ශ්‍රී ලංකාව හොකී අනුශූරයන්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    ශ්‍රී ලංකාව හොකී අනුශූරයන්

    Source : http://www.divaina.com/2016/04/19/sports02.html

    හොකී ලෝක ශූරතා පළමු වටයේ තරගාවලිය
    ප්‍රබල චීනය හමුවේ ශ්‍රී ලංකාව ශූරතාව පෙනෙන මානයට යයි

    සිංගප්පූරුවේ පැවැති ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ පළමු වටයේ හොකී තරගාවලියේ අවසන් සටනට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාව එහිදී ප්‍රබල චීනය හමුවේ සුපිරි සටනක්‌ ලබාදෙමින් අනුශූරයන් බවට පත්විය.

    පෙරේදා එරට වේලාවෙන් පස්‌වරු 8.00 ට මෙම තරගය ඇරඹීමේදී චීනය විසින් එය පහසුවෙන් ජයගනු ඇතැයි අපේක්‍ෂා කළද නියමිත කාලය අවසානය වන විට ගෝල 3-3 ක්‌ ලෙසින් කරට කර සිටීමට ශ්‍රී ලංකාවට සමත්වූයෙන් එය නිදහස්‌ පහරවලින් තීරණය වන තරගයක්‌ බවට පත්වූ අතර එහිදී 4-2 ක්‌ ලෙසින් චීනයට ජය අත්විය.

    තරගාවලියේ තරග ජයග්‍රහණයක සාමාන්‍යය ගෝල 7-0 ක්‌ ලෙසින් රඳවාගනිමින් අවසන් මහා තරගයට පිවිසි චීනයට එරෙහිව අනුරුද්ධ හේරත් බණ්‌ඩාර පුහුණුකරු ලෙසින් කටයුතු කරන, කණ්‌ඩායමේ වෛද්‍යවරයා වන ලාල් ඒකනායක මහතා කළමනාකරු ලෙසින් zද්විත්ව සේවාවක්‌Z ඉටුකළ සහ නලන්ත ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම ලබාදුන් සටන අදහාගත නොහැකි මට්‌ටමක වූ බව වාර්තා වන අතර තරගයේ එක්‌ අවස්‌ථාවක ගෝල 3-2 ක්‌ ලෙසින් ජය පෙනෙන මානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියේය.

    තරගය ඇරඹී 3 වැනි මිනිත්තුවේ සිට ප්‍රතිවාදීන්ගේ ගෝල සීමාව ආක්‍රමණය කරමින් සිය සටන්කාමීත්වය පෙන්වීමට ශ්‍රී ලංකාව සමත්වුවද තරගයේ 19 සහ 38 වැනි මිනිත්තුවලදී ගෝල ලබමින් ගෝල 2-0 ක්‌ වශයෙන් ඉදිරියෙන් සිටීමට චීනය සමත්විය.

    නමුත් තරගයේ දෙවැනි භාගයේදී පිට පිටම ගෝල 3ක්‌ ලබමින් චීනය අන්දමන්ද කිරීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර 49 වැනි මිනිත්තුවේදී සඳරුවන් සුදසිංහ, 55 වැනි මිනත්තුවේදී දමිත් මහර සහ 59 වැනි මිනිත්තුවේදී ලක්‍ෂාන් නානායක්‌කාර විසින් අදාළ ගෝල වාර්තා කිරීමෙන් අනතුරුව ගෝල 3-2 ක්‌ ලෙසින් ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයට පැමිණියේය.

    නමුත් තරගයේ 61 වැනි මිනිත්තුවේදී චීනයේ ඩිහාවෝ මෙන්ග් විසින් ලබාගත් ගෝලය විසින් ශ්‍රී ලංකාවේ හොකී ඉතිහාසයේ වටිනාම ජයග්‍රහණය වාර්තා වීමට තිබූ අවස්‌ථාව අසුරාදමන ලදී.

