ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1684340075-rugby2.jpg


    • රග්බි ආයතනයට ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම හේතුවෙන්
    • ගැටලුව විසඳීමට ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවටත් දැනුම් දෙයි
    ජාත්‍යන්තර රග්බි නීති උල්ලංඝනය කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ පරිපාලනයට ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීමෙන් දේශපාලන මැදිහත්කමක් සිදු කරන ලද බවට ලෝක රග්බි කවුන්සිලය දුන් උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් බව ලෝක රග්බි සම්මේලනය ශ්‍රී ලංකා රග්බි ආයතනයට දැනුම් දී තිබේ.

    ලෝක රග්බි විධායක මණ්ඩලයේ නිර්දේශයන් සැලකිල්ලට ගනිමින් ලෝක රග්බි සම්මේලනයේ නීති රෙගුලාසිවලට අනුව මේ පියවර ගත් බව ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වත්මන් විධායක අධ්‍යක්ෂ හසන් සිංහවංශ මහතා වෙත ලිපියක් යොමු කරමින් ලෝක රග්බි සම්මේලනයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධානී ඩේවිඩ් ග්‍රෙගරි මහතා සඳහන් කර තිබේ.

    වර්තමානයේ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පරිපාලන ගැටලු විසඳීමට අදාළ පාර්ශ්ව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ආසියානු රග්බි සංගමය හා එක්ව කටයුතු කිරිමට ද ලෝක රග්බි සම්මේලනය අදහස් කර තිබේ. එම ගැටලු විසඳා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට ඉදිරියේදී පැවැත්වෙන ආසියානු තරගාවලි සඳහා සහභාගි වීමේ අවස්ථාව උදාවනු ඇතැයි ද ලෝක රග්බි සම්මේලනයේ විශ්වාසය වී තිබේ. මේ සඳහා කඩිනමින් සාකච්ඡා කිහිපයකට සහභාගි වීමට ලෝක රග්බි සම්මේලනයේ සහ ආසියානු රග්බි සංගමයේ නිලධාරින් ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිතව තිබේ. ඒ සඳහා ඉතා ඉක්මනින් කටයුතු සූදානම් කිරීමට ද ලෝක රග්බි සම්මේලනය බලාපොරොත්තු වේ.



    සාමාජිකත්වය අත්හිටුවීම මත ශ්‍රී ලංකාවෙන් පිටත කිසිදු රග්බි ක්‍රියාකාරකම්වලට සහභාගිවීමට ශ්‍රී ලංකාවේ රග්බි ආයතනයට අවස්ථාවක් නොලැබෙන බව ද එම ලිපිය මගින් තහවුරු කර තිබේ.

    ආසියානු රග්බි සංගමයේ සභාපති කයිස් අල් දලෙයි, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහත්වරුන්ට ද ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීම දැනුම්දීමේ ලිපියෙහි පිටපත් යොමු කර තිබේ.
     
    • Wow
    Reactions: LZP1992

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාමල් ක්‍රීඩා අැමති වෙලා හිටියනම් පිලිවලකට කරනවා.අරගල කාරයෝ ඒකට කැමති වුනේ නෑනේ.දැන් සැපදදද?🤣