ශැනිඩාර් මානවයා

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    4B11B4D5-2185-4F9F-A794-56F0A89B7ABF.jpeg

    ශැනිඩාර්
    ========

    1957 වර්ශයේදි ඉරාකයේ ශැනිඩාර් ප්‍රදේශයෙන් සොයාගනු ලබනවා වසර 40000 කට වඩා පැරණි නියැන්ඩර්ටාල් හිස්කබලක් සහ අස්ථි කොටස්. තරුණ වයසේ සිටින මේ නියැන්ඩර්ටාල් මානවයාගේ හිස්කබලට වදින පහරක් හේතුවෙන් අඩපණව ඇතිබව භෞතික මානව විද්‍යාඥයන් සොයාගනු ලබනවා. ප්‍රහාරය හේතුවෙන් හිස්කබල බිඳී වම ඇස අන්ධව සිරුරේ වම් අර්ධය පාලනය කරනු ලබන මස්තිෂ්කයට දැඩි හානි සිදුවෙනවා. මේ හේතුවෙන් අංශභාග තත්වයට පත්ව තිබෙන නමුත් ⁣මේ තරුණ නියැන්ඩර්ටාල් මානවයා මෙම සිදුවීමෙන් පසු දිගු කලක් ජීවත්ව තිබෙන බව තහවුරු වෙනවා. ශැනිඩාර් 1 ලෙස නම් කරනු ලබන්නේ මේ මානවයාගෙ අස්ථී කොටස්. ශැනිඩාර්ගෙ සියලු අස්ථි බිඳීම් සහ තුවාල සුව අතට පත්වෙමින් තිබුනු බව අස්ථි කොටස් විශ්ලේෂණය කරනු ලබන විද්‍යාඥයන්ට පෙනී ගිය කරුණක්. ශැනිඩාර්ගෙ පාදයේ ආරාතචිපීටීය අස්ථි බිඳි ගොස් තිබෙන නමුත් ක්‍රමයෙන් ඒවා සුව අතට පත්ව තිබෙන බව දකින්නට ලැබෙනවා.

    කර්කශ දඩයම් ජීවිතයකට හුරුව සිටි නියැන්ඩර්ටාල් තරුණයෙක් අංශභාග තත්වයට පත්ව නැවත සුව වීමට නම් දැඩි ලෙස තම රැහේ රැකවරණය ලැබිය යුතුයි. ආහාර සොයා ගමන්කල නොහැකි රෝගියෙකුට උපස්ථාන කර රැකබලා ගැනීමට තරම් සංවේදි සමාජීය ක්‍රමයක් නියැන්ඩර්ටාලයන් සතුව තිබු බවට ශැනිඩාර් 1 ෆොසිල සාක්ශි දරනවා.

    මානව පරිණාමයේ එක් රුක් අන්තයක සිටින නියැන්ඩර්ටාලයන්ගෙ සහකම්පන හැකියාවන් ප්‍රකට කරනු ලබන ශැනිඩාර් අවශේෂ මානව පරිණාමයේ තවත් රුක් අන්තයක සිටින හොමෝ සේපියානුවන් වන අපට වැදගත් වන්නෙ කෙසේද ? වසර 40000 කට එපිට යනු සේපියානු මානව ශිෂ්ඨාචාර බිහිවීමට වසර 30000 කටත් එපිටින් වු යුගයක්. අපේ විශේෂයම නොවුනත්, අප දන්නා හඳුනන සංස්කෘතික, සමාජීය, ආගමික පරාමිතීන්ගෙන් ඔබ්බෙහි වු ජීවන ක්‍රමයක් දැරුවත් නියැන්ඩර්ටාලයන් සතුව පැවති සහකම්පන හැකියාවන් සේපියානු සමාජ ක්‍රමයහෙි කැඩපතක් බවට පත්වෙන්නේ සහකම්පන හැකියාවන් යනු සේපියානුවන්ට පමණක් විශිෂ්ට ලක්ෂනයක් නොවන බව පසක් කරමින්.

    ඉහත ඡායාරූපයයේ තිබෙන්නෙ ශැනිඩාර් 1 කපාලය උපයෝගි කරගනිමින් වෝහාරික ක්‍රමවේදයන් තුලින් නැවත ප්‍රතිනිර්මාණය කරන ලද ශැනිඩාර් 1 නියැන්ඩර්ටාල් මානවයා.

    #DOE
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේ සබ්ජෙක්ට් එකට ආස නිසා මම ගොඩක් මේ ගැන කියවලා තියනවා දැං ටයිප් කරන්න කම්මැලී
    ඔය දාල තියන හානි වලට අමතරව ඩයල් එකේ right forearm එකත් කැඩිලා ගිහින් තිබිලා තියෙන්නෙ.

    PBS Eons එකේ විස්තර ටිකක් තිබුනා

    SHANIDAR 1