ශිෂ්‍යත්වය_අහෝසි කරන්න තීරණයක් ගෙන නෑ-අධ්
ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක මහතා පවසයි.
අද දෙරණ විසි හතර පැය නාලිකාවේ විකාශය වන “බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් අතිරේක ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය ඊයේ(25) පස්වරුවේ සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවයි.
ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව සමාජය තුළ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය ගෙන ඇති මෙම තීරණය පිළිබඳ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ශිෂ්‍යත්වයට විකල්පයක් අවශ්‍ය බවයි.
අද දෙරණ
ශිෂ්‍යත්වය අහෝසි කරන්න තීරණයක් ගෙන නෑ-අධ්‍යාපන අමාත්‍යාංශය කියයි