ශ්‍රී.ල.නි.ප. හා මෛත්‍රී

super16

Member
Feb 26, 2016
767
56
0
ශ්‍රී.ල.නි.ප. හා මෛත්‍රී

පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂයට එකතු වීමට තිබූ හොදම අවස්ථාවක් මගහැර ඇත. එලඹෙන පළාත් සභා මැතිවර‍ණයෙන් ශ්‍රීලනිපට ගොඩ යාමට තිබූ හොදම අවස්ථාව එයයි. මේ යන විදිහට පළාත් සභා මැතිවරණයෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක් ලැබෙන අතර ශ්‍රීලනිප දැනට තිබෙන ඡන්දවත් ලබා ගැනීමට නොහැකි විය හැකිය. එජාප විරෝධී බලවේගයක් ලෙස මිලග ජනාධිපතිවරණයට තරග කිරීමට නම් අනිවාර්යයෙන්ම ශ්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂය එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය. ඒ සදහා දැන් සිටම සූදානම් විය යුතු අතර දැන් බෙදී ගොස් ජනාධිපතිවරණයේදී එකතුවීමට හැකිවන්නේ නැත. ඒ අනුව නියතලෙසම පළාත් සභා මැතිවරණයේදී එකතුවිය යුතු අතර එම එකඟතාව මත ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජය ගැනීමට හැකියාව ඇත. එසේ නොවුනහොත් ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයාට ජයගැනීමට හැකිවනු ඇත. මන්ද උතුරු නැගෙනහිර ඡන්දවල වැඩි ආකර්ශණය ඇත්තේ එජාපයට වීම නිසයි.
 
Last edited:

Similar threads