ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ නම රැන්දූ අවස්ථ

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,360
    1,557
    113
    32
    Earth-Cj025
    ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ නම රැන්දූ අවස්ථ

    1. ලොව පළමු කාන්තා අගමැතිණිය බිහි කළ රට

    Sri-Lanka-an-Example-aniwa-01.jpg

    ලංකාවේ නම රන් අකුරින් ලියවූ කාන්තා චරිතයක් වේ නම් ඈ වෙන කවුරුත් නොව සිරිමාවෝ ඩයස් රත්වත්තේ බණ්ඩාරනායක මැතිණියයි. ලොව පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙසට ඈ තබන ලද වාර්තාව බිඳ හෙලීමට කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. 1960 වර්ෂයේදී තමයි ලොව පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය හැටියට ඇය පත්වීම ලබන්නෙ.



    2. 30 වසරක යුද්ධයක් අවසාන කර එක ධජයක් යටතට පත්වූ රට

    Sri-Lanka-an-Example-aniwa-02.jpg

    වසර 30ක කාලයක් පුරා මුළු රටම වෙලා ගනිමින් පැවති ත්‍රස්තවාදය පරාජය කරන්නට අපිට හැකිවුණේ 2009 වසරේදීයි. රටේ සියලු ජනතාවට නිදහසේ වාසය කරන්නට ඉඩ කඩ සහිත රටක් ලෙසටත්, මුළු සිව්දෙසේම ජාතීන් එකම ධජයක් යට එක්සේසත් කල රටක් ලෙසටත් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා නාමය පතුරවන්නට අපිට හැකියාව ලැබුණා.



    3. සමාජ ජාල හරහා ගංවතුර උවදුරු වලට සහන සැපයු රට

    Sri-Lanka-an-Example-aniwa-03.jpg

    2016 වසරේ සහ 2017 වසරේදී මෝසම් වර්ෂා මගින් ලංකාවට බරපතල නාය යෑම් සහ ගංවතුර උවදුරු සිදුවුනා. මේවා හමුවේ සිවිල් සේවා ක්‍රියාත්මක වන තුරු බලා නොඉඳ තම තමන්ට හැකි පමණින් ජනතාවට සහන සලසන්න ලංකාව පුරාම ජනතාව ඒකරාශී වුණා. ඔවුන් බහුතරය සමාජ ජාල වල සාමාජිකයින්.

    සමාජ ජාලයක් විනෝදාස්වාද මාධ්‍යයක් ලෙස පමණක් භාවිතා නොකර රටක විපත් අවස්ථාවක නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියල අපි මුලු ලෝකෙටම ආදර්ශයක් සැපයුව.



    4. මැලේරියා උවදුර මර්දනය කල රට

    Sri-Lanka-an-Example-aniwa-04.jpg

    2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව අග්නිදිග ආසියාතික කලාපීය රටවල් අතරින් මැලේරියාව දුරු කල දෙවැනි රට බවට පත් වී ඇති බවට නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ වගේම මැලේරියාව උග්‍ර කාලයක සිට මැලේරියාවෙන් තොර රටක් බවට පත් වීම සඳහා ලංකාව ආ ගමන් මග සහ ඒ සඳහා ගනු ලැබූ තීරණ මෙහිදී අගය කරනු ලැබුවා.



    5. නොමිලයේ අධ්‍යාපනය ලබාදුන් රට

    Sri-Lanka-an-Example-aniwa-05.jpg

    දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක් ලෙසයි ලංකාව ලොව හඳුනාගනු ලබන්නේ. එහෙම වුනත් ලංකාවේ සියලුම දෙනාට නොමිලයේ අධ්‍යාපනය ලබාගත හැකි නිදහස් අධ්‍යාපන ක්‍රමය බිහි කරන්නට සී. ඩබ්. ඩබ්. කන්නංගර මහතා සමත් වුනා. එතුමා විසින් කල ඒ හඳුන්වාදීම නිසා ලංකාව අධ්‍යාපනය අතින් ඉහල තැනක තැබීමටත්, සාක්ෂරතාව අතින් ලොව ප්‍රධාන තැනක් ගැනීමටත් සමත් වුණා.



    6. දකුණු ආසියාවේ 4G, 4.5G තාක්ෂණයන් ලබාදුන් රට

    Sri-Lanka-an-Example-aniwa-06.jpg

    ඒ පමණක් නොවෙයි ලංකාව තාක්ෂණයන් අතින්ද ලොව ඉහල තැනක් හිමිකරගෙන සිටිනවා. ඒ දකුණු ආසියාවේ පළමු වරට 4G සහ 4.5G LTE සේවා ලබාදුන්නු රට ලෙසට වාර්තා අතරට එක් වෙමින්. ඒ වගේම ඉහලම වේගයක් වාර්තා කරන අන්තර්ජාල සම්බන්ධතා හරහා මුළු ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නට මේ සමාගම් වලට හැකිවී තිබෙනවා.



    7. සෞඛ්‍ය සේවා නොමිලයේ ලබාදෙන රටක්

    Sri-Lanka-an-Example-aniwa-07.jpg

    කොතරම් උද්ගෝෂණ ,විවිධ උපවාස කලත් සෞඛ්‍ය සේවයේ ගැටළු තිබුණත් මේ අපූරු රටේ රජයේ රෝහල් වල සෞඛ්‍ය සේවා සපයන්නේ සම්පුර්ණයෙන්ම නොමිළයේ. ඒ වගේම ඖෂධ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහිත රටවල් වලින් ප්‍රමුඛ තැනක් ගන්නත් ලංකාවට මේ හේතු නිසා හැකිවී තිබෙනවා.



