ශීලය ගැන කතා කරමු.

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මෙහෙමයි හැම එකටමට සුත්‍රය උඩම යැපෙන්න හදන්න එපා.. ඒක ඤාණගෝචරද කියල බලන්නයි ඕන (බුදුපියාණන්වහනසේ දේශණා කල ධර්මයෙන් සාරාංශයක් තමයි අද ඔය සූත්‍ර වල තියෙන්නෙ)

අනික් කරුනු ගැන අපි පසුවට සාකච්චා කරමු. මට දැන් පෙනෙන විදියට තියෙන ලොකුම ගැටලුව ඉහත බෝල්ඩ් කර ඇති වාක්යය කන්ඩයි.

ධර්ම විනය වනාහී බුදු කෙනෙකු තුලින් පහල වන දෙයකි. උන්වහන්සේ සකලවිද මාර පරාජයන් සිදුකරමින් මතුකරගත් ධර්මයට අලගු තැබීමට හෝ දෙයක් වෙනත් කිසිදු පුද්ගලයෙක්, දෙවියෙක්, ඛ්‍රහ්මයෙක්ට හෝ දේශනා කල නොහැකිය. රහතුන් තුලින් වත් එබදු සුවිශේශ වූ දර්මයක් පහල නොවේ. ඔවුන්ද දේශනා කරන්නේ බුද්ධ භාශිතයමයි. එය එසේ නම් අප විසින් කෙසේ මෙම ධර්මය අපට ඕනෑ ඕනෑ හැටියට අර්ත ගන්වන්නේ කෙසේද? සූත්‍ර දේශනා වනාහි බුදු මුවින් ගිලිහුන වදන්ය. බුදුන්වහන්සේ යම් රාත්‍රියක නිර්වානාවබෝදය කරන්නේද යම් රාත්‍රියක අනුපාදිශේශ පරිනිර්වාන ධාතුවෙන් පිරිනිවන් පාන්නේද එතෙක් කල් උන්වහන්සේ දේශනා කරන සියලුම දෑ කෙලින්ම උපකාර වන්නේ නිවනටයි. එය එසේ නම් අප සූත්‍ර දේශනා මත යැපෙන්නේ නැතිව වෙන කුමක් මත යැපෙන්නද? බාහිර ලෝකයේ පුද්ගලයින් විවිධ නිශ්පල දෑ සරන යයි. අප බුදුන දහම් හා සගුන් සරන යමු. මෙහි ඇති ධර්මය නම් සූත්‍ර වල සඳහන් කරුනු කාරනා වේ. එසේ නොමැතිව තමා තුලින් පහල වන පෞද්ගලික මතවාද නොවේ. එසේ නිවැරදි වූ ධර්මයක් මතම යැපෙන්නට එපා යැයි ඔබගේ කීම කෙලින්ම ඔබගේම පෙර ප්‍රකාශ සමග ඝට්ටනය වන බව පාටකයාට පෙනී යනු ඇත. සූත්‍රයක් ඤාණගෝචරද යැයි සිතා බැලීමට ක්‍රමයක් මටනම් නොපෙනේ. එහි ඇති හාස්යජනක ස්වභාවය ඔබටම නොපෙනුනේද?

ඉහත ඔබගේ ප්‍රකාශය සාදාරනී කරනය කිරීමට ඔබ හේතුව වශයෙන් යොදාගෙන ඇත්තෙ සුත්‍ර යනු ධර්ම දේශනා වල සාරාංශයක් බවයි. එසේ ඔප්පු කිරීමට ඇති සාක්ශියක් මටනම් මෙතෙක් හමු වී නැත. සූත්‍ර දේසනා බොහොමයක් ආරම්බ වන්නෙ "ඒවං මේ සුතං..." යන පාටයෙනි. එහි තේරුම මා විසින් මෙසේ අසන ලදි යන්නයි. එනම් අපට පැහැදිලිවම පෙනෙන පරිදි සාරාංශ කිරීමක් කොහේවත් සදහන් නොවේ.අනෙක් කරුන නම් මුල් සංගායනාවේදී මෙම ධර්ම කරුනු සාකච්චාවට ගැනුනේ රහත් තෙර වරුන් විසිනි. ඔවුන් අතින් ධර්ම විනය සාරාංශ නොකෙරෙන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වේ. පසුව පැවති සංගායනා වලදීත් සිදු කෙරුනේ මුල් ධර්ම කරුන ඉස්මතු කිරීම මිස සාරාංශ කිරීමක් නොවේ. වර්තමානයේ පවතින තේරවාද ත්‍රිපිටක දේශනා සියල්ලක්ම බුදුමුවින්ම ගිලිහුන වදන් ලෙස පිලිගැනීමට නොහැකි නම් කෙනෙකු හා සද්දානුසාරී, දම්මානුසාරී ආදි මාර්ග ගැන කතා කිරීම නිශ්පල දෙයකි...

ඔබ ඉහත වදන් පෙලින් අදහස් කල දෙය මටනම් නොතේරේ...
 
Last edited:

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa

මට සමාවෙන්න වැරදි අර්තයක් ඒකෙන් ආවානම්... මේකයි මම අදහස් කලේ.. දෙයක් කෙනෙකුට විස්තර කරන්න ගියාම.. අහන කෙනා කෙලින්ම අහන්නෙ ඕක කොහෙද තිබ්බෙ මොන සූත්‍රයේද තිබ්බෙ කියළා අහනවා .. එහෙම කියන්න බැරිවුණොත් ඒක ප්‍රතික්‍ෂේප කරනවා...

මම කිව්වේ .. මුලින් තමන්ගේ හිතට අරං බලන්න (සුත්‍රයේ තිබ්බ පමනින් ගන්නත් එපා.. එක පාර අයින් කරන්නත් එපා) ඒ කියපු දේ ප්‍රායෝගිකද.. ඤාණගෝචරද කියලා.. ඒකයි මම අදහස් කලේ..

බුදුපියණාන් වහන්සේ දේශණාකරලා තියෙන්වා.. මම කිව්ව කියලත් මගෙන් අහගත්‍තා කියලා කිව්වත් ඒක එක පාරටම පිළිගන්න එපා.. තමුන්ම හිතලා බලන්න කියලා.

සාරාංශයක් කියළා කිව්වේ මේකයි.. බුද්ධ දේශණයේ තියෙන්වා.. චතුරාර්‍ය සත්‍ය විස්තර කිරිමට වචන අප්‍රමාණයි.. පද අප්‍රමාණයි.. බෙදීම් අප්‍රමාණයි.. කියලා... ඉතින් අප්‍රමාණයක් කොහොමද එක පොතක ලියලා තියන්නෙ ?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
යාළුවා.. මම අර කිව්ව "අනෙක් අයටත් අවැඩක් වෙනවද" කියන හරිය දැක්කෙ නැතුව ඇති ?

තම තමාගෙ අවබෝධයේ හැටියට තමයි තමන්ට වුවත් අනුන්ට වුවත් වෙන්නෙ වැඩක්ද අවැඩක්ද කියල කල්පනා කරන්නෙ. එදිනෙදා ජීවිතයෙදි මිනිස්සු කටයුතු කරන හැටි දැක්කම ඒක පැහැදිලියි.

කොහොම වුණත් මේ හූය පටන් ගැනීමේ අරමුණ කා සමගවත් වාද කිරීම නොවෙයි. කය හා වචනය සංවර කර ගැනීම උදෙසා බුදු හිමියන් විසින් අනුගමනය කිරීම සුදුසුයයි අනුමත කළ වදාළ ශීලය පිළිබඳ කරුණු දැක්වීමක්. මා මේ සටහන් කර ඇති කරුණු රේරුකානේ චන්දවිමල, පාතේගම සුමනරතන යන හිමිවරුන්ගේ මෙන්ම බුදුසරණ පත්‍රයේ ලිපි වලින්ද දක්වා ඇති ඒවා. ඔබ විසින් දක්වා ඇති දේවල් මා කියවා නැත. එමෙන්ම අනුගමනය කිරීමෙන් යහපතක් ලබා ගත හැකි දේ, අනුගමනය කළ නොහැකියයි කියමින් ඉදිරිපත් කරන තර්කවලට වඩා මට අගනේය. මාර්ගයේ ඇරඹුමේ සිටින අයකුට කළ හැකි සහ කළ යුතු දේ, මාර්ගය අවසන් කළ කෙනෙකුට ඇති දෙයට වඩා මට වැදගත්ය. මන්ද, මා තවම සිටින්නේ ඇරඹුමේ බැවිනි.

ඔබේ සහභාගීත්වයට බොහොම පින්. මින් ඉදිරියට ඔබ සමග කරුණු අරභයා වාද කිරීමට වුවමනාවක් මට නැත. අප දෙදෙනා ධර්මය ඉගෙන ගන්නේ සහ පිළිපදින්නේ දෙආකාරයකට නිසා අප කැමති මාර්ගවල අපි යමු.
තෙරුවන් සරණයි.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0

එසේ වුවත් අප නිතර සමාදන්වන ගිවිසගන්නා පන්සිල් හෝ දසසිල් අඩු තක්සේරු නොකල යුතුමයි.පුහුදුන් සිතක් දිනකට හෝ දමනය කරන්නට වෑයම් කිරීමම මතු දිනක අර සුපිරිසිදු සිත (සීලය)කරා යන ගමනේ ආරම්භය විය හැකි නිසා.පින් මෝරා ඇත්නම්(නිවන අභිමුව සිටීනම්)ඒ උත්සාහයම(ඒ කියන්නෙ වෘතයක් විදිහට රකින්නට ගිවිසගන්නා සීලයම) නිවන් දොර හරින මාවත විය හැකියි.

ස්තුතියි ෂම්මි,
මගේ වෑයම ධර්ම මාර්ගයේ ගමන පටන් ගන්න කෙනෙකුට කය වචනය සංවර කර ගැනීමට අනුමත කර ඇති ශීලය පිළිබඳ සාකච්ඡා කිරීම. පොදුවේ ශීලය ගැන කතා කරල, බෙදා ඇති ආකාරය විස්තර කරල, පහළම තැන වන පංචශීලයෙන් පටන් ගත්තෙ ඒ නිසා. ඒක පංචශීලයද නැද්ද, ශීලයක්ද වතක්ද, වගේ දේවල් අනවශ්‍ය කතා විදිහට මා දකින්නෙ ඒ නිසයි.

ඕක කරන්න පුලුවන් රහතන් වහන්සේලාට විතරයි කියල මාර්ගය අරඹන කෙනාට අකුළ් හෙලීමට මම විරුද්ධයි. අපට පුලුවන් තැනින් අපි පටන් ගන්න ඕනෙ. සිල් රකිනකොට මුලින් කැඩෙන්නෙ නැතුව, අගින් කැඩෙන්නෙ නැතුව.... ඔය ආදී වශයෙන් පවා විස්තර කරලා තියෙන්නෙ මේ විදිහට අපි රකින්න පටන් ගන්න ශීලය ගැනනෙ. නැතුව රහතන් වහන්සෙගෙ එක ගැන නෙවෙයිනෙ. අප එදිනෙදා සමාදන් වෙන එකට පංච ශීලය හැර වෙන නමක් යෙදෙනවනම් මාව දැනුවත් කරන්න.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
තම තමාගෙ අවබෝධයේ හැටියට තමයි තමන්ට වුවත් අනුන්ට වුවත් වෙන්නෙ වැඩක්ද අවැඩක්ද කියල කල්පනා කරන්නෙ. එදිනෙදා ජීවිතයෙදි මිනිස්සු කටයුතු කරන හැටි දැක්කම ඒක පැහැදිලියි.

කොහොම වුණත් මේ හූය පටන් ගැනීමේ අරමුණ කා සමගවත් වාද කිරීම නොවෙයි. කය හා වචනය සංවර කර ගැනීම උදෙසා බුදු හිමියන් විසින් අනුගමනය කිරීම සුදුසුයයි අනුමත කළ වදාළ ශීලය පිළිබඳ කරුණු දැක්වීමක්. මා මේ සටහන් කර ඇති කරුණු රේරුකානේ චන්දවිමල, පාතේගම සුමනරතන යන හිමිවරුන්ගේ මෙන්ම බුදුසරණ පත්‍රයේ ලිපි වලින්ද දක්වා ඇති ඒවා. ඔබ විසින් දක්වා ඇති දේවල් මා කියවා නැත. එමෙන්ම අනුගමනය කිරීමෙන් යහපතක් ලබා ගත හැකි දේ, අනුගමනය කළ නොහැකියයි කියමින් ඉදිරිපත් කරන තර්කවලට වඩා මට අගනේය. මාර්ගයේ ඇරඹුමේ සිටින අයකුට කළ හැකි සහ කළ යුතු දේ, මාර්ගය අවසන් කළ කෙනෙකුට ඇති දෙයට වඩා මට වැදගත්ය. මන්ද, මා තවම සිටින්නේ ඇරඹුමේ බැවිනි.

ඔබේ සහභාගීත්වයට බොහොම පින්. මින් ඉදිරියට ඔබ සමග කරුණු අරභයා වාද කිරීමට වුවමනාවක් මට නැත. අප දෙදෙනා ධර්මය ඉගෙන ගන්නේ සහ පිළිපදින්නේ දෙආකාරයකට නිසා අප කැමති මාර්ගවල අපි යමු.
තෙරුවන් සරණයි.

හ්ම්.. වාදයකට ආවා නෙමෙ.. මම හිතන්නෙ ඕකට මහා ලොකු අවබෝධයක් ඕනෙ නැහැ තමන්ටයි අනුන්ටයි අවැඩක් වෙනවද කියලා දැනගන්න.. සිල්වතක් (පොහෝ දිනයන් ආදි සමාදන් වෙන ) රැකීමෙන් කිසිම අයහපතක් වෙන්නෙ නැහැ .. අයේ ඒකෙ වාද කරන්නවත් දෙයක් නැහැ.. නිවනට උපනිශ්‍රයක්...

මෙතනයි අපිට තියෙන ප්‍රශ්නය .. කොහේ හරි "කියවලා" තියෙන්න ඕන අපි පිලිගන්න.. ඒක අපේ නුවණට ගෝචරද නැද්ද කියන එක නෙමෙ..

මොන මාර්ගයේ ගියත් අපි දෙදෙනාගෙම අවසානය එකමයි ඒ නිවනයි..

෴ තෙරුවන් සරණයි ෴
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ස්තුතියි ෂම්මි,
මගේ වෑයම ධර්ම මාර්ගයේ ගමන පටන් ගන්න කෙනෙකුට කය වචනය සංවර කර ගැනීමට අනුමත කර ඇති ශීලය පිළිබඳ සාකච්ඡා කිරීම. පොදුවේ ශීලය ගැන කතා කරල, බෙදා ඇති ආකාරය විස්තර කරල, පහළම තැන වන පංචශීලයෙන් පටන් ගත්තෙ ඒ නිසා. ඒක පංචශීලයද නැද්ද, ශීලයක්ද වතක්ද, වගේ දේවල් අනවශ්‍ය කතා විදිහට මා දකින්නෙ ඒ නිසයි.

ඕක කරන්න පුලුවන් රහතන් වහන්සේලාට විතරයි කියල මාර්ගය අරඹන කෙනාට අකුළ් හෙලීමට මම විරුද්ධයි. අපට පුලුවන් තැනින් අපි පටන් ගන්න ඕනෙ. සිල් රකිනකොට මුලින් කැඩෙන්නෙ නැතුව, අගින් කැඩෙන්නෙ නැතුව.... ඔය ආදී වශයෙන් පවා විස්තර කරලා තියෙන්නෙ මේ විදිහට අපි රකින්න පටන් ගන්න ශීලය ගැනනෙ. නැතුව රහතන් වහන්සෙගෙ එක ගැන නෙවෙයිනෙ. අප එදිනෙදා සමාදන් වෙන එකට පංච ශීලය හැර වෙන නමක් යෙදෙනවනම් මාව දැනුවත් කරන්න.

සමාවෙන්න වාදයකට එනවා නෙමෙයි.. අද ඔය පංච ශික්ෂාවයි ඔය සීලය හැටියට වරදවාගෙන තියෙන්නෙ.. ඔය ශික්‍ෂා පද පහ රකිනවා කියලා කැඩුණොත් නිවන් මග වැහෙනවා .. ඒකයි මම ඔබට අවබෝධ කරන්න උත්සහා කරන්නේ .. (මම දන්නව ඔබෙත් මගෙත් එකම අරමුණ නිවන වග)

ඔබට පුළුවන් පංච දුෂ්චරිතයෙන් වෙන් වෙන්න..

මම සතුන් මැරීමෙන් වැලකී සිටිමි
මම සොරකම් කිරීමෙන් වැලකී සිටිමි
මම දුසිරිතෙන් දුරු වෙමි
මම බොරු බසින් මත් පැනෙන් වැලකී සිටිමි..

අංගුත්තර නිකායේ අෂ්ඨාංග උපෝසථ සූත්‍රය.. නවාංග උපෝසථ සූත්‍රය, අරිය උපෝසථ සූත්‍රය, විසාක උපෝසථ සූත්‍රය මේ ශික්‍ෂා ගැන දැනගන්න පුළුවන්.