ශ්‍රී_ලංකා_මත්ස්‍ය_අපනයන_තහනම්

obama99

Banned
Sep 30, 2014
93
13
0
ශ්‍රී_ලංකා_මත්ස්‍ය_අපනයන_තහනම්

ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයන තහනම්

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබේ.
පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණය ප්‍රකාශයට පත් විය.
නීති විරෝධී මසුන් මැරීම පාලනය කිරීම සඳහා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, ගැඹුරු මුහුදේ කෙරෙන මසුන් මැරීමේ කටයුතු වලට අවශ්‍ය ප්‍රමාණයට සම්බාධක ක්‍රියාත්මක නොකිරීම හා ජාත්‍යන්තර සහ කලාපීය ධීවර නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම යන කරුණු ඊට අදාළ ඇගයුම් වාර්තාවේ සඳහන්.
දෙදහස් පහළොව වසරේ ජනවාරි මාසයේ මැද වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
‘ශ්‍රී ලංකා ජාතික කොඩිය සමග පැමිණෙන ධීවර යාත්‍රාවලට අද සිට තව මාස තුනකට පසු යුරෝපා වෙළඳපොළට ඇතුළු වීමට තහනම් පැනවෙනවා’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි පැවසුවාය.
බේලිස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනුවාටු සහ ශ්‍රී ලංකාව යන රටවලට ඉහත කී කරුණු සම්බන්ධයෙන් මීට පෙර යුරෝපා කොමිසම අනතුරු හැඟවීමක් කළේය.

යුරෝ මිලියන 74

නීති විරෝධී මසුන් මැරීම අවම කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් පුරා වසර හතරක් යුරෝපා කොමිසම හා ශ්‍රී ලංකාව අතර උණුසුම් මට්ටමේ සංවාද පැවතුණි.
‘යුරෝපය මත්ස්‍ය නිෂ්පාදන ආනයන කරන ප්‍රධාන රට වලින් ශ්‍රී ලංකාව ප්‍රධාන රටක්. අපට මත්ස්‍ය නිෂ්පාදන අපනයන කරන රටවල් අතරින් දෙවැනියාට ඉන්නේ ශ්‍රී ලංකාවයි. වසරකට යුරෝ මිලියන 74ක මාළු ශ්‍රී ලංකාව අපට අපනයනය කරනවා’ යනුවෙන් සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය කියා සිටියාය.

ශ්‍රී ලංකාව හැර

නමුත් ශ්‍රී ලංකාව හැර පෙර සඳහන් කළ රටවල් සියල්ල නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා ගත් පියවරයන්හි සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් යුරෝපා කොමිසම් ලැයිස්තුවෙන් එම රටවල් ඉවත් වී තිබේ.
‘නීති විරෝධී මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මේ රටවල් පහ අපේ ඇගයීමට ලක් වෙනවා. නමුත් අවාසනාවකට මට ඒ දේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන්න බැහැ. අපි මේ ගත්ත තීරණය ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් නැවත සිතා බලන්න අවස්ථාවක් ලබා දේවි’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි වැඩි දුරටත් පැවසුවාය.
 
  • Like
Reactions: vali aththa

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දැන් ෆැක්ටරි ගනනාවක් වැහේවි.:baffled:

    මෝඩ සින්හලුන් ගෑවුන තැන වවාගෙන කන්න ගිහින් කුජීත වෙනව.:angry:

    රට අස්ථාවර කරන්න විදේශීය කුමන්ත්‍රණයක් - විමල්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අද රටේ සක්කිලියන්ට රටවල් එක්ක සම්බන්ධකම් ඕන නැහැ , ආස්චර්යේ පාලකයන්ට අද ඕනා කුවාසිලන්තේ හෙළුවෙන් ඉන්න උනුයි , බටහිර අප්‍රිකානු ගොත්රිකයෝයි විතරයි
    මුන් ලෝකේ සම්මත නීති ගණන් ගන්නේ නැහැ , එකයි මේ රටට කෙලවෙන්නේ
    මුන්ට ඕනා කොමිස් ගන්න පුළුවන් ව්‍යාපාර රැකගන්න විතරයි , රටේ උන්ට දෙයියන්ගේම පිහිටයි , රටකන උන්ටත් දෙයියන්ගේම පිහිටයි
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Mokodanna bakapanditha Rajitha Karay oyasambandawa....warning eka patangaththey Yellow card ekakin meta awrudu 3-4kalin. apey sukannala mukuth karay nathinisa RED card ekakt pennuwa. dan ithing apey malu tika indian karayonta mudeyma wikunanna thamai wenne.

    May wagay dewal gana ithanna oney api chande dana kota. pow malukarayo tika.
     
    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    අද රටේ සක්කිලියන්ට රටවල් එක්ක සම්බන්ධකම් ඕන නැහැ , ආස්චර්යේ පාලකයන්ට අද ඕනා කුවාසිලන්තේ හෙළුවෙන් ඉන්න උනුයි , බටහිර අප්‍රිකානු ගොත්රිකයෝයි විතරයි
    මුන් ලෝකේ සම්මත නීති ගණන් ගන්නේ නැහැ , එකයි මේ රටට කෙලවෙන්නේ
    මුන්ට ඕනා කොමිස් ගන්න පුළුවන් ව්‍යාපාර රැකගන්න විතරයි , රටේ උන්ට දෙයියන්ගේම පිහිටයි , රටකන උන්ටත් දෙයියන්ගේම පිහිටයි

    ඒකනම් ඇත්ත.
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    අද රටේ සක්කිලියන්ට රටවල් එක්ක සම්බන්ධකම් ඕන නැහැ , ආස්චර්යේ පාලකයන්ට අද ඕනා කුවාසිලන්තේ හෙළුවෙන් ඉන්න උනුයි , බටහිර අප්‍රිකානු ගොත්රිකයෝයි විතරයි
    මුන් ලෝකේ සම්මත නීති ගණන් ගන්නේ නැහැ , එකයි මේ රටට කෙලවෙන්නේ
    මුන්ට ඕනා කොමිස් ගන්න පුළුවන් ව්‍යාපාර රැකගන්න විතරයි , රටේ උන්ට දෙයියන්ගේම පිහිටයි , රටකන උන්ටත් දෙයියන්ගේම පිහිටයි
    :yes::yes:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    katawath wadak nathi janadhi pathi waranayak thiya thiya rata wate duwanne nathuwa menna me wage prashna walatati wisadum hoyaganna ona
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අද රටේ සක්කිලියන්ට රටවල් එක්ක සම්බන්ධකම් ඕන නැහැ , ආස්චර්යේ පාලකයන්ට අද ඕනා කුවාසිලන්තේ හෙළුවෙන් ඉන්න උනුයි , බටහිර අප්‍රිකානු ගොත්රිකයෝයි විතරයි
    මුන් ලෝකේ සම්මත නීති ගණන් ගන්නේ නැහැ , එකයි මේ රටට කෙලවෙන්නේ
    මුන්ට ඕනා කොමිස් ගන්න පුළුවන් ව්‍යාපාර රැකගන්න විතරයි , රටේ උන්ට දෙයියන්ගේම පිහිටයි , රටකන උන්ටත් දෙයියන්ගේම පිහිටයි
    :yes::yes::dull::dull: