ශ‍්‍රී පාදයේ යන්නට ඊයේ සිට මුදල් ගෙවා ප‍්‍රවේශ පත‍්‍ර.. ශ‍්‍රීපාද හිමිගේ විරෝධය…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ‍්‍රී පාදයේ යන්නට ඊයේ සිට මුදල් ගෙවා ප‍්‍රවේශ පත‍්‍ර.. ශ‍්‍රීපාද හිමිගේ විරෝධය…

    අවාරය හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ ක්‍රියාවක් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.

    මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (05) දින ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රි පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරිමක් සිදු නොකල බවත්, වර්තමානයේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට පැමිණෙන හෝ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අවාරයේ මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ බවයි.

    තමන්නේ අවසර ලබාගෙන භුතානයෙන් පැමිණ සංචාරකයන් පිරිසක් (05) දින අළුයම ශ්‍රි පාදස්ථානය සංචාරයක් සදහා ගිය බවත්, එම සංචාරකයන්ගේ නල්ලතන්නිය ශ්‍රි පාදස්ථාන ප්‍රධාන මාර්ගයේ මකර තොරණ අසල පිහිටි වනජිවි සංරක්ෂණ කාර්යාලයෙන් එක් සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවයි.

    ශ්‍රි පාද රත්නපුර සහ හැටන් මාර්ගයේ පියගැටපෙල ඇතුළු වන්දනාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට තමන් කටයුතු කල බවත්, ඒ සදහා වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කිසිදු අයුරකින් සහයෝගයක් ලබා නොදි අවාරයේ ශ්‍රි පාදස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිම ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

    ශ්‍රි පාදස්ථානය අවාරයේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් අප නල්ලතන්නිය වනජිවි සංරක්ෂණ කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සදහා 2022 වසරේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි.

    එම ගැසට් පත්‍රය අනුව (04) දින පස්වරුවේ සිට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රි පාදස්ථාන සංචාරයේ යෙදෙන විදේශිය සංචාරකයෙකුට ඩොලර් 5 ක මුදලක් , සාර්ක් රටවල් වලින් පැමිණෙන විදේශිය සංචාරකයන්ට ඩොලර් 4 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට තමන්ට වනජිවි දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින්ගෙන් උපදෙස් ලැබුණු බවයි.


    දේශිය සංචාරකයන්ට රු 40 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ශ්‍රි පාද අවාරයේ පමණක් සිදු කරන බවයි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.


    අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ට වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නල්ලතන්නිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේද විරෝධය මතු වි ඇත.



    1212.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,709
    50,082
    113
    සේදවත්ත
    නෑ ටිකට් එකක් කඩලා , බඩු චෙක් කරන්නයි සුද්ද කරන්නයි ඔය ලයිට් වලට ගෙවන්නයි ක්‍රමයක් හදන්නම ඕනේ. අපේ පම්කයන්ට නිකං දුන්නම විනාස කරනවා හැත්ත බුරුත්ත 69 වාරයක් නිකං නගිනවා බහිනවා . ඕවගෙන් ලැබෙන සල්ලි වලින් කේබල් කාර් දාන්න ඕනේ එමයි ලෝක බෞද්ධ ජනතාව ආකර්ශනය කරගන්නේ . කිසිම දෙයක් කොරන්න බෑ මේ රටේ ඝණයෝ නිසා. රනිල් ස ඝණ ආධිපත්‍යය සුනු විසුනු කරලා දාන්න යන්නේ . එකනම් සුපිරි
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මම මේ නිකන් දැන ගන්න අහන්නේ. ඔය ටිකට් ගන්න එපා නම් ඔය එකතු වෙන සල්ලි වියදම් වෙන්නේ (පිං කැට වලට එහෙම) මොනවටද?
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    නෑ ටිකට් එකක් කඩලා , බඩු චෙක් කරන්නයි සුද්ද කරන්නයි ඔය ලයිට් වලට ගෙවන්නයි ක්‍රමයක් හදන්නම ඕනේ. අපේ පම්කයන්ට නිකං දුන්නම විනාස කරනවා හැත්ත බුරුත්ත 69 වාරයක් නිකං නගිනවා බහිනවා . ඕවගෙන් ලැබෙන සල්ලි වලින් කේබල් කාර් දාන්න ඕනේ එමයි ලෝක බෞද්ධ ජනතාව ආකර්ශනය කරගන්නේ . කිසිම දෙයක් කොරන්න බෑ මේ රටේ ඝණයෝ නිසා. රනිල් ස ඝණ ආධිපත්‍යය සුනු විසුනු කරලා දාන්න යන්නේ . එකනම් සුපිරි
    manam kiyanne Rs. 1000 k unath gaththata kamak naha ape un karana nosandala weda dakkama... :rolleyes2:
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,709
    50,082
    113
    සේදවත්ත
    manam kiyanne Rs. 1000 k unath gaththata kamak naha ape un karana nosandala weda dakkama... :rolleyes2:
    ඔව් ඔව් ටිකක් ලොකු ගානක් අරන් ඔය සොමියට නගින උන් අඩු කරන්න ඕනේ . ජිවිතේ 1 පාරක් ගියාම ඇති
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මම යනකොට ගෑනුත් සුරුට්ටු බිබී කරුණා කරන්නේ .. කොල්ලොත් සිගරැට් ගහනවා..දැන් කිසිම ගරුත්වයක් නෑ..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බුදුන් වදින්න සල්ලි ගෙවන්න උනා එහෙනම් 😄

    තැන්ක්ස් බෛයනේ 🙏
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විදේශිය සංචාරකයෙකුට ඩොලර් 5 ක මුදලක් , සාර්ක් රටවල් වලින් පැමිණෙන විදේශිය සංචාරකයන්ට ඩොලර් 4 ක මුදලක්

    81igq7.jpg
     
    • Haha
    Reactions: olu bakka