[FONT="]ශාකද ජීවීන්ය. ශාක නසා ආහාරයට ගැනීම පාපයක් නොවන්නේදැයි අප වෙජිටේරියන් යැයි කියාගන්නා අයගෙන් විමසූවිට ඔවුන් පවසන්නේ, ශාකවලට ස්නායු පද්ධතියක් නොමැති බැවින් වේදනාව නොදැනෙන බවයි. නියුරෝනමය ස්නායු පද්ධතිය දියුණු ජීවින්ට ලැබී ඇති සංවේදන පද්ධතියකි. සෑම ජීවියෙකුටම වේදනාව දැනීම සඳහා ස්නායු පද්ධතියක්ම තිබීමේ අවශ්‍යතාවයක් නැත. මේ සඳහා වෙන ක්‍රමයක් ශාකවලට තිබිය හැක.[/FONT]
[FONT="]මෑතකදී එක්සේටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් අපූරු පර්යේෂණයක නිරත විය. ඔවුන් ගොවා පැල වල ඩීඑන්ඒ අනුවේ වෙනස්කමක් කර ලුසිෆරේස් නමැති ප්‍රෝටීනයක් එකතු කළේය. එයින් ඇතිවන ප්‍රතික්‍රියාවකින් දීප්තියක් ඇති කරයි. එමගින් ශාකයේ ප්‍රතිචාර කැමරාවට නැංවීය. [/FONT]
[FONT="]පරීක්ෂණය සඳහා ඔවුන් එක් ගෝවා පැලයක පත්‍ර කැබැල්ලක් කපා දැමූවිට එම ශාකය මීතයිල් ජැස්මොනේට් ([/FONT]methyl jasmonate[FONT="]) නමැති වායුව නිපදවීය. එම වායුව අසල ඇති පැල වලටද ඇදී ගියේය. මෙය අනතුරක් ලඟ බවත් ආරක්ෂා විය යුතු බවත් අනෙකුත් පැළ වලට පණිවිඩයක් විය. අනෙකුත් පැල වහා විෂ සහිත රසායනයක් පත්‍රවලට මුදා හැරියේය.[/FONT]
[FONT="]ශාක වලට අප හොඳින් කතා කල විට එය හොඳින් වර්ධනය වන බවත්, නරකින් බැන වැදුනු විට වර්ධනය අධාල වන බවත් මීට පෙර නිරීක්ෂණය කර තිබිණි. නමුත් ඉහත පරීක්ෂණය ඊට වඩා ඉදිරියෙන් සිටී. අප, හිසකේ මුලට තරංගයක් නොයන පරිදි කෙස් අගින් කැපූ විට අපට දැනීමක් ඇති නොවේ. හේතුව කෙස් ගසේ ආවේග සම්ප්‍රේෂණය සඳහා ස්නායු තන්තු නොමැති බැවිනි. නමුත් ඉහත පරීක්ෂණය ගැන සළකා බැලීමේදී, ගොවා පැලයේ පත්‍ර කැබැල්ලක් කපා දැමූ විට එය එම පැලයට දැනී තිබේ. එනම් ස්නායු පද්ධතියක් නොමැති වුවද එයට යම් ආකාරයක දැනීමක් ඇති බව ප්‍රත්‍යක්ෂ වේ. වේදනාව හා සතුට ලෙස වෙන්කර හඳුනාගැනීමට හැකියාව ඇත්ද යන්න මෙම පරීක්ෂණයෙන් පැහැදිළිව කිව නොහැක. නමුත් අනතුරක් යන වග හඳුනාගෙන තිබීම නිස ආවේගය වේදනාවක ආකාරයක සෘන ආවේගයක් විය යුතුය.[/FONT]
[FONT="]මෙලෙස එම ආවේග හඳුනාගෙන එයට ප්‍රතිචාර ලෙස මීතයිල් ජැස්මොනේට් වායුවද පිට කර තිබේ. එලෙසම අනෙකුත් ශාක මෙම වායුව හඳුනාගෙන එයටද ප්‍රතිචාර දක්වා තිබේ. මෙයින් විඥ්ඥානය ගැනද සැක මතුවේ. [/FONT]
[FONT="]දියුණු ජීවින්ගේ සංවේදන පද්ධතියෙන් සිදුවන ආවේග හඳුනාගැනීම හා ප්‍රතිචාර දැක්වීම යන කරුණු දෙකම මනාව මෙම ගොවා පැල විසින් සිදුකර තිබේ.[/FONT]
[FONT="]මෙම කරුණු ගැන සළකා බැලීමේදී, වේදනාව දැනීම යන කාරණයට අදාලව සත්ව ආහාරවලට සාපේක්ෂව ශාක ආහාර සාධාරණීක කරනය කිරීම අභියෝගයට ලක්වේ. නමුත් එය ප්‍රත්‍යක්ෂ කිරීමට කරුණු ප්‍රමාණවත් නොවේ. නමුත් අනාගතයේදී නව පරීක්ෂණයන්ගෙන් මෙම ගැටළුවට පිළිතුරක් ලැබේ යැයි බලාපොරොත්තු වෙමු.[/FONT]
[FONT="]පරීක්ෂණය ඩේලි මේල් පුවත්පත වාර්තා කරතිබූ ආකාරය
සත්‍ය මග බ්ලොග් අඩවිය
[/FONT]