ශූන්‍යතාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    37,782
    75,634
    113
    මේ කියල තියෙන එක ඇත්තටම මටත් ලොකුවටම තේරුන් නෑ ඒත් කෙනෙක්ට වැදගත් වෙයි කියල දාන්නෙ.

    ශූන්‍යතාව සහ මගේ ආතල් හීනය

    ඉතිං, අවිසංවාදය ගැන ජොනතන් ස්ටෝල්ට් ලියපු මතයකට විරුද්ධව මං මේ කරුණු ගොනු කරමින් ඉන්න ගමන් මූණු පොතේ ශූන්‍යතාව දැකල පොඩ්ඩක් පුටුව උඩම ඇල වුණා. මං දන්නේම නැතිව නින්ද ගිහිං. හීනෙන් මට නාගාර්ජුන හාමුදුරුවන්ව මුණ ගැහුණා. ඉතිං අපි දෙන්නා පොඩි කයියක් දැම්මා.

    මං - හාමුදුරුවනේ ශූන්‍යතාව කියන්නේ මුකුත් නැහැ කියන, නිෂේධයද එහෙම නැත්තං හිස් බවද?
    නා - එහෙම ගත්තොත් ඒක අභාවය වෙනවා නේ. මං එහෙම එකක් කොහෙවත් කියල නැහැ. කවුරු හරි එහෙම හිතනවා නං ඒක උච්ඡේදවාදයක්.
    මං - එතකොට ශූන්‍යතාව කියන්නේ මොකක් හරි තියෙන දෙයක්ද?
    නා - මොකක් හරි තියෙනවා නං ඒක ශූන්‍ය වෙන්නේ කොහොමද දරුවෝ..
    මං - එතකොට ශූන්‍යතාව කියන්නේ එක්තරා දෘෂ්ටි කෝණයකින් බලද්දි තියෙනවා තව දෘෂ්ටි කෝණයකින් බලද්දි නැහැ වගේ පේන දෙයක්ද?
    නා - ඒක හරියට, පුතේ, කණ්ණාඩි දාගෙන බැලුවා ම තියෙනවා වගේ පේනවා කණ්ණාඩි ගලවල බැලුවාම නැහැ'යි වගේ පේනවා කියන්නා වගේ කතාවක් නේ. උඹට ඕන්නං කණ්ණාඩි දාගෙන බලහං. එහෙම බලන කොට තියෙනවා කියල හිතෙනවා නං උඹ ශාස්වත දෘෂ්ටියේ ඉන්නේ. කණ්ණාඩි ගලවලා බලද්දි නැහැ කියල පේනවා නම් උච්ඡේද දෘෂ්ටියක ඉන්නේ. හැබැයි උඹට දෙකම එක පාර කරන්න බැහැ. ඉතිං ඒ නිසා මං ඔය වගේ විකාර දෙයක් ශූන්‍ය හැටියට හඳුන්වන්නේ නැහැ.
    මං - එතකොට ඔබ වහන්සේ කියන්නේ ශූන්‍යයි කියන දේ මෙන්න මේකයි කියල අපට හරියට කියා ගන්න බැරි, වචනවලට පෙරළගන්න බැරි දෙයක් කියලද?
    නා - ඈ කොලුවෝ, උඹට අමු කැවිලද? මං පොත්ම ලියල තියෙනවා 20ක් විතර මේ ශූන්‍යතාව පැහැදිලි කරන්න. උඹ කියන විදිහට ඕක මේ භාෂාවෙන් පැහැදිලි කර ගන්න බැරි දෙයක් නම් මං මේ පොත් ලිව්වේ වෙන ග්‍රහලෝකයකින් ගෙන සංඥා භාවිත කරලද? මං කියන ශූන්‍යතාව ඒ විදිහෙ එකකුත් නෙවේ.
    (දැන් මට ඇඟේ මාලු ගඟේ නටනවා. කටට හොඳ කුණුහබ්බයකුත් කියන්න එනවා. ඒත් ඉතිං මේ තරම් වැදගත්, ශීලවන්ත ගුණවන්ත භික්ෂුවක් ඉදිරියේ ටිකක් මනුස්ස පාටට හැසිරෙන්න එපෑයැ. ඉතිං මං දත්මිටි කාගෙන මගේ හැඟීම් පාලනය කරගෙන මෙහෙම ඇහුවා...)
    මං - අනේ හාමුදුරුවනේ, මට ඔබ වහන්සේ කියන දේ තේරෙන්නේ නැහැ. කරුණාකරල මට පැහැදිලි කරන්න මොකද්ද මේ ශූන්‍යතාව කියන්නේ කියල.
    නා - ඇයි කොලුවෝ, මං දැන් මෙච්චර වෙලාවක් උඹට ඒක නේද පැහැදිලි කළේ. තවත් මොනවා පැහැදිලි කරන්නද?
    (මේ පිළිතුරත් සමග මට ඇති වූ ආවේගයට දත් මිටි කා දිව හැපී, මං නින්දෙන් අවදි වුණා)
    අනේ ඉතිං මේවා මට පේන දවල්හීන. ලංකාවේ කවුරුවත් මේවා ගැන එච්චර හිතන්න ඕනේ නැහැ.