    ගෝල 3-3 ක්‌ ලෙස සමවීමෙන් අනතුරුව තරගයේ තීරණය උදෙසා නිදහස්‌ පහර එල්ල කිරීමේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකාව අවාසනාවන්තවීමෙන් මෙම තරග ජයග්‍රහණය අහිමිව ගියද, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම මත මේ වසර අවසානයේ පැවැත්වෙන ලෝක ශූරතා දෙවැනි වටයේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා සිටියි.



    Source : http://kelimandala.lankadeepa.lk/article/61399/ලෝක-ලීග්-තරගාවලියේදී-ශී‍්‍ර-ලංකාවට-රිදී-පදක්කම

    සිංගප්පුරුවේදී පැවැති ලෝක ලීග් හොකී තරගාවලියේ (I වැනි කොටස) රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. මෙම ජයත් සමග ශ‍්‍රී ලංකාව එදා මෙදා තුර හොකී ක‍්‍රීඩාවෙන් අත්කරගත් ඉහළම ජයග‍්‍රහණය ලබමින් 2018 ලෝක ලීග් හොකී තරගාවලියේ II වැනි කොටසට සුදුසුකම් ලබා ගත්තේය.

    සිංගප්පුරුවේ ෂෙන්ග්කන්ග් කෘතිම හොකී ක‍්‍රීඩා සංකීර්ණයේ ඊයේ (17) සවස පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක හොකී ශ්‍රේණිගත කිරීම් අනුව 19 වැනි ස්ථානයේ සිටි ප‍්‍රබල චීනයට අභියෝගයක් ගෙනදෙමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය වුයේ දඬුවම් පහර 4-2 ක් ලෙසිනි.

    තවමත් ලෝක හොකී කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 42 වැනි ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකා (පිරිමි) හොකී කණ්ඩායම අවසන් තරගයේ නියමිත කාලය ගෝල 3-3 ක් ලෙස අවසන් කළේ විශිෂ්ට ක‍්‍රීඩා විලාසයක් දක්වමිනි.

    තරගාවලිය පුරා අපරාජිතව ඉදිරියට පැමිණි ශ‍්‍රී ලංකාව අවසන් පුර්ව තරගයේදී තායිලන්තය ගෝල 5-0 කින් පරදවා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

    ශ‍්‍රී ලංකාව, වසර 11 කට පසුව මෙම තරගාවලියේදී සිංගප්පුරුව පරාජය කරමින් දැක්වු දස්කම ද කැපී පෙනේ. ලෝක හොකී ශ්‍රේණිගත කිරීමේ 38 වැනි ස්ථානයේ පසුවන සිංගප්පුරුව ශ‍්‍රී ලංකාව හමුවේ පරාජය වුයේ ගෝල 2-1 කිනි.

    තරගාවලියේ මුලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග කළ ශ‍්‍රී ලංකාව විසින් මියන්මාරය ගෝල 7-0 කින්ද, කසක්ස්තානය ගෝල 7-0 කින්ද පරාජය කරන ලදි.

    තුන්වැනි ස්ථානය තේරීමේ තරගයේදී තායිලන්තය විසින් සිංගප්පුරුව ගෝල 3-1 කින් පරදවා ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

    රිදී පදක්කම්ලාභී ශ‍්‍රී ලංකා හොකී කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා කටයුතු කළේය.

    ImageGen.ashx

    63_0(1).jpg


    p16-3.jpg


    SL vs Singapore Highlights



    semi final full match


    SL vs China (Final match) Highlights
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සුපිරි මචන්... මොකක් හරි ආයතනයක් සප් එක දීල කොල්ලො ටික හදලා ගත්ත නම් නියම...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,090
    113
    හරියට පහසුකම් දීලා ගත්තා නන් හොඳ ගමනන් යන්ඩ පුලුවන්...ඒත් ලංකාව හින්දා ඒක වෙයිද කියන එක ෂුවර් නෑ...:(
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    හරියට පහසුකම් දීලා ගත්තා නන් හොඳ ගමනන් යන්ඩ පුලුවන්...ඒත් ලංකාව හින්දා ඒක වෙයිද කියන එක ෂුවර් නෑ...:(

    :yes::yes::yes::yes: