ශ්‍රී_ලංකිකයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හදවතින්ම ශ්‍රී ලංකිකයි

20841070_1479586365456492_5873041776512503738_n.jpg



දිනක් මම කඩයට ගිය වෙලේ එහි සිටියේ සුද්දෙකි. ඔහු මුදලාලි සමඟ ලොකු කතාවකය. මම ඔහුට සමීපව සුව දුක් විචාරිමි.


"මම නෙදර්ලන්ත පුරවැසියෙක්. මං අවිවාහකයි. මට වයස අවුරුදු 35යි. මගේ තාත්තා නෙදර්ලන්තයේ රෝහල් ගණනාවක් හිමි ධනපතියෙක්. මං කුඩා කල කරපු වරදකට ඔහු මාව කාමරයක හිර කරා. මං තරුණයෙක් වෙනතුරුම ඒ කාමරේ හිරවෙලා හිටියා.මං කවුළුවෙන් ඈත පේන දේවල් කාමරයේ අඳිනවා. මං ඒ පින්තූර එක්ක ජීවත්වුනා. ඒ රටේ රජයට අනුව මං තරුණයෙක් වූ පසුව එසේ සිර කරගෙන ඉන්නට බෑ. අවසානයේ මානව හිමිකම් කාර්‍යාලයක සහයෙන් මට එලියට එන්න අවස්ථාව ලැබුණා. මං මුලින්ම කළේ මගෙ තාත්තාට විරුද්ධව නඩු කියපු එක.අධිකරණයෙන් කිව්වා මං කැමති වන්දියක් ඉල්ලන ලෙස. අවසානයේ සෑම මසකම ඔහුගේ ආදායමෙන් කොටසක් මගේ ගිණුමට බැර කරණ ලෙස නියෝගකළා. මගේ ගිණුමට මුදල් බැර වුවත් මට හිතාගන්න බැරිවුනා ඊළඟට මං කළ යුතු දේ. මට ඕනි වුණා ඇවිදින්න. මට හිතුනා මං හිරවෙලා හිටපු කාලයේ මඟහැරුණු පරිසරය හොයාගෙන යන්න. මං රටින් රටට ඇවිද්දා. එහිදී මට විවිධ මිනිසුන් හමුවුනා. එහෙමයි මට මේ කඩේ මුදලාලිව හමුවුනේ.


ලංකාවේ ඇවිදිනකොට මං දැක්කා මිනිසුන් පේමන්ට් දිගේ නිදියනවා. මං එයාලට සල්ලි දුන්නා. කෑම දුන්නා. මං වෙරළේ ඇවිදිනකොට මං දැක්කා දුප්පත් ළමයි. එයාලා බඩගින්නේ අඬනවා දැක්කාම මං එයාලට රස කෑම අරන් දුන්නා.ඒත් එයාලා ස්තූති කළේ නෑ. දවසක් මං එහෙම මිනිස්සුන්ට උදව් කරනකොට කීපදෙනෙක් ඇවිල්ලා මට ගැහුවා. මගේ සල්ලි මගේ මාලය වගේම මගේ කමිසයත් ගලවගෙන ගියා. මේ රටේ ඉන්නේ නරක මිනිස්සු.

ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරුවන්ට වඳිනවා. ඒත් එයාලා අපිට වඳින්න දෙන්නෑ. අපි බුදුහාමුදුරුවො වඳින්න ගියාම සල්ලි ඉල්ලනවා. සල්ලි නොදුන්නොත් එලවනවා. මං සුදු නිසා එක විදිහක් ඔයා කළු නිසා එක විදිහක්. ඒ ඔයාලගෙ රටේ මිනිස්සුන්ගෙ හැටි. බුදුහාමුදුරුවො ඉන්න ඕනි හිතේ. ඔයාලගෙ බුදුහාමුදුරුවො ඔයාලගෙ හිතේ නෑ. මාලිගාව ඉස්සරහා මිනිස්සු රංඩු වෙනවා. පරවුනු මල් විකුණනවා. දළඳා වැඳලා ඉස්සරහා හෝටලෙන් සිගරට් අරන් බොනවා. ඔයාලගෙ හිතේ බුදුහාමුදුවෝ නෑ. ඔයාලගෙ මිනිස්සු වන්දනාවේ ගියාම බුදුහාමුදුරුවන්ගේ බුදුපිළිමෙට,වැඳලා ඒක පිටපස්සටම ගිහින් මූත්‍රා කරනවා. වටේ බුලත් කෙල ගහනවා. බීලා බෝතලේ පූජා භූමියේම දාලා එනවා. ඔයාලාගේ හිතේ ආගමක් තියනවා කියලා මං දැකලා නෑ. මට එක ආගමක් නෑ. මං ලංකාවට ආවාම බුදුහාමුදුරුවන්ගේ චිත්‍ර අඳිනවා. පන්සල් ගිහින් වඳිනවා.මං ඉන්දියාවට ගියාම කෝවිල් යනවා. ගිහින් පොට්ටු තියාගෙන දෙවියන්ට වඳිනවා. එයාලා ඉන්නේ මගේ හිතේ. මං එයාලට වඳින්නේ හදවතින්.