    From - බර්ට්‍රම් ජී. ලියනගේ
     

    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    අවිසංවාදය
    මෙහෙම වචනයක් සිංහල භාෂාවෙ තියෙනවා ද? :rolleyes:
    නාගාර්ජුන හාමුදුරුවන්ව
    නාගර්ජුන බෞද්ධ භික්ෂුවක් නෙවෙයි

    අනේ ඉතිං මේවා මට පේන දවල්හීන. ලංකාවේ කවුරුවත් මේවා ගැන එච්චර හිතන්න ඕනේ නැහැ.
    මෙන්න මෙහෙම නාගර්ජුන කියලා තියෙනවා (ලු)

    "නිවන ශුන්‍යයි.. සසරද ශුන්‍යයි.. එම නිසා නිවන සසරට සමානයි.. සසර නිවනට සමානයි.." 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,271
    27,612
    113
    කෑගල්ල
    එක්කෝ එහෙම එකක් නැ.
    නැත්තන් අර @pitiye.appu වගේ උඩ කියල තියෙන්නේ, මම ත්‍රෙඩ් වල කොච්ච්ච්ර කියල තියනවද වගේ කියන කෙනෙක් නා. කියන්නේ :lol: හැබැයි කියපු තැනක් වත් කියපු දෙයක් වත් කොහෙවත් නැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,028
    1
    44,117
    113
    Schro%CC%88dinger-Cat-States-.jpg
     
    • Love
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    37,782
    75,634
    113
    මෙහෙම වචනයක් සිංහල භාෂාවෙ තියෙනවා ද? :rolleyes:
    තියෙන්නේ ඕනිම නෑනේ සන්ධි ගලපලා හදන්න පුළුවං නේ.



    නාගර්ජුන බෞද්ධ භික්ෂුවක් නෙවෙයි
    ඇයි නෙවෙයි කියන්නේ
     
    • Like
    Reactions: ChamodhK

    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    තියෙන්නේ ඕනිම නෑනේ සන්ධි ගලපලා හදන්න පුළුවං නේ.




    ඇයි නෙවෙයි කියන්නේ
    මන් පොතක කියෙව්වා නාගර්ජුන කියන්නෙ හින්දු සම්භවයක් තියෙන කෙනෙක්..එයා බුද්ධාගමේ ශුන්‍යතාව කියන සංකල්පය හොරකම් කරගෙන තමන්ගේ දහමක් විදිහට හදුන්වා දුන්නා කියලා.. වෙලාවක් ලැබුනොත් මන් ඒ පොතේ පිටුවල ss ටිකක් දාන්නම්..
     
    • Like
    Reactions: sarika406

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    37,782
    75,634
    113
    මෙන්න මෙහෙම නාගර්ජුන කියලා තියෙනවා (ලු)

    "නිවන ශුන්‍යයි.. සසරද ශුන්‍යයි.. එම නිසා නිවන සසරට සමානයි.. සසර නිවනට සමානයි.." 🤭
    නිවන නිරපේක්ෂ උනාට නිවන් දැකපු නැති අයට එක තමා තමාගේ අවබෝධයට සහ දැනුමට සාපේක්ෂයි නේ.