    8. චමත් පලිහපිටියත් ඉපදුනු රට

    Sri-Lanka-an-Example-aniwa-08.jpg

    ලොව ජනප්‍රිය , Facebook, Social Capital, Slack, Wealthfront, Hinge සහ Bustle වගේ ව්‍යාපාර වල ප්‍රධාන හවුල්කරුවෙක් වන චමත් පලිහපිටිය කියන්නෙත් ලාංකිකයෙක් තමයි. ඔහුගේ වත්කම ඩොලර් බිලියනයට ආසන්න වන බවට විවිධ කසු කුසු තිබ්බත් ඔහු ඒ ගැන දරන්නේ නිහඬ පිළිවෙතක්. යම් හෙයකින් ඔහු බිලියනපතියෙකුගේ මට්ටමට පැමිණියහොත්, Forbes’ Billionaire ලැයිස්තුවට නම එකතු කරන පළමු ලාංකිකයා ද වනවා. ඉතින් එහෙම කෙනෙක් ව මේ ලැයිස්තුවට ඇතුලත් නොකර කොහොමද?



    9. Pathfinder හි අධෝරක්ත කැමරාව හැදුවෙත් ලාංකිකයෙක්
    Sri-Lanka-an-Example-aniwa-09.jpg

    ආචාර්ය සරත් ඩේවිඩ් ගුණපාල යනු වර්තමානයේ නාසා ආයතනයේ ප්‍රධානතම විද්වතුන් කිහිපදෙනාගෙන් කෙනෙක්. ඒ වගේම ඔහු 1994 දී අඟහරු ලොවට යැවූ Pathfinder රෝවරයට සවිකරන ලද අධෝරක්ත කැමරාවේ නිර්මාණකරුවාද වෙනවා.



    10. අත් ට්‍රැක්ටරයේ නිර්මාණ කරුවා සිටි රට

    Sri-Lanka-an-Example-aniwa-10.jpg

    පිලිප් රේවත විජේවර්ධන, එහෙමත් නැතිනම් රේ විජේවර්ධන කියන්නේ ලංකාවේ සිටි ප්‍රධාන ධාරාවේ විද්වතෙක් වගේම ලොවට රෝද දෙකේ අත්ට්‍රැක්ටරය හඳුන්වාදීමේ පුරෝගාමියාද වනවා. ඒ වගේම ඔහු විසින් කල ස්වයං නිර්මාණ වන බත්කූරා, සූටික්කා ආදී නම් වලින් හැඳින්වූ අහස් යානා, James Bond චිත්‍රපට වලට යොදාගත්තා.


    Coby By: Aniwa. lk​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තව ඔතනට ගොඩක් දේවල් එන්න ඕනේ....

    ලොව අඩුම gravity එකක් තියෙන රට...

    ලොව අඩුම වෙලාවකින්...climate change එකකට යන්න පුළුවන් රට...​
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    loke wadima suicide karaganna rata.
    jarama politikko inna rata
    wadima komis gahana rata
    minissu ballo balallu wage hospital wala bima nidagannakota amathiwaru koti ganan wahana ganna rata........
    thawa thiyanawa :(
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Ela ela. Deshapalanika washayen kiwwoth

    * Productivity eka 0 una wadima amathi mandalayak inna rata
    * Billion ganak dawasin ussapu Maha Banku adhipathi sitina rata
    * Rate wena dewal paththaren balana janadhipathi kenek inna rata
    * Maha jathiyata hena gahuwath sulu jathiya wenuwen maha jathiya nihanda karana rata

    :rofl::rofl::P:P
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    දකුණු ආසියාවෙන් 3.5 දුන්නෙත් ලංකාව තමයි ..දැනට 5g කතාව එනවුස් කරාට ඇත්තටම දෙන්නේ 4.5 g
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ela ela. Deshapalanika washayen kiwwoth

    * Productivity eka 0 una wadima amathi mandalayak inna rata
    * Billion ganak dawasin ussapu Maha Banku adhipathi sitina rata
    * Rate wena dewal paththaren balana janadhipathi kenek inna rata
    * Maha jathiyata hena gahuwath sulu jathiya wenuwen maha jathiya nihanda karana rata

    :rofl::rofl::P:P

    :sorry::sorry:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රට වටේම මුහුද තියෙද්දි පිට රටවල් වලින් මාලු අපනයනය කරන රට
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇයි අල්ලපු ගෙදර මිනිහ ගෙදරට පේන්ට් ටිකක් ගාගත්තත් එකට කැමති නැතුව ඊට වඩා හොඳ පේන්ට් එකක් ගා ගන්න ට්‍රයි එක දෙන බුවාල ඉන්න රට:P:P
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මට නම් මේවා දැක්කම ආඩම්බරයක් වෙනුවට තද දුකක් දැනෙනවා. මට හිතෙන ව්දියට අපි ලෝකෙට ජෝක්ස් සපයන නොම්මර එකේ රට විදිහටයි දැක්විය යුතු. :(