තව පැහැදිලි කරනවා නම් කෘෂි, කාර්මික හා සේවා කියලා කොටස් තුනක් තියෙනවා. මෙතන නිෂ්පාදන කියන්නේ මොකද දන්නෙ නෑ.. පේන විදිහට නම් මේ කියන්නේ කෘෂි එකයි කාර්මික එකයි. (දැකැත්තයි, මිටියයි).
ඔය වගේ කතාවක් අර ඉස්සර කාලේ මොකක්ද මිශ්‍ර ආර්ථික කතාවකුත් එක්ක ආවා වගේ මතකයකුත් තියෙනවා. දැන් ලංකාවට වඩා අඩු මිලට ලෝකේ වෙන රටවලට අපි පොදුවේ කන්න ගන්න ධාන්‍ය (හාල්,පරිප්පු,කඩල,මුං ඇට වගේ), අල,ලූනු,ටින් මාළු,කිරි,සීනි, වගේ දේවල් හදන්න පුළුව්න කියලා පේනවනේ. අනික මෙහෙ හදන්න පුළුවන් ටිකයි. හදන ටික මදි. එතකොට මේ නිෂ්පාදනය වැඩි කරන්න ක්ෂණිකව පුළුවන්ද? එහෙම කරනවා නම් කොහොමද?
සේවා ආර්ථිකය ගත්තාම ඒකට තමයි ඔය නිෂ්පාදනය බෙදාහරින ක්‍රමවේද,(වෙළදාම,ප්‍රවාහනය,රක්ෂණය, බැංකු සේවා ) එන්නේ. අධ්‍යාපනය, රෝහල් එන්නෙත් ඒකට. එතකොට රටක මොනයම් ක්‍රමයකින් හෝ මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා ඒ මිනිස්සු එන්නේ ඔය සේවා කොටසට. උදාරණයක් කියනවා නම් මිනිහෙක් හම්බ කරන ගාණ වැඩි වෙන කොට බත් කන ප්‍රමාණය ඒ ගාණටම වැඩි වෙන්නේ නෑනේ. ආදායම ගොඩක් අඩු කෙනෙක් ටිකක් හොඳට කන්න ගනී. ඒත් ඊට පස්සේ, ළමයින්ට උගන්වන්න, ලෙඩට දුකට බේතක් ගන්න, trip යන්න, movies බලන්න යොමු වෙනවා. ඒවා සේවා ගනයට අයිති වෙන්නේ.