ශාමින්ද

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ශාමින්ද එරංග ලෙස අප අද දකින වේග පන්දු යවන්නා ඔබටත් මතක ඇති. ඔහු SLPL තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනාගත්තා. සුළු පිරිසක් පමණක් දන්නා ඔහුගේ ජීවන පුවත අපි මෙලෙස පවසන්නෙමු.

    Kosala-Kulasekara-called-up-as-Shaminda-Eranga-39s-replacement-Cricket-News-Update-qhd4jsv53caf5b40tyrkfmjo-.jpg


    ඔහු උපත ලැබුවේ හලාවත කියන ධීවර ගම්මානයේ. ඒ නිසා අගනුවර ලොකු ලොකු පාසල් වල ක්‍රීඩකයන්ට වගේ නෙවෙයි එරන්ගට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුනේ ඉතාම අඩුවෙන්. ඔහු පාසල් ගියේ හලාවත ශාන්ත මරියා විද්යාලයට. ඔහු එහි ක්‍රීඩා කරන කාලේ කොච්චර හොඳට සෙල්ලම් කරත් කොච්චර වේගෙන් පන්දු යැව්වත්, ඔහු ගැන අතලොස්සකට වඩා අය දැනගෙන හිටියේ නෑ. අපේ ගම් මට්ටමේ පාසල් වල දක්ෂතා යටපත් වෙන බවට මේක හොඳ සාක්ෂියක්.

    මේ අතරේ තමයි, 2006දී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා හොයන්න ජාතික වේග පන්දු තරඟාවලිය පැවැත්වුනේ. චම්පක රාමනායක විසින් ඔහුව ක්‍රීඩා සමාජයකට යොමු කරන්නේ ඔහුගේ පන්දු යැවීම හා වේගය දැකීමෙන් පසුවයි. ඔහු එම තරඟාවලියේ 6 වන ස්ථානය දිනාගත්තා. ඉන් අනතුරුව ඔහු හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට බැඳෙන්නේ තම ගම් පියසට කෙදිනක හෝ ගෞරවයක් අත් කරදීමේ බලාපොරොත්තුත් එක්කයි.

    “මට හලාවතට සෙල්ලම් කරන ආසාවක් ගොඩක් කාලෙක ඉඳන් තිබුනා. මෙහෙන් කව්රුවත් ලංකාව නියෝජනය කරන්න මීට කලින් ගිහින් නෑ.”

    ඔහුගේ ජීවිතයේ කටුකම කාලය එළඹෙන්නේ මින් අනතුරුව එළඹෙන වසර කිහිපයේදියි. ඔහුගේ පියා ඔහුට වයස 14 දී මියගොස් තිබුනා. මේ නිසා ඔහුත් මවත් ආර්ථිකව ඉතා දුර්වල මට්ටමක තමයි ඒ වෙනකොට පසු වුනේ. ඔහුට පුහුණු තරඟ සඳහා කොළඹ නගරයට පැය 7ක පමණ ගමනක දිනපතා යෙදීමට සිදු වුනා. කොළඹ නතරවී තරඟ වලට පැමිණීමට උවමනා උනත් බස් කුලිය පවා සොයාගැනීම සිහිනයක් වී තිබූ ඔහුට, එය තවත් සිතිවිල්ලකට පමණක් සීමා වුනා. රාත්‍රී 11ට පමණ නිවසට පැමිණි ඔහුට ඉන් පසුදා උදෑසන 4 ට පිටවී යාමට සිදු වුනා.

    “සමහර දවස් වල මට බස් එකේ එන්න සල්ලි තිබුණ නෑ. අපේ අම්ම විතරයි හම්බ කලේ. ඒ නිසා කෑම කන්නවත් සල්ලි තිබුණ නැති දවස් තිබුනා. එත් මැච් එකක් දෙකක් ගහනකොට මට සල්ලි කීයක් හරි ලැබෙයි කියලා හිතාගන මම දිගටම ආවා.”

    මේ විදියට අවුරුද 2ක් තිස්සේ පුහුණු උනාට පසුවයි ඔහුට ඔහුගේ පළමු පළමු පෙළ තරඟයට ක්‍රීඩා කිරීමට ලැබුනේ. නමුත් අද ඔහු ලොව බොහෝ දෙනා අගය කරන නවක පන්දු යවන්නෙක්. පන්දුව 140 kmphට වඩා වේගයෙන් යැවීමට පමණක් නොවෙයි, දෙපසටම ගුවනේ හා තනතිල්ල මත දෝලනය කිරීමටත් හැකි ඔහු කලාතුරකින් දක්නට ලැබෙන පන්දු යවන්නෙක්. චමින්ද වාස් ඉවත්වී යාම නිසා ඇති වූ හිඩැස පිරවිය හැකි මේ ක්‍රීඩකයා කවදා හෝ දිනක ඔහු මෙන්ම ලෝක පුජිත ක්‍රීඩකයෙකු වනු දැකීම අපගේ හද පතුලෙන්ම කරන ප්‍රාර්ථනයයි.

    ඔබත් අප සමග එකඟ නම් මෙය share කරන්න මොහොතක්වත් පසුබට වෙන්න එපා. ඒ වගේම මේ වගේ තව post දාන්න අපිව දිරිමත් කරන්න අපේ පිටුවට like එකක් දාලා.. http://www.facebook.com/pages/Cricket-Sri-Lanka/231257070301795?group_id=0

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    baluwama penawa..normal kollek kiyala..:)
    halawatha idala colombo enna 7 hours yanne na ne ban..:oo:
    TFS +
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්‍රිකට් ගැන ලොකුවට ගිරිය පුප්පන, ලොක්ක ගේ පුතාලත් ක්‍රීඩකයො වෙච්ච මේ රටේ මේ වගේ පොඩි තැනකින් ආව දක්ෂතා තියන එකෙක් ට අත දෙන්න කවුරුවත් නැති එකට නම් කියන්න තියෙන්නේ අනේ කාලේ වනේ වාසේ කියල තමා බං.........
    තියන සල්ලි බෙදා ගන්න ොකු තැන් වලට යන්න විතරයි මුන්ට පුළුවන්.........:angry::angry: