ශ්‍රී ලංකා - IMF ගණුදෙනුව ගැන චීනය දැඩි අවධානයෙන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ මොහොතේ ශ්‍රී ලංකාවට තිබෙන ඵකම හා හොදම විසදුම චීනයේ සහාය පැතීම නොවන බව මෙරට චීන තානාපති චී චෙන්හොංග් පවසනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඵ්ම සදහා චීනය ඕනෑම මොහොතක සහය ලබා දෙන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදි මාධ්‍ය ප්‍රධානින් සමග අද පැවති සාකච්ඡාවකදී පැවසුවේ.

    අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට බොහෝ මිතුරන් සිටින බවත් මේ මොහොතේ බටහිර රටවල් ශ්‍රී ලංකාවට තම මූල්‍යමය සහයෝගය ලබා දිය යුතු බවත් චීන තානාපතිවරයා එහිදී පැවසුවා. ඵමෙන්ම ශ්‍රී ලංකාව අයි ඵම් ඵෆ් සමග කටයුතු කරන ආකාරය දෙස අවධානයෙන් යුතුව බලා සිටින බවයි ඔහු අවධාරණය කළේ. මේ මොහොතේදි ශ්‍රී ලංකාව කඩිනම් විසදුම් සොයන අතරතුර දීර්ඝකාලීන විසදුම් ද සෙවිය යුතු බවත් රටක මූල්‍යමය කටයුතු දේශපාලනීකරණය නොවිය යුතු බවත් ඔහු සදහන් කලා.

    වර්තමානයේ පවතින අර්බුදයෙන් මිදීම සදහා 2021 වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා චීනය විසින් මෙරටට මෙටි්‍රක් ටොන් හත් ලක්ෂ 30,000ක ඉන්ධන සපයා තිබෙනවා. මෙලෙස ඉන්ධන ලබාගත්තද මුදල් ගෙවා ඇත්තේ ඉන්ධන තොග 7 ක් සදහා පමණක් බවත් තවත් ඉන්ධන තොග 12 කට මුදල් ගෙවීමට ඉතිරිව ඇති බවත් චීන තානාපතිවරයා පැවසුවා.

    ඵ් අනුව ශ්‍රී ලංකාව, චීනයෙන් ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවීමට ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 390 ක්.

    Neth
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,224
    113
    අපිවම අල්ලගන්න එපා බන් අර අරුන්ගෙනුත් ඉල්ලගනින්කො රෙද්ද! උබල අපෙ තරහ කාරයො කියල දැන දැන හොරෙන් ටෝක් කලේ උන්ගෙනුත් ඉල්ලපන් දෙයිද බලන්න ! හැබැයි මොකා පස්සෙ ගියත් අපිට අරින්න විතරක් හිතන්න එපා ! අපිත් බලාගෙන ඉන්නෙ මොකො වෙන්නෙ කියල !