ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා

තවත් ඩොලර් කෝටි 250ක් - ලෝක බැංකුව

සෑම ක්‍ෂේත්‍රයකම විශිෂ්ට වර්ධනයක් - මූල්‍ය අරමුදල

ආර්ථික වර්ධනය 8% ඉක්මවයි - ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා
ලෝක බැංකු අධ්‍යක්ෂිකා කියය


ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන වශයෙන් හොඳ ගමනක් ආරම්භ කැර ඇති බවත් ගැටුම් පැවැති සමයේදී අඩු ආදායම් ලාභී රටක් ලෙස පැවැතිය ද අද මෙරට පවතින සාමකාමී වාතාවරණය මැද ඉතා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කැරගෙන ඇති බවත් ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය එන්ගෝෂි ඔකොන්ජෝ අයිවෙලා මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට තවදුරටත් අත්වැලක් සැපයීම සඳහා ඩොලර් මිලියන 265ක මුදලක් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ආර්ථික අතින් වේගයෙන් සංවර්ධනය වන ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්කිරීමට රජය දරා ඇති වෑයමට ඉතා හිතකර වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත් ආචාර්ය එන්ගෝෂි සඳහන් කළාය. ඇය මේ අදහස් පළ කෙළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉකුත් 17දා පැවැත්වූ සාකච්ඡාවකදීය.

ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනය ආශ්‍රිතව දැනුම හා විශේෂඥතාව බෙදා හදා ගැනීමට කැමැත්තෙන් පසුවන බවත් මෙහිදී අවධාරණය කෙරිණ. එන්ගෝෂි මහත්මිය ගේ ශ්‍රීී ලංකා සංචාරය මඟින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ සුබ පෙර නිමිති පළ කරන බවත් මැදි ආදායම් ලබන රටක් ලෙස තිරසාර සාමයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වන බවත් මීට පෙර ලෝක බැංකුව පවසා තිබිණ.

මේ අතර මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළකළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආචාර්ය බ්‍රයන් එයිට්කන් සඳහන් කැර තිබුණේ ශ්‍රීී ලංකාවට ඩොලර් බිලියන 2.5ක මුදලක් ලබාදීමට තීරණය කෙළේ වේගවත් ආර්ථික සංවර්ධනය සැලකිල්ලට ගෙන බවයි.

උද්ධමනය තරමක් ඉහළ ගියද ණය වර්ධනය අපේක්ෂිත මට්ටමට ඉහළ යාම නිසා පවතින මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රමාණවත් මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළේය.

ආයෝජන ප්‍රවර්ධන ක්‍රමවේද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වුවහොත් විනිවිද භාවය තවත් ඉහළ මට්ටමකට ගෙන ඒමටත් ආයෝජන සඳහා ආකර්ෂණය ඉහළ නැංවීමටත් හැකිවෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාව 2010 වසරේ තුන්වැනි කාර්තුව සඳහා සියයට 8 ක දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් අත්කරගෙන ඇති අතර මෙය වසර 2002 සිට ඉහළ ම වර්ධනයක් අත්පත් කරගත් දෙවැනි අවස්ථාව ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාවල සඳහන් වෙයි.

කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන සැලකූ කල පිළිවෙළින් සියයට 6.2 ක් 8.8 ක් හා 8 ක තරම් ඉහළ වර්ධනයන් මේ වසරේ තෙවැනි කාර්තුවේ දී පෙන්වා ඇතැයි කියා එම වාර්තාව පෙන්වා දෙයි.

මේ හැරුණු විට රසායන ද්‍රව්‍ය, පෙට්‍රෝලියම්, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනවල සියයට 9.8 ක වර්ධනයක් පෙන්වන අතර රෙදි නිමි ඇඳුම් සහ සම් භාණ්ඩ වල සියයට 3.2 ක් වර්ධනයක් ලබා ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියයට 8 ක වර්ධනයක් පෙන්නුම් කෙරේ.

අපනයන ක්ෂේත්‍රයේ මේ වසරේ 11.8 ක වර්ධනයක් පෙන්වා ඇති අතර දේශීය කර්මාන්තවල සියයට 7.7 ක වර්ධනයක් දක්නට ලැබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සැසඳීම් අනුව පෙන්වා දෙයි.
 
  • Like
Reactions: elakitiya

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
දශක තුනකට පසු ආර්ථිකය නිසි මඟට ඇවිත්

දශක තුනකට පසු ආර්ථිකය නිසි මඟට ඇවිත්

- ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ


Bazil.jpg


පසුගිය දශක තුනක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟ පිළිබඳව පැහැදිලි දැක්මක් හෝ නිශ්චිත ක්‍රමෝපායක් නොතිබූ බවත් එහෙත් දැන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය විධිමත් පිළිවෙතක් ඔස්සේ මෙහෙයවීමට හැකි වී ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ 2010 වසරේ තෙවැනි කාර්තුවට අදාළ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වමිනි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා 2010 වසරේ තෙවැනි කාර්තුවට අදාළ සංඛ්‍යා වාර්තාව නිකුත් කළ අතර, ඒ අනුව තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8 කින් වර්ධනය වී ඇත. මෙය ශ්‍රී ලංකාව එක් කාර්තුවක් තුළ ලබාගත් දෙවැනි ඉහළම වර්ධන වේගයයි.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා “පසුගිය වසරේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3.5කට සීමා වුණා. එහෙත් මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 7.6ක වර්ධනයක් ද දෙවන කාර්තුවේදී සියයට 8.5ක වර්ධනයක් ද තුන්වන කාර්තුවේදී සියයට 8ක වර්ධනයක් ද ලබාගැනීමට හැකිවුණා.