ලංකාවේ පොලීසියට විනයක් නෑ. හදවතක් නෑ. මට හිතුනාම මං නොමිලේ එයාලට කෑම දෙනවා. දවස්ගාණකින් එයාලට ඒවා මතක නෑ. නොමිලේම බනින්න හේතු හදාගන්නවා. එයාලාගේ නීතිය තමයි අවිනීතිය. මං මේ කඩේට ආවේ මුදලාලි නිසා. මං ලංකාවට ආවාම මිනිස්සු මට බඩු විකුණන්නේ වැඩි ගානට.ඔයාලට සීයට විකුණන බිස්කට් එක මට දෙසිය පනහක් කියනවා. මං මේ මුදලාලිගෙන් විතරයි අඩුවට බඩු දෙන මනුස්සකමක් දැක්කේ. මං මේ නරක රටෙන් යනවා.මේ මං ලංකාවට ආව තුන්වෙනි වතාව. ආයෙමත් එන්නේ නෑ.

ඔයාලගෙ රටේ දහයක් මිනිස්සු ඉන්නවා නම් නවයක්ම නරකයි. එක්කෙනෙක් හොඳයි ඒත් හොඳ අය හොයාගන්න අමාරුයි. මං දෙසැම්බර් විසිතුන් වෙනිදා ඉන්දියාවට යනවා. මං එහෙ ළමා රෝහල ළමයින්ගේ නත්තල් සීයා වෙන්න හිතුවා. මං එහෙ ගෙනියන්න රෝහලට අවශ්‍යය ප්ලාස්ටර් බැන්ඩේජ් වගේ දේවල් ගොඬාක් ලංකාවෙන් ගත්තා.

ළමයින්ට දෙන්න තෑගි ගොඬාක් ගත්තා. විසිපස්වෙනිදා රෑට එයාලට නත්තල් අරන් මං යනවා. මං සතුට ලබන්නේ අනිත් අයගේ සතුට දැකලා. මට තියෙන්නේ කමිස දෙකයි. කලිසම් දෙකයි. වෙන ඔරලෝසුවක දෙයක් මං ගාව නෑ. මං හරි සරලයි"



මං කොහොමද ඔයාව හොයාගන්නේ? මට ඔයාගේ දුරකතන අංකය facebook නම දෙන්න.


"මට දුරකථනයක් නෑ. මට ෆේස් බුක් ඊමේල් නෑ. කොටින්ම මට ලිපිනයක් නෑ. මං රටින් රටට යනකොට එ මොහොතේ හමුවෙන කෙනා මගෙ යාළුවා. ඊට පස්සේ කවදාවත් එයාව ආය මුණගැහෙන්නේ නෑ. මට හිතුනොත් මං එයාලා බලන්න යනවා. ඒත් මාව කාටවත් හොයාගන්න බෑ. මටම කියලා නෑයෝ යාලුවෝ නෑ. මං ඇවිදගෙන ඇවිදගෙන යනවා. ලංකාවෙන් අරගෙන යන්නේ මං නිසා සතුටුවෙන අයගේ හිනාව විතරයි"


කතාව - හර්ෂණී රණතුංග
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජින්තුවා;22273803 said:
ලංකාවේ එකෙක් ලියපු බොරුවක් ඕක.. දැනට කාලෙකට කලින් share උන

රෝසි ආච්චි;22273821 said:
ai ban boru share karanne? meka patta parana article ekak kawuda ganiyek boruwata liyapu

සමහරවිට ගොතා කියන ලද කතාවක් වෙන්න ඇති. මොකද පොලිසියෙන් සුද්දන්ට බනින්නේ නැහැ. මොකද කඩ්ඩේ ප්‍රශ්නයක් නිසා.

කොහොම නමුත් මේකේ තියන සියල්ල ඇත්ත නොවෙයිද. මේක නේ වෙන්නේ ලංකාවේ.

 
Last edited:

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    බොරුවක්.... කියල තියෙන දේවල් වල නම් ඇත්තක් තියෙනව......
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    @ pavithra_uk,

    Don't be so pessimistic ;).
    I'm not saying that there are a lot of bad people in Sri Lanka.

    If this is a fictional story then it is written without understanding the historical and cultural roots and thoughts of Sinhalese ( when I say Sinhalese it is Sinhala Buddhists).
    If it is a true story, then the foreigner did not understand what people told him back when he did something nice to them.
    :yes:

    We don't say "Thank you", but we say පින් සිද්ධ වෙච්චාවේ.
    No foreigner can understand what is that. Not only in a literal sense but even figuratively they can't process the concept of පින්.
    This does not go well with standards of today.
     
    Last edited: