ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇති තම තමන්ගේ පෞද්ගලික පාවිච්චියට වත් අපේ රටට Sex Toys ආනයනය කිරීම සපූර්ණයෙන්ම තහනම් කියන එක. ඇත්තටම මම නම් දකින විදියට මේක හරිම අසාධාරණයි. කෙනෙක් තවත් කාටවත් අතවරයක් නොකර තමන්ගේ පාඩුවේ වින්දනයක් ලබන එකේ තියෙන වැරැද්ද මොකක්ද? අහිංසක ගෑණු ළමයින්ව දූෂණය කරනවාට, ගණිකාවො ඇසුරු කරලා ලෙඩ හදා ගන්නවාට, කොටු පැනලා පවුල් කඩා ඉහිරවනවාට, බස් වල කෝච්චි වල ජැක් ගහලා වාතයක් වෙනවාට වඩා Sex Toy එකක් අරගෙන තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නොවී වින්දනයක් ලැබීම හොඳ නැද්ද? අනික කසාද බැඳීම නොබැඳීම කියන්නේ කෙනෙක්ගේ පෞද්ගලික කැමැත්තක්. කෙනෙක් බැන්දේ නැහැ කියලා ඒ මනුස්සයාට කිසිම ලිංගික වින්දනයක් නොලැබිය යුතුයි කියලා දෙයක් නැහැ නේ. මම කියන්නේ බිස්නස් කරන්න මහා පරිමාණයෙන් නෙවෙයි අඩුම ගාණේ කෙනෙක්ගේ පෞද්ගලික පාවිච්චියට වත් Sex Toys ගෙන්වන්න අවසර දෙන්න ඕන කියලා. උඹලා මොකද හිතන්නේ?