    අනික බින්දුවෙන් බෙදුවම 1=2 කියලත් උත්තර ගන්න පුළුවන් නෙ
     

    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    නිවන නිරපේක්ෂ උනාට නිවන් දැකපු නැති අයට එක තමා තමාගේ අවබෝධයට සහ දැනුමට සාපේක්ෂයි නේ.

    අනික බින්දුවෙන් බෙදුවම 1=2 කියලත් උත්තර ගන්න පුළුවන් නෙ
    මන් කියන්න උත්සහ කරේ සසරෙ ශුන්යතවයයි නිවනේ ශුන්යතවයයි කියන්නෙ දෙකක් නේ.. ඒ දෙක ඔය විදිහට සමාන කරන එක බින්දුවෙන් බෙදල 1 = 2 කියලා ගන්නවා වගේම වැරදි වැඩක් කියන එක..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    37,782
    75,634
    113
    මන් පොතක කියෙව්වා නාගර්ජුන කියන්නෙ හින්දු සම්භවයක් තියෙන කෙනෙක්..එයා බුද්ධාගමේ ශුන්‍යතාව කියන සංකල්පය හොරකම් කරගෙන තමන්ගේ දහමක් විදිහට හදුන්වා දුන්නා කියලා.. වෙලාවක් ලැබුනොත් මන් ඒ පොතේ පිටුවල ss ටිකක් දාන්නම්..
    උන්වහන්සේ මහායාන බෞද්ධ භික්ෂුවක් විදියට තමා සලකන්නේ.

    මන් කියන්න උත්සහ කරේ සසරෙ ශුන්යතවයයි නිවනේ ශුන්යතවයයි කියන්නෙ දෙකක් නේ.. ඒ දෙක ඔය විදිහට සමාන කරන එක බින්දුවෙන් බෙදල 1 = 2 කියලා ගන්නවා වගේම වැරදි වැඩක් කියන එක..
    එකඟයි
    ------ Post added on Apr 8, 2023 at 12:02 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    37,782
    75,634
    113
    මන් කියන්න උත්සහ කරේ සසරෙ ශුන්යතවයයි නිවනේ ශුන්යතවයයි කියන්නෙ දෙකක් නේ.. ඒ දෙක ඔය විදිහට සමාන කරන එක බින්දුවෙන් බෙදල 1 = 2 කියලා ගන්නවා වගේම වැරදි වැඩක් කියන එක..
    ht tps://m.facebook.com/story.php?story_fbid=pfbid0UNHEh9FfbPGmepWtRRChZZEVcabcbmr9AP1W5zBLvm9UY8CpRrj6ho1DnjW43eFkl&id=100002239164343&mibextid=Nif5oz

    මේක කමෙන්ට් ඒකක තියෙනවා ඔය ප්‍ර ශෙන්ට උත්තරයක්
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    631
    93
    මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තියෙනවා. මේ ගැන.

    කියවල තියෙනවද.
    ......

    ශූන්‍ය යන සංකල්පය කවුරුන් විසින් සොයා ගත්තේ ද යන වග සම්බන්ධයෙන් ආචාර්ය Nalin de Silva මේ දිනවල විවිධ ලිපි පළ කරනු දුටුවා. එම ලිපිවල අවධානය යොමු වී ඇත්තේ ශූන්‍ය පිළිබඳ ඓතිහාසික වර්ධනය පිළිබඳ කතා කිරීමයි. එහෙත් ශූන්‍ය යන්න ශූන්‍ය වන්නේ ඇයි ද යන්න කීමට ඔහුට හැකි වී නැත. අප ශූන්‍යතා සංකල්පය පිළිබඳ කතා කිරීමේ දී වැදගත් වන්නේ ශූන්‍යතාව පිළිබඳ කතා කිරීම (about Sunyata) නොව, ශූන්‍යතාව ම කතා (of Sunyata) කිරීම බව මගේ අදහසයි. අප මේ පිළිබඳ 2016 වසරේ සිට මෙම වෝලයේ ම ලිපි පළ කර තිබෙන අතර අවශ්‍ය නම් ඒවා මගේ වෝලයෙන් ලබා ගත හැකියි.

    ශූන්‍යතාවේ ස්වභාවය පිළිබඳ බුදුන් වහන්සේ තරම් අන් කිසිවෙකු පැහැදිලි කර නැහැ., මුළු පටිච්චසමුත්පාදය ම මේ පිළිබඳ අපූරු පැහැදිලි කිරීමක්. එහි අර්ථය "සාරයක් නොමැතිව වීමයි" (becoming without substance). එනම් ස්ථිර ආත්මයක් හෝ දෙවියෙකු හෝ පරමයක් (thing-in-itself) නොමැතිව, හුදු ශූන්‍යතාව නිසාම දේවල් පැවතීමයි. ශූන්‍ය නැතිනම් දේවල්වලට (things) පවතින්න බැහැ. ඉන්න මම පැහැදිලි කරන්නම්.

    යමක් ශූන්‍ය වන්නේ කෙසේ ද? ලෝකය පවතින්නේ අන්ත දෙකක් ඇසුරු කරගෙනයි. කච්චානගොත්ත සූත්‍රයේ දී බුදුන් වහන්සේ එය පැහැදිලි ව දක්වා ඇත. එම අන්ත දෙක නම් ඇත හා නැත යන අන්ත දෙකයි. අවශ්‍ය නම් කෙනෙකුට මෙම තර්කය ඕනෑම යුගල ප්‍රතිපක්ෂයට (binary opposition) ආරෝපණය කළ හැක.

    ඉහත අන්ත දෙක නිරන්තර ව ගැටේ. එසේ ගැටෙන්නේ දෙකම එකම ආකාරයක, එහෙත් එකිනෙකට විරුද්ධ බල දෙකක් නිසාය. එම අන්ත දෙක ගැටෙන අතර ම, ඒ තනි තනි අන්ත තුළ ද එවැනි අන්ත නැවත නැවත නැවතත් ගැටේ. ඒ අනුව නොගැටෙන තැනක් නැත. සියල්ල ගැටේ.

    ගැටීමේ අරමුණ කුමක්ද ? ඒ අනෙකක් නොව පැවැත්මයි, එනම් නිර්මාණයයි. අප හා ලෝකය අලුතින් නිර්මාණය වන්නේ ඉහත ගැටීම නිසා ය. ගැටීම යනු ස්වයං ක්‍රියාවලියකි. එය ස්වයං පැවැත්මකින් ( self-sustainable) යුතුය. එනම් කිසිවෙකු විසින් එය මෙ⁣හෙයවිය යුතු නැත.

    ගැටෙන්නේ ඇයි? ගැටෙන්නේ අන්තවලින් එකකටවත් ස්වයං පැවැත්මක් නැති හෙයිනි. එනම් පරම පැවැත්මක් නැති හෙයිනි. යමකට පරම, නොසෙල්වෙන, සංස්කරණය නොවන පැවැත්මක් තිබේ නම් එය අනෙකක් හා ගැටිය නොහැකිය. මන්ද ගැටීම හරහා සංස්කරණය වන හෙයිනි. පරම දේවල් සංස්කරණය හෝ වෙනස් වන්නේ නැත. එසේ විය නොහැක. ඒ අනුව, ගැටීමේ පදනම ම පරායත්ත බවයි. එනම් එකක් අනෙක මත පැවතීමයි. පටිච්චසමුත්පාදය මගින් කියන්නේ එයයි. එකක් අනෙක මත යැපීමයි. "ඉමස්මිං සති ඉදං හෝති. ඉමස්මිං අසති ඉදං න හෝති" කීවේ එනයි.

    දැන් යමක් ශූන්‍ය වන්නේ කෙසේද ? දැනටමත් මා එය කියා ඇත. එනම්, යමකට ස්වයං පැවැත්මක් නැතිනම්, එනම් යමක් පැවතීම සඳහා අන් යමක් අවශ්‍ය නම්, ඒ එකකටවත් ස්වයං පැවැත්මක් නැත. දෙකම පවතින්නේ දෙකම නිසාය. එහි අර්ථය නම්, අප කතා කරන ඉහත "යම" සාරයක් නොමැති, නිති වෙනස්වන "යම" ක් බවයි. එම "යම" කොතරම් දුරට, කොතරම් ඇතුළට බෙදාගෙන ගිය ද සාරය (substance) හමු නොවේ. එනම් බෙදිය නොහැකි "යම" ක් හමු නොවේ. කොටින් ම එය ශූන්‍ය වේ.

    අවසන් වශයෙන් කිව යුත්තේ ශූන්‍ය යනු අද අප ඊට ලබා දී ඇති නිෂේධනාත්මක අර්ථය නොව, එය සියලු පැවැත්මේ මව හෙවත් අම්මා බවයි. එය ධනාත්මකබවේ උපරිමයයි. සියලු දෙය වන්නේ ශූන්‍ය නිසා ය. යම් පරමයක් තිබේ නම් එය මරණය සමය. මන්ද ඊට අලුතින් නිර්මාණය විය නොහැකි හෙයිනි.

    මහාචාර්ය මහින්ද පතිරණ
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,208
    3,687
    113
    මේ කියල තියෙන එක ඇත්තටම මටත් ලොකුවටම තේරුන් නෑ ඒත් කෙනෙක්ට වැදගත් වෙයි කියල දාන්නෙ.

    නාගර්ජුන හාමුදුරුවන්ගෙ ශූන්‍යතාවය කියන්නෙ පටිච්චසමුප්පාදයට යොදපු තවත් නමක් කියලා තමා මම තේරුම් අරන් තියෙන්නේ. ශූන්‍ය කියන වචනය තේරුම් ගන්න "ස්වාභාව" කියන වචනය තේරුම් ගන්න අවශ්‍යයි. ඔය සම්බන්ධව ලෙක්චර් සීරීස් එකක් තියනවා දැනට මම ගාව ලින්ක් නැහැ. ලිංක් හම්බුනොත් PM එකක් දාන්නම්.

    ශූන්‍යතාවය ථේරවාද කැනොන් එකෙන් ඉස්මතු කරලා පෙන්වන දේශනා (ලෙක්චර්ස්) අවශ්‍යයි නම් කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවන්ගෙ දේශනා බලන්න. (නිවනේ නිවීම, පටිච්චසමුප්පාද දේශනා සහ මනසේ මායාව)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,028
    1
    44,117
    113
    මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තියෙනවා. මේ ගැන.

    කියවල තියෙනවද.
    ......

    ශූන්‍ය යන සංකල්පය කවුරුන් විසින් සොයා ගත්තේ ද යන වග සම්බන්ධයෙන් ආචාර්ය Nalin de Silva මේ දිනවල විවිධ ලිපි පළ කරනු දුටුවා. එම ලිපිවල අවධානය යොමු වී ඇත්තේ ශූන්‍ය පිළිබඳ ඓතිහාසික වර්ධනය පිළිබඳ කතා කිරීමයි. එහෙත් ශූන්‍ය යන්න ශූන්‍ය වන්නේ ඇයි ද යන්න කීමට ඔහුට හැකි වී නැත. අප ශූන්‍යතා සංකල්පය පිළිබඳ කතා කිරීමේ දී වැදගත් වන්නේ ශූන්‍යතාව පිළිබඳ කතා කිරීම (about Sunyata) නොව, ශූන්‍යතාව ම කතා (of Sunyata) කිරීම බව මගේ අදහසයි. අප මේ පිළිබඳ 2016 වසරේ සිට මෙම වෝලයේ ම ලිපි පළ කර තිබෙන අතර අවශ්‍ය නම් ඒවා මගේ වෝලයෙන් ලබා ගත හැකියි.

    ශූන්‍යතාවේ ස්වභාවය පිළිබඳ බුදුන් වහන්සේ තරම් අන් කිසිවෙකු පැහැදිලි කර නැහැ., මුළු පටිච්චසමුත්පාදය ම මේ පිළිබඳ අපූරු පැහැදිලි කිරීමක්. එහි අර්ථය "සාරයක් නොමැතිව වීමයි" (becoming without substance). එනම් ස්ථිර ආත්මයක් හෝ දෙවියෙකු හෝ පරමයක් (thing-in-itself) නොමැතිව, හුදු ශූන්‍යතාව නිසාම දේවල් පැවතීමයි. ශූන්‍ය නැතිනම් දේවල්වලට (things) පවතින්න බැහැ. ඉන්න මම පැහැදිලි කරන්නම්.

    යමක් ශූන්‍ය වන්නේ කෙසේ ද? ලෝකය පවතින්නේ අන්ත දෙකක් ඇසුරු කරගෙනයි. කච්චානගොත්ත සූත්‍රයේ දී බුදුන් වහන්සේ එය පැහැදිලි ව දක්වා ඇත. එම අන්ත දෙක නම් ඇත හා නැත යන අන්ත දෙකයි. අවශ්‍ය නම් කෙනෙකුට මෙම තර්කය ඕනෑම යුගල ප්‍රතිපක්ෂයට (binary opposition) ආරෝපණය කළ හැක.

    ඉහත අන්ත දෙක නිරන්තර ව ගැටේ. එසේ ගැටෙන්නේ දෙකම එකම ආකාරයක, එහෙත් එකිනෙකට විරුද්ධ බල දෙකක් නිසාය. එම අන්ත දෙක ගැටෙන අතර ම, ඒ තනි තනි අන්ත තුළ ද එවැනි අන්ත නැවත නැවත නැවතත් ගැටේ. ඒ අනුව නොගැටෙන තැනක් නැත. සියල්ල ගැටේ.

    ගැටීමේ අරමුණ කුමක්ද ? ඒ අනෙකක් නොව පැවැත්මයි, එනම් නිර්මාණයයි. අප හා ලෝකය අලුතින් නිර්මාණය වන්නේ ඉහත ගැටීම නිසා ය. ගැටීම යනු ස්වයං ක්‍රියාවලියකි. එය ස්වයං පැවැත්මකින් ( self-sustainable) යුතුය. එනම් කිසිවෙකු විසින් එය මෙ⁣හෙයවිය යුතු නැත.

    ගැටෙන්නේ ඇයි? ගැටෙන්නේ අන්තවලින් එකකටවත් ස්වයං පැවැත්මක් නැති හෙයිනි. එනම් පරම පැවැත්මක් නැති හෙයිනි. යමකට පරම, නොසෙල්වෙන, සංස්කරණය නොවන පැවැත්මක් තිබේ නම් එය අනෙකක් හා ගැටිය නොහැකිය. මන්ද ගැටීම හරහා සංස්කරණය වන හෙයිනි. පරම දේවල් සංස්කරණය හෝ වෙනස් වන්නේ නැත. එසේ විය නොහැක. ඒ අනුව, ගැටීමේ පදනම ම පරායත්ත බවයි. එනම් එකක් අනෙක මත පැවතීමයි. පටිච්චසමුත්පාදය මගින් කියන්නේ එයයි. එකක් අනෙක මත යැපීමයි. "ඉමස්මිං සති ඉදං හෝති. ඉමස්මිං අසති ඉදං න හෝති" කීවේ එනයි.

    දැන් යමක් ශූන්‍ය වන්නේ කෙසේද ? දැනටමත් මා එය කියා ඇත. එනම්, යමකට ස්වයං පැවැත්මක් නැතිනම්, එනම් යමක් පැවතීම සඳහා අන් යමක් අවශ්‍ය නම්, ඒ එකකටවත් ස්වයං පැවැත්මක් නැත. දෙකම පවතින්නේ දෙකම නිසාය. එහි අර්ථය නම්, අප කතා කරන ඉහත "යම" සාරයක් නොමැති, නිති වෙනස්වන "යම" ක් බවයි. එම "යම" කොතරම් දුරට, කොතරම් ඇතුළට බෙදාගෙන ගිය ද සාරය (substance) හමු නොවේ. එනම් බෙදිය නොහැකි "යම" ක් හමු නොවේ. කොටින් ම එය ශූන්‍ය වේ.

    අවසන් වශයෙන් කිව යුත්තේ ශූන්‍ය යනු අද අප ඊට ලබා දී ඇති නිෂේධනාත්මක අර්ථය නොව, එය සියලු පැවැත්මේ මව හෙවත් අම්මා බවයි. එය ධනාත්මකබවේ උපරිමයයි. සියලු දෙය වන්නේ ශූන්‍ය නිසා ය. යම් පරමයක් තිබේ නම් එය මරණය සමය. මන්ද ඊට අලුතින් නිර්මාණය විය නොහැකි හෙයිනි.

    මහාචාර්ය මහින්ද පතිරණ
    නලින් ද සිල්වා? මහින්ද පතිරණ?

    Fozzie Bear Reaction GIF
     
    • Haha
    Reactions: Pavindu Lakshan