ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පිහිටුවන්නේ 1864 වසරේදී.

    ඒ කිලෝමීටර 54 ක් වෙන්න අඹේපුස්ස සහ කොළඹ සම්බන්ද කරමින්.

    මුලික වශයෙන් තේ සහ කෝපි ප්‍රවාහනයට තමයි සුදු ජාතිකයින් දුම්රිය මාර්ගය හදන්නේ.

    1867, 1874, 1885, 1894 and 1924 වගේ කාලවල නොයෙකුත් ලෙස මාර්ගය දීර්ඝ කිරීම සිදුකලා. අතිමට නුවර, නාවලපිටිය, නානු ඔය සහ බදුල්ල වෙනකම්ම දික්වුනා.

    මුහුදුබඩ දුම්රිය මාර්ගයත් සමගාමීව 1895 ඇරඹුනා. 1905 දී උතුරට දුම්රිය මාර්ගය ගියා.

    1953 පස්සේ තමයි ලංකාවට ඩිසල් එන්ජින් එන්න ගන්නේ, ඒ ස්වර්ණමය යුගදී.

    20 වැනි ශතවර්ෂය අග පමනවෙනවිට දුම්රිය ගැන ආණ්ඩුව කිසිම දෙයක් අලුතෙන් කළේවත් සොයබලුවෙවත් නැහැ. පිරිහීම පටන්ගන්නේ මෙන්න මේ වකවානුවේ.

    2010 දී නැවතත් පොඩි පිබිදීමක් ඇතිවෙනවා. දුම්රිය මාර්ග සංවර්ධනය සහ දුම්රියේ වේගය වැඩිකිරීමට මේ කාලයේ කටයුතු යෙදෙනවා.
    පරණ සිග්නල් ක්‍රමය ක්‍රමයෙන් අයින් වෙලා, මධ්‍යම ට්‍රැෆික් කොන්ට්‍රෝල් සිස්ටම් එකක් එන්නේ මේ වකවානුවේ.
    2011 GPS තාක්ෂණය එකතු වෙනවා.

    දුම්රිය දෙපාර්තමේන්තුවට කම්කරු සේවක සංගම් දේශපාලන සහ නොවන ලෙස එකතුවෙන්නේ 70 දශකය අගභාගයේදී.

    දුම්රිය කම්කරු සංගම් හරහා 2008 සහ 2019 දී ලොකුම වැඩවර්ජන සිදුවෙනවා.

    අද තත්වය:

    - කාර්යාල වේලාවන්හිදී දුම්රිය මදිකම සහ ක්‍රමවත් කළමනාකරණයක් සිදු නොකිරීම
    - දුම්රිය ස්ථාන තවමත් පරණ තත්වයෙන්ම තීන්ත ගැවිමකින්ම පමණක් අලුත් වීම
    - දුම්රිය වේදිකාව සහ දුම්රිය මට්ටම තවමත් අහසට පොලොව ලෙස තිබීම
    - අපහසු මගීන්, රෝදපුටු භාවිතාකරන්නන්ට ඇති අපහසුතා
    - සොරුන්ගේ රජදහනක් වීම
    - කැලිකසල සහ මගීන්ගේ අවභාවිතය
    - මුලික අවශ්‍යතා වන වැසිකිලි පහසුකම් නොමැතිවීම සහ ඉතා අබලන්ව පැවතීම
    - පැරණි ටිකට් ක්‍රම තවමත් භාවිතය
    - අපිරිසිදු පාලම්


    ඉහත කි දැ සහ තවත් බොහෝ දේ නිසා තවමත් ලංකාවේ දුම්රිය සේවය අඩු ශ්‍රේණියේ ලා සැලකිය හැකිය.

    කාර්යාල වේලාවන්හිදී රජයේ දුම්රිය උපරිමයෙන් ධාවනය කොට අනෙකුත් වේලාවන් හි පෞද්ගලික අංශවලට දුම්රිය යොදවා ධාවනය කරවීම වැනි ක්‍රියාමාර්ග ගන්නේ නම් නව ප්‍රවනතාවයක් ඉක්මනින් දුම්රිය සේවයේ ඇතිවනු ඇත.


    තවද අබලන් දුම්රිය ස්ථාන පවත්වාගෙනයාමට සහ ප්‍රධාන දුම්රිය ස්ථාන ෂොපින් මෝල් වැනි දෙ එක් කිරීමෙන් නව ප්‍රබෝදයක් ඇතිවනු ඇත.

    දුම්රිය ස්ථාන එම ප්‍රදේශයේ පරසිද්ද වියාපාරික ස්ථාන නමින් නම්කොට ඔවුන්ට ඔවුන්ගේ ප්‍රචාරණ ස්ථානයක් ලෙස යොදාගැනීමට හැකිවන ලෙස දීමෙන දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට පහසු වෙනුද ඇත.
    උදා: කොල්ලුපිටිය-අබාන්ස්, කොම්පන්යවිදිය-කීල්ස් Slave-Island Elephant House
    කොටුව දුම්රිය ස්ථානය ෂොපින් මෝල් ක්‍රමයට නවීකරණය කිරීම ඉතා උචිත වෙනු ඇත.

    දිනකට ලක්ෂ ගණනක ගමන් පහසුව දෙන දුම්රිය සේවයට කිසිම දේශපාලන බැල්මක් අදටත් නොවැටෙන්නේ මන්ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලගදි කෝච්චියක ගියා කොලබ නුවර, ඒ කෝච්චියේ කෝච්චිය යන දුර , නතර කරන ස්ටේෂන් එක එහෙම උඩින් ඩිස්ප්ලේ එක්ක යනවා. එත් ඒවා බාශා තුනෙන්ම යන්නේ නෑ. යන්නේ දෙමළින් විතරයි.


     
    Last edited:

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    ලගදි කෝච්චියක ගියා කොලබ නුවර, ඒ කෝච්චියේ කෝච්චිය යන දුර , නතර කරන ස්ටේෂන් එක එහෙම උඩින් ඩිස්ප්ලේ එක්ක යනවා. එත් ඒවා බාශා තුනෙන්ම යන්නේ නෑ. යන්නේ දෙමළින් විතරයි.



    එහෙනම් ඉතින් ඒකත් කැඩිලා 😂
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ලගදි කෝච්චියක ගියා කොලබ නුවර, ඒ කෝච්චියේ කෝච්චිය යන දුර , නතර කරන ස්ටේෂන් එක එහෙම උඩින් ඩිස්ප්ලේ එක්ක යනවා. එත් ඒවා බාශා තුනෙන්ම යන්නේ නෑ. යන්නේ දෙමළින් විතරයි.



    Class S14. neh.

    Colombo - Badulla

    Podi menike, Denuwara menike yanne oya trains set eka.

    Mamath godak welawata yanawa

    edit:

    Oke display eke yanawa dekala tiyenawa ban welawakata. Train eka athule audio system eken announcement ekakuth yanawa station lan wenakota
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනම් ඉතින් ඒකත් කැඩිලා 😂
    :lol:
    Class S14. neh.

    Colombo - Badulla

    Podi menike, Denuwara menike yanne oya trains set eka.

    Mamath godak welawata yanawa

    edit:

    Oke display eke yanawa dekala tiyenawa ban welawakata. Train eka athule audio system eken announcement ekakuth yanawa station lan wenakota

    මම ඉද්දි ගියේ නෑ බන්... අඩුම ගානේ ඉංග්‍රීසියෙන් හරි යන්න එපයි.
    අනවුන්ස් එකක් නම් ගියා, කොටුවේදී , එක ඊට පස්සේ ගියේ නෑ.