ශ්‍රී ලංගම බස් බලමුද​?

ශ්‍රී ලංගම බස් බලමුද​?

reserved%2Bfor%2Bsltb.jpg


කවුරු මොනවා කිව්වත්... මම පොඩිකාලේ ඉඳන්ම ලංගම බස් වලට මාර ආසයි. අපිව පෙනි පෙනිත් ඉස්කෝලේ ලගින් සෙනග නැතිව සිටිත්දීත්, නොනවත්වා දීගෙන යන කාලකණ්නි රියදුරන්ගෙන් අඩු නොවූවද​, මම මේ බස්වලට හරිම ආසයි. ඒ මොකටවත් නොවෙයි.. ඒවායේ තියෙන නූතන ඉතිහාසගත මතක සටහන් නිසාවෙන්මයි.
මට ඉස්සර ලංගම බස්‍ රතවල එන​, 'භූමිතෙල්' සුවදද​, ඒවායේ ගියර් දමන ශබ්දය​... 'ගරා............ස්... තඩම්..." තවමත් දැනෙනවා වගේ.. ඒ වගේම ඇසෙනවා වගේ...
ඒ කෙසේ වෙතත් මම සහ මගේ යාලුවෙක් අරගෙන ගිය දීර්ගකාලීන නිරීක්ශනයක පාසටහන්.. පින්තූරද සහිතව මෙහි පලකරන්නෙමි.
ඉතින් මගේ යාලුවා තමයි 'උත්පල අතාහුද​', ඒකත් කියන්න එපා නොවෙයි!

ඔන්න ඉතින් කියවල​, බලලා ආස හිතෙන්වනම් රෙප් ටිකක් දීලා යන්න​.. මමත් දෙන අයට පෙරලා දෙනවා..


මීට කවදත් අවන්ක​
ලන්කාපුත්‍ර​


 
  • Like
Reactions: BonziBUDDY
SLTB ISUZU BF30 Bus

SLTB_CTB_ISUZU_BF30_BUS.jpg


Sri Lanka Transport Board (SLTB) ISUZU BF 30 bus in Colombo. Aquired in 1981 in SLTB service. --
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඉසුසු BF30 වර්ගයේ බස් රථයක් කොළඹ දී. 1981 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතුවන මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිතය. එකල ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති මෙම බස් රථ හිටපු ප්‍රවාහන අමාත්‍ය අනිල් මුණසිංහ මහතාගේ මුලිකත්වයෙන් ලංගමට ලබාගෙන ඇත.
------------------------------------------------------------

කෑගල්ල ඩිපෝවේ රියදුරු පුහුණු පාසලට අයත් මර්සිඩීස් බෙන්ස් වර්ගයේ බස් රථයක්
IMG_3482.JPG

මෙහි බඳ (body) ශ්‍රී ලංගම විසින් සකසා ඇති අතර පසුකාලීන අලුත්වැඩියාවන් නිසා බස් රථයේ මුල් පෙනුම වෙනස් වී ඇත.

මෙම බස් රථයේ පිටුපස පෙනුම

Copy+of+IMG_3479.JPG


මෙම බස් රථ පැත්තෙන් පෙනෙන ආකාරය

IMG_3475.JPG

-----------------------------------------------------------------------------------------------
උඩහමුල්ල රියදුරු පුහුණු පාසලට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ පැරණි බස් රථයක්

SLTB_UM_DTS_LAL_COMET.JPG


මෙම බස් රථ වල බඳ කොටස් ශ්‍රී ලංගම මගින් මෙරටදී නිපදවා ඇත.

බස් රථයේ පිටුපස පෙනුම


IMG_1947.JPG


බස් රථයේ ඇතලත


SLTB_UM_DTS_LAL_COMET_IN.JPG


----------------------------------------------------------------
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වු අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයකි.

5510581690_1fd179a3a5_b.jpg

මෙම බස් රථ වල බඳ (body) ශ්‍රී ලංගම මගින් නිපදවා ඇත. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1983 වසරේ ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ දීය. මා විසින් ලබාගන්නා ලද පින්තුරයක් නොවුනද ඉතා වටිනා පින්තුරයක් බැවින් flickr අඩවියෙන් උපුටාගෙන නැවත සකසා පලකරන ලදී. මෙවැනි වටිනා පින්තුරයක් අන් අයගේ දැකගැනීම පිණිස flickr අඩවියේ පළ කල කර්තෘට විශේෂ ස්තූතියක් හිමි විය යුතුමය.

ශ්‍රී ලංගම විසින් බඳ සැකසු තවත් අශෝක් ලේලන්ඩ් බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී.

5517116980_f7fa48e868_b.jpg


මෙම වර්ගයේ බස් රථ කීපයක පිටුපස පෙනුම ගාල්ල බස් නැවතුමේ නවතා තිබියෙදී.


5509979521_7d341c9709_b.jpg


ගාල්ල ඩිපෝවට අයත් මෙම වර්ගයේ තවත් බස් රථයක්

5516526583_630eb56183_b.jpg
 
Last edited:
  • Like
Reactions: rox2030

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සොයුර මා ඔබ සමග සියයට දෙසියයක් එකග වෙමි. ජීවිතයේ සොදුරුම සමය හා බැදුන ලංගම බස් රිය ගැන මා ලියු මගේ අදහසක් "දත් කිබුලානන්ගේ" හද විල කලබන ගී ජල රේඛා... හි පල කර ඇත. එහි ලින්කුව ඔබ වෙනුවෙන් පහත සදහන් කරන්නෙමි. එම අදාළ පිටුවේ 1299 වන පොස්ටුව බලන්න. :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1437174&page=130

     
    Last edited: