මෙහෙමයි හැම එකටමට සුත්‍රය උඩම යැපෙන්න හදන්න එපා.. ඒක ඤාණගෝචරද කියල බලන්නයි ඕන (බුදුපියාණන්වහනසේ දේශණා කල ධර්මයෙන් සාරාංශයක් තමයි අද ඔය සූත්‍ර වල තියෙන්නෙ)
අනික් කරුනු ගැන අපි පසුවට සාකච්චා කරමු. මට දැන් පෙනෙන විදියට තියෙන ලොකුම ගැටලුව ඉහත බෝල්ඩ් කර ඇති වාක්‍යය කන්ඩයි.
ධර්ම විනය වනාහී බුදු කෙනෙකු තුලින් පහල වන දෙයකි. උන්වහන්සේ සකලවිද මාර පරාජයන් සිදුකරමින් මතුකරගත් ධර්මයට අලගු තැබීමට හෝ දෙයක් වෙනත් කිසිදු පුද්ගලයෙක්, දෙවියෙක්, ඛ්රහ්මයෙක්ට හෝ දේශනා කල නොහැකිය. රහතුන් තුලින් වත් එබදු සුවිශේශ වූ දර්මයක් පහල නොවේ. ඔවුන්ද දේශනා කරන්නේ බුද්ධ භාශිතයමයි. එය එසේ නම් අප විසින් කෙසේ මෙම ධර්මය අපට ඕනෑ ඕනෑ හැටියට අර්ත ගන්වන්නේ කෙසේද? සූත්‍ර දේශනා වනාහි බුදු මුවින් ගිලිහුන වදන්ය. බුදුන්වහන්සේ යම් රාත්‍රියක නිර්වානාවබෝදය කරන්නේද යම් රාත්‍රියක අනුපාදිශේශ පරිනිර්වාන ධාතුවෙන් පිරිනිවන් පාන්නේද එතෙක් කල් උන්වහන්සේ දේශනා කරන සියලුම දෑ කෙලින්ම උපකාර වන්නේ නිවනටයි. එය එසේ නම් අප සූත්‍ර දේශනා මත යැපෙන්නේ නැතිව වෙන කුමක් මත යැපෙන්නද? බාහිර ලෝකයේ පුද්ගලයින් විවිධ නිශ්පල දෑ සරන යයි. අප බුදුන දහම් හා සගුන් සරන යමු. මෙහි ඇති ධර්මය නම් සූත්‍ර වල සඳහන් කරුනු කාරනා වේ. එසේ නොමැතිව තමා තුලින් පහල වන පෞද්ගලික මතවාද නොවේ. එසේ නිවැරදි වූ ධර්මයක් මතම යැපෙන්නට එපා යැයි ඔබගේ කීම කෙලින්ම ඔබගේම පෙර ප්‍රකාශ සමග ඝට්ටනය වන බව පාටකයාට පෙනී යනු ඇත. සූත්‍රයක් ඤාණගෝචරද යැයි සිතා බැලීමට ක්‍රමයක් මටනම් නොපෙනේ. එහි ඇති හාස්‍යජනක ස්වභාවය ඔබටම නොපෙනුනේද?
ඉහත ඔබගේ ප්‍රකාශය සාදාරනී කරනය කිරීමට ඔබ හේතුව වශයෙන් යොදාගෙන ඇත්තෙ සුත්‍ර යනු ධර්ම දේශනා වල සාරාංශයක් බවයි. එසේ ඔප්පු කිරීමට ඇති සාක්ශියක් මටනම් මෙතෙක් හමු වී නැත. සූත්‍ර දේසනා බොහොමයක් ආරම්බ වන්නෙ "ඒවං මේ සුතං..." යන පාටයෙනි. එහි තේරුම මා විසින් මෙසේ අසන ලදි යන්නයි. එනම් අපට පැහැදිලිවම පෙනෙන පරිදි සාරාංශ කිරීමක් කොහේවත් සදහන් නොවේ.අනෙක් කරුන නම් මුල් සංගායනාවේදී මෙම ධර්ම කරුනු සාකච්චාවට ගැනුනේ රහත් තෙර වරුන් විසිනි. ඔවුන් අතින් ධර්ම විනය සාරාංශ නොකෙරෙන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ. පසුව පැවති සංගායනා වලදීත් සිදු කෙරුනේ මුල් ධර්ම කරුන ඉස්මතු කිරීම මිස සාරාංශ කිරීමක් නොවේ. වර්තමානයේ පවතින තේරවාද ත්‍රිපිටක දේශනා සියල්ලක්ම බුදුමුවින්ම ගිලිහුන වදන් ලෙස පිලිගැනීමට නොහැකි නම් කෙනෙකු හා සද්දානුසාරී, දම්මානුසාරී ආදි මාර්ග ගැන කතා කිරීම නිශ්පල දෙයකි...
ඔබ ඉහත වදන් පෙලින් අදහස් කල දෙය මටනම් නොතේරේ...
Last edited: