ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ නම රැන්දූ අවස්ථ
1. ලොව පළමු කාන්තා අගමැතිණිය බිහි කළ රට
ලංකාවේ නම රන් අකුරින් ලියවූ කාන්තා චරිතයක් වේ නම් ඈ වෙන කවුරුත් නොව සිරිමාවෝ ඩයස් රත්වත්තේ බණ්ඩාරනායක මැතිණියයි. ලොව පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙසට ඈ තබන ලද වාර්තාව බිඳ හෙලීමට කිසිවෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. 1960 වර්ෂයේදී තමයි ලොව පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය හැටියට ඇය පත්වීම ලබන්නෙ.
2. 30 වසරක යුද්ධයක් අවසාන කර එක ධජයක් යටතට පත්වූ රට
වසර 30ක කාලයක් පුරා මුළු රටම වෙලා ගනිමින් පැවති ත්‍රස්තවාදය පරාජය කරන්නට අපිට හැකිවුණේ 2009 වසරේදීයි. රටේ සියලු ජනතාවට නිදහසේ වාසය කරන්නට ඉඩ කඩ සහිත රටක් ලෙසටත්, මුළු සිව්දෙසේම ජාතීන් එකම ධජයක් යට එක්සේසත් කල රටක් ලෙසටත් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා නාමය පතුරවන්නට අපිට හැකියාව ලැබුණා.
3. සමාජ ජාල හරහා ගංවතුර උවදුරු වලට සහන සැපයු රට
2016 වසරේ සහ 2017 වසරේදී මෝසම් වර්ෂා මගින් ලංකාවට බරපතල නාය යෑම් සහ ගංවතුර උවදුරු සිදුවුනා. මේවා හමුවේ සිවිල් සේවා ක්‍රියාත්මක වන තුරු බලා නොඉඳ තම තමන්ට හැකි පමණින් ජනතාවට සහන සලසන්න ලංකාව පුරාම ජනතාව ඒකරාශී වුණා. ඔවුන් බහුතරය සමාජ ජාල වල සාමාජිකයින්.
සමාජ ජාලයක් විනෝදාස්වාද මාධ්‍යයක් ලෙස පමණක් භාවිතා නොකර රටක විපත් අවස්ථාවක නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියල අපි මුලු ලෝකෙටම ආදර්ශයක් සැපයුව.
4. මැලේරියා උවදුර මර්දනය කල රට
2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව අග්නිදිග ආසියාතික කලාපීය රටවල් අතරින් මැලේරියාව දුරු කල දෙවැනි රට බවට පත් වී ඇති බවට නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ වගේම මැලේරියාව උග්‍ර කාලයක සිට මැලේරියාවෙන් තොර රටක් බවට පත් වීම සඳහා ලංකාව ආ ගමන් මග සහ ඒ සඳහා ගනු ලැබූ තීරණ මෙහිදී අගය කරනු ලැබුවා.
5. නොමිලයේ අධ්‍යාපනය ලබාදුන් රට
දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක් ලෙසයි ලංකාව ලොව හඳුනාගනු ලබන්නේ. එහෙම වුනත් ලංකාවේ සියලුම දෙනාට නොමිලයේ අධ්‍යාපනය ලබාගත හැකි නිදහස් අධ්‍යාපන ක්‍රමය බිහි කරන්නට සී. ඩබ්. ඩබ්. කන්නංගර මහතා සමත් වුනා. එතුමා විසින් කල ඒ හඳුන්වාදීම නිසා ලංකාව අධ්‍යාපනය අතින් ඉහල තැනක තැබීමටත්, සාක්ෂරතාව අතින් ලොව ප්‍රධාන තැනක් ගැනීමටත් සමත් වුණා.
6. දකුණු ආසියාවේ 4G, 4.5G තාක්ෂණයන් ලබාදුන් රට
ඒ පමණක් නොවෙයි ලංකාව තාක්ෂණයන් අතින්ද ලොව ඉහල තැනක් හිමිකරගෙන සිටිනවා. ඒ දකුණු ආසියාවේ පළමු වරට 4G සහ 4.5G LTE සේවා ලබාදුන්නු රට ලෙසට වාර්තා අතරට එක් වෙමින්. ඒ වගේම ඉහලම වේගයක් වාර්තා කරන අන්තර්ජාල සම්බන්ධතා හරහා මුළු ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නට මේ සමාගම් වලට හැකිවී තිබෙනවා.
7. සෞඛ්‍ය සේවා නොමිලයේ ලබාදෙන රටක්
කොතරම් උද්ගෝෂණ ,විවිධ උපවාස කලත් සෞඛ්‍ය සේවයේ ගැටළු තිබුණත් මේ අපූරු රටේ රජයේ රෝහල් වල සෞඛ්‍ය සේවා සපයන්නේ සම්පුර්ණයෙන්ම නොමිළයේ. ඒ වගේම ඖෂධ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහිත රටවල් වලින් ප්රමුඛ තැනක් ගන්නත් ලංකාවට මේ හේතු නිසා හැකිවී තිබෙනවා.
8. චමත් පලිහපිටියත් ඉපදුනු රට
ලොව ජනප්‍රිය , Facebook, Social Capital, Slack, Wealthfront, Hinge සහ Bustle වගේ ව්‍යාපාර වල ප්‍රධාන හවුල්කරුවෙක් වන චමත් පලිහපිටිය කියන්නෙත් ලාංකිකයෙක් තමයි. ඔහුගේ වත්කම ඩොලර් බිලියනයට ආසන්න වන බවට විවිධ කසු කුසු තිබ්බත් ඔහු ඒ ගැන දරන්නේ නිහඬ පිළිවෙතක්. යම් හෙයකින් ඔහු බිලියනපතියෙකුගේ මට්ටමට පැමිණියහොත්, Forbes’ Billionaire ලැයිස්තුවට නම එකතු කරන පළමු ලාංකිකයා ද වනවා. ඉතින් එහෙම කෙනෙක් ව මේ ලැයිස්තුවට ඇතුලත් නොකර කොහොමද?
9. Pathfinder හි අධෝරක්ත කැමරාව හැදුවෙත් ලාංකිකයෙක්
ආචාර්ය සරත් ඩේවිඩ් ගුණපාල යනු වර්තමානයේ නාසා ආයතනයේ ප්‍රධානතම විද්වතුන් කිහිපදෙනාගෙන් කෙනෙක්. ඒ වගේම ඔහු 1994 දී අඟහරු ලොවට යැවූ Pathfinder රෝවරයට සවිකරන ලද අධෝරක්ත කැමරාවේ නිර්මාණකරුවාද වෙනවා.
10. අත් ට්‍රැක්ටරයේ නිර්මාණ කරුවා සිටි රට
පිලිප් රේවත විජේවර්ධන, එහෙමත් නැතිනම් රේ විජේවර්ධන කියන්නේ ලංකාවේ සිටි ප්‍රධාන ධාරාවේ විද්වතෙක් වගේම ලොවට රෝද දෙකේ අත්ට්‍රැක්ටරය හඳුන්වාදීමේ පුරෝගාමියාද වනවා. ඒ වගේම ඔහු විසින් කල ස්වයං නිර්මාණ වන බත්කූරා, සූටික්කා ආදී නම් වලින් හැඳින්වූ අහස් යානා, James Bond චිත්‍රපට වලට යොදාගත්තා.

Coby By: Aniwa. lk