ශාක නැසීම ?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    87583031.jpg


    ශාකද ජීවීන්ය. ශාක නසා ආහාරයට ගැනීම පාපයක් නොවන්නේදැයි අප වෙජිටේරියන් යැයි කියාගන්නා අයගෙන් විමසූවිට ඔවුන් පවසන්නේ, ශාකවලට ස්නායු පද්ධතියක් නොමැති බැවින් වේදනාව නොදැනෙන බවයි. නියුරෝනමය ස්නායු පද්ධතිය දියුණු ජීවින්ට ලැබී ඇති සංවේදන පද්ධතියකි. සෑම ජීවියෙකුටම වේදනාව දැනීම සඳහා ස්නායු පද්ධතියක්ම තිබීමේ අවශ්‍යතාවයක් නැත. මේ සඳහා වෙන ක්‍රමයක් ශාකවලට තිබිය හැක.

    මෑතකදී එක්සේටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් අපූරු පර්යේෂණයක නිරත විය. ඔවුන් ගොවා පැල වල ඩීඑන්ඒ අනුවේ වෙනස්කමක් කර ලුසිෆරේස් නමැති ප්‍රෝටීනයක් එකතු කළේය. එයින් ඇතිවන ප්‍රතික්‍රියාවකින් දීප්තියක් ඇති කරයි. එමගින් ශාකයේ ප්‍රතිචාර කැමරාවට නැංවීය.

    පරීක්ෂණය සඳහා ඔවුන් එක් ගෝවා පැලයක පත්‍ර කැබැල්ලක් කපා දැමූවිට එම ශාකය මීතයිල් ජැස්මොනේට් (methyl jasmonate) නමැති වායුව නිපදවීය. එම වායුව අසල ඇති පැල වලටද ඇදී ගියේය. මෙය අනතුරක් ලඟ බවත් ආරක්ෂා විය යුතු බවත් අනෙකුත් පැළ වලට පණිවිඩයක් විය. අනෙකුත් පැල වහා විෂ සහිත රසායනයක් පත්‍රවලට මුදා හැරියේය.


    ශාක වලට අප හොඳින් කතා කල විට එය හොඳින් වර්ධනය වන බවත්, නරකින් බැන වැදුනු විට වර්ධනය අධාල වන බවත් මී‍ට පෙර නිරීක්ෂණය කර තිබිණි. නමුත් ඉහත පරීක්ෂණය ඊට වඩා ඉදිරියෙන් සිටී. අප, හිසකේ මුලට තරංගයක් නොයන පරිදි කෙස් අගින් කැපූ විට අපට දැනීමක් ඇති නොවේ. හේතුව කෙස් ගසේ ආවේග සම්ප්‍රේෂණය සඳහා ස්නායු තන්තු නොමැති බැවිනි. නමුත් ඉහත පරීක්ෂණය ගැන සළකා බැලීමේදී, ගොවා පැලයේ පත්‍ර කැබැල්ලක් කපා දැමූ විට එය එම පැලයට දැනී තිබේ. එනම් ස්නායු පද්ධතියක් නොමැති වුවද එයට යම් ආකාරයක දැනීමක් ඇති බව ප්‍රත්‍යක්ෂ වේ. වේදනාව හා සතුට ලෙස වෙන්කර හඳුනාගැනීමට හැකියාව ඇත්ද යන්න මෙම පරීක්ෂණයෙන් පැහැදිළිව කිව නොහැක. නමුත් අනතුරක් යන වග හඳුනාගෙන තිබීම නිස ආවේගය වේදනාවක ආකාරයක සෘන ආවේගයක් විය යුතුය.

    මෙලෙස එම ආවේග හඳුනාගෙන එයට ප්‍රතිචාර ලෙස මීතයිල් ජැස්මොනේට් වායුවද පිට කර තිබේ. එලෙසම අනෙකුත් ශාක මෙම වායුව හඳුනාගෙන එයටද ප්‍රතිචාර දක්වා තිබේ. මෙයින් විඥ්ඥානය ගැනද සැක මතුවේ.

    දියුණු ජීවින්ගේ සංවේදන පද්ධතියෙන් සිදුවන ආවේග හඳුනාගැනීම හා ප්‍රතිචාර දැක්වීම යන කරුණු දෙකම මනාව මෙම ගොවා පැල විසින් සිදුකර තිබේ.
    මෙම කරුණු ගැන සළකා බැලීමේදී, වේදනාව දැනීම යන කාරණයට අදාලව සත්ව ආහාරවලට සාපේක්ෂව ශාක ආහාර සාධාරණීක කරනය කිරීම අභියෝගයට ලක්වේ. නමුත් එය ප්‍රත්‍යක්ෂ කිරීමට කරුණු ප්‍රමාණවත් නොවේ. නමුත් අනාගතයේදී නව පරීක්ෂණයන්ගෙන් මෙම ගැටළුවට පිළිතුරක් ලැබේ යැයි බලාපොරොත්තු වෙමු.


    uputa ganima
    සත්‍ය මග

    සත්‍ය මග: ශාක නැසීම ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබද මචන් බ්ලොග් එක ලියන්නෙ

    මේක මම ලියන එකක් නෙමේ පහළ දාල තියෙනවා එකේ ලින්ක් එක
    මම එකක් පටන් ගන්නවා .මේදවස් වල යුනි එන්ඩ් එකට පාඩම් කරනවා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක මම ලියන එකක් නෙමේ පහළ දාල තියෙනවා එකේ ලින්ක් එක
    මම එකක් පටන් ගන්නවා .මේදවස් වල යුනි එන්ඩ් එකට පාඩම් කරනවා

    ela gud luck
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මේ පරීක්ෂණ කොච්චර හරිද කියන්න මම දන්නේ නැහැ , එත් ගහකින් ඵලයක් හට ගන්නේ ඒ ඵලය මැද තියන ඇට වෙන තැනකට ගෙනියල ඒ අට වලින් තවත් ඒ වගේ ගහක් ඇති කරන්න . ගහකට හිතන්න පුලුවන්නම් මේකට ගහ ගන්න උපක්‍රමය තමයි මදය සතෙකුට කන්න පුළුවන් විදිහට හදන එක , මම කියන්නේ නැහැ පන තියනවය කියල (සතෙකුගේ ජීවිතය හා සමානම) . එහෙම හැදෙන ඇටයකට වටේ මදයක් හැදිලා තියෙන්නේ ස්වාබවවිකවම ඒ මදය කෑමට දීල ඇටය වෙන තැනකට යැවීමේ උපක්‍රමයක් විදිහට , ගහ උබව කඩේ යවනවා ගහට ඕනි වැඩේ කරගන්න
    උබේ කමත් අරගෙන ගහෙ බලාපොරොත්තුවත් ඉටුකරන්න පුලුවන්නම් එක හානිකර බවෙන් අඩුම විදිහ ආහාරයක් හොයා ගන්න ,
    අනික එක පාරක් පරමාණුක ශක්තිය විදුරු බෝතලයක් ඇතුලේ ඇති කරන්න පුළුවන් හරි පොඩි වැඩකින් , මේක මිනිස් සංහතියේ බලශක්තිය ගැන දැනුමේ ලොකු පියවරක් කියල ක ලොකුවට ඇඩ් දාගෙන කාලයක් විද්‍යාත්මක පරීක්ෂණ සෙට් එකෙක් ලොකු ප්‍රචාරණයක් ගෙනිච්ච, ඒ බෝතලුත් විකුණුව .හැබැයි කාටවත් බෝතලේ ඇතුලේ පරමාණ ශක්තිය නිපදව ගන්න බැරි උන ... පරික්ෂනනම් ගොඩක් තියනවා බන් හැබැයි ඒවා ඇත්තටම එහෙමයි කියල තීරණය කරන්න හදිස්සි වෙන්න එපා
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔබ අහන්නේ දේවවාදී දහමක් අදහන වෙජිටේරියන් කෙනෙකු ගැන නම් ඒ මෙයට පිළිතුර නොවේ.
    ඒ දහමේ හැටියට ශාක සත්වයෙක් දැයි මම නොදනිමි.
    මා අදහන බුදු දහමට අනුව ශාක සත්වයෙක් නොවේ. ශාක අයිති වන්නේ අවිඥානික ජීවි කොටසටයි. සත්වයෙක් වීමට සම්පුර්ණ විය යුතු රූප වේදනා සඥා සංඛාර විඥ්ඥාන යන පහෙන් ශාක වලට තිබෙන්නේ රූප වේදනා සඥා යන තුන පමණි.