ශිව ලිංගයත් උස්සලා
පොළොන්නරුව පූජා භූමියේ පිහිටි විශාලතම ශිව දේවාලය නිධන් සොරුන් විසින් විනාශ කර තිබේ.
අඩි 4ක් පමණ උසින් යුත් ශිව ලිංගය ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ශිව ලිංගය සිටුවා තිබූ ප්*රදේශය කැණීම් කර එහි තිබූ ඉපැරණි භාණ්ඩ ද රැගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර මීගලෑව , කැප්ඇල ප්*රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු *මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිගින් දිගටම සිදුවන නිධන් සොරකම් කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්*ය හමුවක දී එක්සත් ජාතික පක්ෂ මාධ්*ය ප්*රකාශක ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ නිධන් හෑරීම ස්වයං රැකියාවක් බවට පත්ව ඇති බවයි.