ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් සමග පිරිවෙන් ශිෂ්‍යයන් ජංගම දුරකථන භාවිතයට තදින්ම ඇබ්බැහි වෙමින් හිටියා. ඒත් මේ වෙනකොට පිරිවෙන්වලට ජංගම දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කරල තියෙනවා. පන්සල්වල වැඩ සිටින පොඩි හාමුදුරුවන්ටත් ජංගම දුරකථන භාවිතය තහනම් කරල තියෙනවා. බොහෝ පිරිවෙන්වල එම නීතිය ක්‍රියාත්මකයි කියල මම විශ්වාස කරනවා.
ඒත් නව තාක්ෂණයට තරුණ්‍යය ආකර්ෂණය වීම නතර කරන්න බෑ. ඒක වියයුතු පරිවර්තනයක්. ලෝකය සමග ගනුදෙනු කරන්න ජාත්‍යන්තර භාෂාව ඉගෙනගන්න ඕනෑ. පරිගණක සාක්ෂරතාවයත් අත්‍යවශ්‍යයි. පරිගණකයෙන් ලිවීම, කියැවීම හරිම පහසුයි. ත්‍රිපිටකය පවා ජපානයේ ඩේටා බේස්ට් කරල තියෙනවා.
අපේ රටේ ඉගෙනගන්න භික්ෂුන් වහන්සේ ගණිතයට හරිම දුර්වලයි. විද්‍යාව විෂය උගන්වන්නෙ නෑ. සෞඛ්‍ය, සමාජ විද්‍යාව විෂයන් උගන්වන්නෙම නෑ.
නිර්මාණකරණයත් විෂය නිර්දේශයට විතරක් සීමා වෙලා. උන්වහන්සේ ඉගෙනගන්නෙ, ජීවත් වෙන්නෙ ඒකාකාරී රාමුවකට කොටු වෙලා. පොඩි හාමුදුරුවන්ගේ සහජ කුසලතාවන්, ආශාවන්වලට වටිනාකමක් ලබාගන්න, ඔප්නැංවීමට අවස්ථාවක් නෑ.
ගිහි සිසුන්ට එහෙම නෑ. තාක්ෂණය වගේම දක්ෂතාව තුළින් ඉදිරියට යෑමට විශාල අවකාශයන් තියෙනවා. පැවිදි සිසුන්ට ඒ දේවල් අහිමි කරලා. මහණ ජීවිතය එපා වෙන්න ඒකත් විශාල බලපෑමක් වෙලා තියෙනවා.
කුසලතා වර්ධනයෙන්, තාක්ෂණ දැනුමෙන් හාමුදුරුවෝ පෝෂණය වෙන්න පන්සල ආරක්ෂා වෙනවා. ආකාර්ෂණීය සිද්ධස්ථානයක් බවට පත් වෙනවා.
ඒ වගේම භික්ෂුන් වහන්සේලාට පමණක් ආරම්භ කරන අධ්‍යාපන ආයතන සාර්ථක වෙන්නෙ නෑ. විශේෂයෙන්ම භික්ෂු ජීවිතයේ වටිනාකම, සමාජයට, වියයුතු මෙහෙවර ගැන සාමණේර හාමුදුරුවන්ට හොඳින් අබෝධ කරන්න ඕනෑ. උගත්, බුද්ධිමත්, විනධර, ධර්මධර භික්ෂුන් වහන්සේනමක් ඉදිරියේ ඕනෑම නායකයෙක් දණ නවනවා. දේශපාලනඥයන් පස්සෙ යෑම නතර වෙනවා. ශාසනය සංවර්ධනය වෙනවා.
https://www.divaina.lk/provincial-news/66528