ශ්‍රී ලංකාව ලොව දුක්ඛිතම රටවල් 11 අතරට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොව දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට පත්ව තිබෙනවා.

    ඒ, ලෝකප්‍රකඨ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ දර්ෂකයට අනුවයි.

    මෙම දර්ශකයට රටවල් 157 ක් ඇතුලත්. ඒ අතරින් ලොව දුක්ඛිතම රට ලෙස නම් කර ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයි.

    දෙවන ස්ථානය වෙනිසියුලාවටත්, තුන්වන ස්ථානය සිරියාවටත්, හතරවන ස්ථානය ලෙබනනයටත් හිමිව තිබෙනවා.

    සුඩානය, ආර්ජන්ටිනාව, යේමනය, යුක්‍රේනය, කියුබාව සහ තුර්කිය පස්වන ස්ථානයේ සිට පිළිවෙලින් 10 වන ස්ථානය දක්වා පසුවනවා.

    ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට නම් කිරීමට හේතුවී ඇත්තේ රට තුළ පැවති ඉහළ උද්ධමනයයි.

    මෙම ශ්‍රේණිගත කිරීමට රටවල් ඇතුලත් කිරීමේදී විරැකියාව, උද්ධමනය, බැංකු ණය අනුපාත සහ දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්කම් සලකා බලා තිබෙනවා. ඒ අනුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ විරැකියාව සියයට 6 යි දශම 5 ක මට්ටමක පැවති බවත්, උද්ධමනය සියයට 57 ඉක්මවා ගොස් තිබූ බවත් ස්ටිව් හෑන්ක්ගේ වාර්තාවේ ඇතුලත්.

    ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතය සෘණ වර්ධනයක පැවති බවත්, එය සියයට සෘණ 9 යි දශම 3 ක් බවත් එම වාර්තා මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ බැංකු ණය දීමේ අනුපාතය සියයට 20 ත් ඉක්මවා තිබූ බවද ස්ටිව් හෑන්ක් පවසනවා. ලොව දුක්ඛිතම රටවල් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමි ලකුණු සංඛ්‍යාව 99 යි දශම 6 යි 3 ක්.

    වඩාත්ම දුක්ඛිත රටවල් 157 න් ඉන්දියාවද 103 වන ස්ථානයේ පසුවීම විශේෂත්වයක්. ඔවුන්ට මෙම තත්ත්වය උදාවීමට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඉහළ විරැකියාවයි.

    ආර්ථික විශේෂඥ ස්ටිව් හෑන්ක්ගේ නවතම වාර්තාවට අනුව අවම දුක්ඛිත රට ලෙස නම් කර ඇත්තේ. ස්විස්ටර්ලන්තයයි. ලොව සතුටින්ම සිටින රට ලෙස අඛණ්ඩව 6 වතාවක් නම්වූ ෆින්ලන්තය ලොව දුක්ඛිතම රටවල් දර්ශකයේ 109 වන ස්ථානයේ පසුවනවා.

    අමෙරිකාව එම ශ්‍රේණිගත කිරීමේ 134 වන ස්ථානයේ පසුවන බවයි ස්ටිව් හෑන්ක් පවසන්නේ.

    ලොව අවම දුක්ඛිත රටවල් අතර කුවේට්, අයර්ලන්තය, ජපානය සහ මැලේසියාව පිලිවෙලින් දෙකේ සිට 5 වන ස්ථානය දක්වා නම් කර තිබෙනවා. තායිවානය, නයිජර්, තායිලන්තය, ටෝගෝ සහ මෝල්ටාව අවම දුක්ඛිත රටවල් අතරට අයත්.

    https://nethnews.lk/article/105161
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    තව ළමයි හදමු මේ පින්බර දේශයට..🤭
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අපෝ හැන්කියානේ කියලා තින්නේ ඉන්ද්‍රසිරි කියන ඒවා විතරයි අපි පිළිගන්නේ :yes:
     
    • Haha
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :lol:
    ලංකාව වැටිලා තින්නේ එකේ කතාවක් නැහැ
    එත් මේ වගේ ජෝක් articles වලට ඇඳෙන්න තරම් level එකට වැටෙන්න එපා ,
    කාලයක් කිව්ව ලංකාව ලෝකේ වැඩියෙන්ම මුහුදට plastic එකතු කරන රටවල් 5 අතර ඉන්නවලු ,අඩු තරමේ % ගානට නෙමේ වැඩිම ටොන් ගානට අනුව
    තව එකෙක් ඇවිත් කිව්ව ලංකාවේ currency එක වෙනුවට Bitcoin යොදා ගන්න ඕනලු .
    තව ජෝකෙර් කෙනෙක් ඇවිත් කිව්ව Currency Board එකක් දාන්න ලංකවේ

    "P-hacking refers to actions that authors engage in, knowingly or otherwise, in order to produce “more favorable” p-values. 1 Such actions include continuing to collect data, tinkering with econometric specifications, and imposing sample restrictions until certain thresholds of statistical significance are met."
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ස්ටිව් හෑන්ක් කියන්නේ අමූ ජෙප්පෙක්.ඕකා ලංකාවට කේලවෙනකල් ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ලොව දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට පත්ව තිබෙනවා.

    ඒ, ලෝකප්‍රකඨ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ දර්ෂකයට අනුවයි.



    https://nethnews.lk/article/105161
    LOL

    Mu jeppanta ellenna tawa piduru gahak deela. Muge inflation index wadey kela welama giyane :lol: :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    LOL

    Mu jeppanta ellenna tawa piduru gahak deela. Muge inflation index wadey kela welama giyane :lol: :lol:

    ඒ කියන්නේ මචං මූ බොරුද කියල තියෙන්නේ?

    ගිය අවුරුදු දෙකේ ලංකාවේ උද්දමනයක් තිබිලා නැද්ද?

    මහ කැ@ සුද්‍දෙක්නේ මූ..මේවා විදේශීය කුමන්ත්‍රණ තමා බං..විමල් හරි..😬
     
    • Haha
    Reactions: NRTG and Black_Adam

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ස්ටිව් හෑන්ක් කියන්නේ අමූ ජෙප්පෙක්.ඕකා ලංකාවට කේලවෙනකල් ඉන්නේ.
    ඔව් මූට වසන්ත සමරසිංහ තමා කියන්නේ ඔහොම කියපන් කියලා, රතු කොඩියක් අරගෙන මූ මැයි රැලියෙත් ගියා ජෙප්පොන්ගේ :rofl:
     
    • Like
    Reactions: NRTG