ශ්‍රී ලංකා මහ බැංකුව | ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8% ➡️ 7.75% පහළ දමයි

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,745
    31,094
    113
    අපායෙ දොරකඩ
    ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දමයි

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අඩු උද්ධමන පීඩන මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය.

    සම්පූර්ණ ලිපිය

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මටත් හිතෙනවා. ආනයන වැඩි වෙනවා නේ පොලී අඩු උනහම.. මොකද සල්ලි fd දානවට වඩා ලාබයි ආනයන කරන එක
    කටින් විතරයි වැඩ කියලා එයාල ඔප්පු කරල තියෙන්නේ .
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    එහෙම බලනකොට FD වලින් 10% කපාගන්න එක ජරා සීන් එකක්.
    FD එකෙන් 10% කපන්නේ නැ. එකන් එන පොලියන් 10% ගන්නේ.

    කටින් විතරයි වැඩ කියලා එයාල ඔප්පු කරල තියෙන්නේ .
    මේක 7.25 වත් අඩු කරන්න පුළුවන් වෙන්න ඕනේ මහබැංකුව ඔය කියන විදියට. මහින්දය හරි සියා හරි හිටියනම් ඕක 6% වත් අඩු කරනවා බොරු ජිල්මාට් දාලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මේක 7.25 වත් අඩු කරන්න පුළුවන් වෙන්න ඕනේ මහබැංකුව ඔය කියන විදියට. මහින්දය හරි සියා හරි හිටියනම් ඕක 6% වත් අඩු කරනවා බොරු ජිල්මාට් දාලා.
    මම නම් කියන්නේ තැම්පතු වලට 4% වගේ ගෙව්වනම් ඇති