංවර්ධන අරමුණු සපුරා ගැනීමට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම උදව් කිරීමට චීනය සුදානම් යැයි යං ජියෙෂි මහතා පවසා සිටියා.

    ශ්‍රි ලංකාව සමග බහුපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට සුදුසු ක්ෂේත්‍ර ගණනාවක් චීනය හඳුනාගෙන ඇත. දැනටමත් ආරම්භ කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති නිම කිරීමට අමරතව කෘෂිකර්මය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, ජල සම්පාදනය, සෞඛ්‍යය, වෛද්‍ය සැපයුම්, නූතන තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, නිල් ආර්ථිකය ( Blue Economy) සහ ශ්‍රමික පුහුණුව ඉන් කිහිපයකි. චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි පටන් ගැනීමටත්, හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මණින් නිම කිරීමටත් සැලසුම් කර ඇතැයි ද චීන දූත පිරිසේ ප්‍රධානියා පැවසුවා.

    කොවිඩ් 19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි සඳහන් කළේ.

    Neth news
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Kamak ne bn ponna sinhalunta denawata wada chinese unta dena eka hodai
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    චීනේ තමා අපේ ඉටු දෙවියා දුක කිව්ව ගමන් දුවගෙන ඇවිත් උදව් කරා ඔය වෙන හොර දෙයියෝ වාගේ නෙවේ :yes: කතරගම දේවාලේ එහෙම බුල්ඩෝසර් කරල චීන දෙයියෙක් ගෙනත් වන්දනාමාන කරන්න කාලේ හරි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ටොයියෝ China පස්සේ ගියා China රනිල් වික්‍රමසිංහ ගනන් ගත්තේ නැහැ . අන්තිමට නැවතුනේ China වලට හම්බන්තොට වරාය විකුණලා.වරාය චිනාට විකුණන කොට China දෙයියා . 🤩🤩
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    චීනේ තමා අපේ ඉටු දෙවියා දුක කිව්ව ගමන් දුවගෙන ඇවිත් උදව් කරා ඔය වෙන හොර දෙයියෝ වාගේ නෙවේ :yes: කතරගම දේවාලේ එහෙම බුල්ඩෝසර් කරල චීන දෙයියෙක් ගෙනත් වන්දනාමාන කරන්න කාලේ හරි
    xi jin ping maha dewalaya
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    //චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කර සිටියා//

    ඇති යන්තන් හරි ඉල්ලා සිටියා:rolleyes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    //චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කර සිටියා//

    ඇති යන්තන් හරි ඉල්ලා සිටියා:rolleyes:
    අම්මෝ ඇති යන්තං වේශි හොඳක් දැක්කා 😀😀
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අම්මෝ ඇති යන්තං වේශි හොඳක් දැක්කා 😀😀
    උඹනං මයිනගෙ ගූ රස කර කර කාල රනිල්ට හරි පුතානෝට හරි පඩයක් ගියත් පරිසර දූෂනේ වෙනවා කියල වැළලෙන එකානෙ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    උඹනං මයිනගෙ ගූ රස කර කර කාල රනිල්ට හරි පුතානෝට හරි පඩයක් ගියත් පරිසර දූෂනේ වෙනවා කියල වැළලෙන එකානෙ :lol:
    පඩ නම් දන්නේ නැහැ
    උන්ට ශුක්‍රාණු ගියොත් නම් ලෝක විනාසෙ ලං වෙලා 🤩🤩🤩🤩
     
    • Haha
    Reactions: johnyh

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පඩ නම් දන්නේ නැහැ
    උන්ට ශුක්‍රාණු ගියොත් නම් ලෝක විනාසෙ ලං වෙලා 🤩🤩🤩🤩
    මයිනට ශුක්‍රාණු ගියොත් නම් කෙලින්ම උඹේ ෆුක ඇතුලෙ :poop: :lol::lol:
     
    • Haha
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    චීනේ තමා අපේ ඉටු දෙවියා දුක කිව්ව ගමන් දුවගෙන ඇවිත් උදව් කරා ඔය වෙන හොර දෙයියෝ වාගේ නෙවේ :yes: කතරගම දේවාලේ එහෙම බුල්ඩෝසර් කරල චීන දෙයියෙක් ගෙනත් වන්දනාමාන කරන්න කාලේ හරි
    චීන දේවාල හොදයි වෙනසකටත් එක්ක 😂