සියලුම කාර්තුවල වර්ධන මට්ටම වසර මුලදී අප ඇස්තමේන්තු කළ ඉලක්කයන් අභිබවා යාමක්. වසර මුලදී අප අපේක්ෂා කළේ මේ වසරේ අපේ ආර්ථිකය සියයට 6.5ක පමණ ප්‍රමාණයකින් වර්ධනය වේ යැයි කියා. එහෙත් මේ වන විට අපි ලබා ඇති ප්‍රතිඵල අනුව 2010 වසරේදී පොදුවේ සියයට 8කට ආසන්න වර්ධනයක් අපට ලබාගැනීමට හැකි වන බව පැහැදිලියි” යැයි ද ප්‍රකාශ කළේය.

”මෙම වර්ධනය ආර්ථිකයේ එක අංශයකට පමණක් සීමා නොවීම තුළින් පැහැදිලි වන්නේ පශ්චාද් යුද ආර්ථික සංවර්ධනය රටේ සියලුම අංශවලට විහිදී ගිය බවයි. කෘෂිකාර්මික අංශය සියයට 6.2කින් ද කාර්මික අංශය සියයට 8.8කින් ද සේවා අංශය සියයට 8කින් ද වැඩිවී තිබෙනවා. යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ආන්ඩුවේ නව මාද්ද්ය ප්‍රකාශක Windows8 තුමාට මගේ සුබ පැතුම්
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    mewa attanam apitat satutu wenna tibba...but atta katawa api china welata naya wemin pawatinawa
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    තවත් ඩොලර් කෝටි 250ක් - ලෝක බැංකුව
    කට්ටිය හොදට නත්තල් කයි

    සෑම ක්‍ෂේත්‍රයකම විශිෂ්ට වර්ධනයක් - මූල්‍ය අරමුදල
    අනේ අනිච්චන්

    ආර්ථික වර්ධනය 8% ඉක්මවයි - ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

    නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන් ගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කන්න බොන්න ඕන තරම් තියෙනවා රටේ හොදම දේවල් හොයන්න යන්න එපා

    kanna bonna oni tharam dewal kadawal wala thiyenawa. eth ganna salli na.

    lankawe samahara minissunge masika padiya 6000/=.

    uba mata kiyapan

    6000/30 = 200 a kiyanne dawasata 200 kin jeewath wenne kohomade kiyala pennapan. aduma tharamin 2 inna familly ekak ?

    ubata ubalage gewal gawa kade mudalaali aduwata dunnata hamotama ehema denne na banzz.:baffled:

    godak kollo oya wadeta kamathi na ban. uba ohoma karala hodata kala beela hitiyata.. oka digatama karanna ba.:P


     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලබ්බ තමයි. ලැජ්ජාවක් නෑ ණය ඉල්ලන්ඩ. කතාව කොහොමද? කතාව දෝලාවෙන් ගමන පයින්. එකනේ දැන් රුපියල් 5000 නොට්ටුවකුත් ගහන්නේ? ඔය ණය දෙන ඒවා වල පොලිය කීයද? කොන්දේසි මොනවද? ඒවත් දාපන්. උන් අපිට ආදරේ නිසාද ණය දෙන්නේ? මෝඩයා. :growl::growl::growl::growl::angry::angry::angry:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    6000 ta padiyak ganna ekek innawanam pennapan

    dan anduwe ekekgeth aduma padiya 15000 wenawa

    kuli wada karana kenekuth dawasata 1000 hoyanawa

    dawasata 200 hoyana ekek innawanam uthama loke inna lokuma kalakanniya

    ewage unta pinatawath kanna denna watinne naha
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    තොරතුරු වලට ස්තූතී ඒ සියල්ලන්ගේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙනවනම් තවත් සතුටුයි.................:(:(:(

    siyalu dewal janthawata

    rata sanwardana ilakka walata laga unama janathawata niyama wasi labenna gannawa
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    6000 ta padiyak ganna ekek innawanam pennapan

    dan anduwe ekekgeth aduma padiya 15000 wenawa

    kuli wada karana kenekuth dawasata 1000 hoyanawa

    dawasata 200 hoyana ekek innawanam uthama loke inna lokuma kalakanniya

    ewage unta pinatawath kanna denna watinne naha

    yako thopi nam pahara ballek. thopi hithanne thopi gana witharai. duppath minihekuta thopi kalakanniya kiyanawa nam thopita wedi thiyala maranda one. pahara balla. lankawe godakma inne samanya watupak labana aya. thopige kate renda one yako. thopi wage amana hatha ballek. :growl::growl::growl::growl:
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    Untitled-3.png


    ඔන්න windows 08 කාල වරෙන්.
    ආයෙත් ණය දෙන්නේ නෑලු
    දැන් බලමුකෝ හොර කන්නේ කොහොමද කියල