ශාලාවේ අභිරහස

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ============== ශාලාවේ අභිරහස . ==============

    බේකර් වීදිය දිගේ පැමිණි මම පාවහන් ඉවත් කර සෙමෙන් තරප්පු පෙළ නැග සීනුව නාද කළා..
    " වොට්සන් එන්න ඇතුලට, කිලෝ මීටර් 3ක් ඇවිදලා මහන්සියෙන් නේද ඇත්තේ.."
    "මම කියල නිවැරදිව කිව්වේ කොහොමද"......
    "පුදුම වෙන්න දෙයක් නෑ මිත්රයා.. ඔබ දන්නවනේ මගේ කන් ඇසීම කොයිතරම් තියුණුද කියල..
    තරප්පුව අසලට එනවා පමණක් ඇසුණු අඩි ශබ්දය එකවර නතර වෙලා, සීනුව වදිනවා..
    ඒ කියන්නේ අනිවාර්යෙන්ම එන කෙනා පාවහන් ගලවල තරප්පු පෙළ නගිනවා..
    එහෙම කරන්නේ කාටහරි සද්දේ ඇහෙන් නැතුව එන්න.. අනිවාර්යෙන්ම මෙතැනදී එහෙම කරන්නේ ඔබ හරි මම හරිනේ..
    මොකද අපි මාස හයකින්ම හඩ්සන් නෝනගේ කුලිය ගෙවල නෑනේ... අනික ඔබ ගිය පයින්ම ආපසු එනවා කියන්නේ,
    ඔබගේ රෝගියා ලොකු අසනීපයක් නැති කෙනෙක්. ඒ කියන්නේ ඔබට ලොකු ගාස්තුවක් නොලැබුන නිසා ඔබ අනිවාර්යෙන්ම ආවේ පයින්..
    " එවරත් හෝම්ස්ගේ නිගමනය නිවැරදියි.. හෝම්ස් අතේ තිබුන ලියුම් දෙකින් එකක් මා දෙසට දික් කළා.
    " ඔය ලියුම ලංකාවේ ජනාදිපතිගෙන්. ඔය ලියුමේ තියෙන සරල අත් අකුරු මාව පුදුමයට පත් කළා.."
    මා ලියුම කියවන්න ගත්තා.
    ලියුමේ ලිපි ශීර්ෂය උඩින්ම තිබ්බේ රාජකීය හිටන් මුද්රාව. ඔවුන්ගේ අවි ගබඩාව අභිරහස් විදිහට විනාශ වෙලා. "
    අපි කවද්ද හෝම්ස් ලංකාවට යන්නේ" "මම ලංකාවට නොයන්නැයි කල්පනාව" "ඒ කියන්නේ මෙහෙ ඉඳල අභිරහස විසඳනවා ද"
    "නෑ, ඕක භාර ගන්නේ නෑ, " මම පුදුමෙන් ඔහු දිහා බැලුවා.
    " වොට්සන් ඔබ දැනටමත් දන්නවා ඇති ඔවුන්ගේ ඇමතිවරු බුද්ධිමතුන් බව.
    වාහන ගන්න නියම සුදුස්සන් වගේම, අංශභාගයට හේතුවත් වාහනයක් බව ඔවුන් හොයා ගත්තා.
    අනික ඔවුන්ගේ ජෙනරාල් මේකේ අභිරහස විසඳලා තියෙන්නේ,,, එහෙනම් ඇයි අපිට කතා කරන්නේ"
    මට හිතාගන්න බෑ.. "වොට්සන්... ඊයේ ඩේලි ටෙලිග්රාෆ් එකේ ලිපියක් තිබ්බා, ස්කොට්ලන්ඩ්යාඩ් එකේ දුර්වලකම් සහ fcid එකේ දක්ෂකම් ගැන.
    අනික ඔවුන්ගේ විපක්ෂ මන්ත්රීවරයෙක් නිතරම අධිරාජ්ය වාදී කුමන්ත්රණ ගැන කියනවා..
    ඒ අනුව මම නිගමනයකට ආවා.. ඔවුන් ගේ අරමුණ fcid එකේ දක්ෂතාවය හරහා මගේ කීර්තිනාමය විනාශ කිරීම.. " අපි මේ අනිත් ලියුමේ පරීක්ෂණය බාරගමු..
    :lol::lol::lol::lol:

    උපුටා ගැනීමකි